විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මතකර ගැනීම සඳහා 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට සහය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයකු පසුගියදා සිදුකල ප්‍රකාශයක් විකෘතිකර
ඇතිබවට ආණ්ඩුවේ 'ජාතිකවාදීන්' විසින් පවත්වාගෙනයන වෙබ් අඩවි කිහිපයකට චෝදනා එල්ලවී ඇත.
තමා විසින් සිදුකළ ප්‍රකාශයක් මුළුමනින්ම විකෘතිකර ඇති බවට එසේ චෝදනා කරන්නේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ය. ඔහු නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයකු ද වේ.
කොරෝනා අසාදනයෙන් මියගිය මුස්ලිම්වරුන්ගේ අවසන් කටයුතු සිදුව ඇති ආකාරය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්රධානයකු වූ නසීර් අහමඩ් මන්ත්‍රීවරයා පසුගියදා පැවති රැස්වීමක දී සඳහන් කර තිබිණ.
ඔහු විසින් කළේ යයි කියන ප්‍රකාශය ආණ්ඩුවට පක්ෂපාති emanisa.lk වාර්තා කර ඇත්තේ, ''මුස්ලිම් මෘතදේහ පිච්චුවේ නෑ..! රටට පේන්න හිස් මිනී පෙට්ටි 181ක් පිච්චුවා…! – නසීර් අහමඩ්…'' යන ශීර්ෂයෙන් යුතුවය.
පිච්චුවේ මිනී පෙට්ටි 181ක් බවත් මේ වනවිට කොවිඩ් ආසාදික මරණ 39ක් භූමදානය සිදු කර ඇති බවත්, ආණ්ඩුව තමන්ට සහාය දුන් බවත් මඩකලපුව දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, නසීර් අහමඩ් පැවසු බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
එම පුවත් වාර්තාවට අනුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්‍රීවරයා ඒ බව පවසා ඇත්තේ, ඔට්ටමාවඩිහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් නසීර් අහමඩ් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුවට සහාය පලකරමින් ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්‍රීවරු අතර සිටි මන්ත්‍රීවරයෙකි.
නසීර් අහමඩ් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ යැයි කියන කතාව ආණ්ඩුවට පක්ෂපාති lanka C news වාර්තා කර ඇත්තේ, ''ආදාහනය කලා මිනී පෙට්ටි 182ක්.. ආණ්ඩුව ඒකට අපට උදවු කලා..- මුස්ලිම් කොංග්‍රසය හෙලි කරයි..' යන ශීර්ෂයෙන් යුතුවය.
මිනී පෙට්ටි 182 ආදාහනය කළ බවත් ඒවායේ සැඟවුණු තොරතුරු ඇති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කර ඇතැයි එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
එහි අමතමින් එසේ කියා සිටියේය.
''මිනී පෙට්ටි 182ක් ආදාහනය කලා. මම එතැනින් නවතිනවා. මේ ගැන නිල තොරතුරු තියනවා. සැඟවුණු තොරතුරුත් තියනවා. මේ සෑම දේටම එහා ආණ්ඩුව ඒ පිළිබඳව අපිට ඒ තරම්ම උදව් කළා. අපේ ගැටළු ඔවුන් තේරුම් අරන් තියෙනවා. හදිසියේම මෘතදේහ 39ක් ගෙනාවෙ කොහොමද කියල හිතන්න හොඳ නෑ. මේකට තමයි අපි වැඩ කළේ’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්, ඔට්ටමාවඩි සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පැවසු බව එම පුවත්පත් වාර්තාවේද සඳහන් වේ.
මුස්ලිම් නායකයින්ගේ පරස්පර කතා !
කෝවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ගණන් හිලව් සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලන නායකයින් පවසන්නේ එකිනෙකට පරස්පර ප්‍රකාශයන් බව පෙනේ.
NUA පක්ෂයේ නායක, හිටපු ආණ්ඩුකාර ආසාද් සාලි පෙබරවාරි 27 දා මාධ්‍ය හමුවේ පැවසුයේ, මුස්ලිම්වරුන්ගේ මෘතදේහ 380 ක් පමණ පසුගිය මාස කිහිපයෙහි ආදාහනය කර ඇති බවයි.
අනතුරුව මාර්තු 06 දා මාධ්‍ය හමුවක් කැඳවමින් සමගි ජන බලවේගයේ ත්‍රීකුණාමල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් පැවසුයේ, මියගිය මුස්ලිම් ජාතිකයින් 330කගේ මෘතදේහ ආදාහනය කර ඇති බවකි.
'අනිද්දා' පුවත්පත සමග පසුගිය දෙසැම්බර් 28 දා සිදුකළ සාකච්ජාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් පවසා තිබුනේ, ජන කොටසකට රිදවන්න ආණ්ඩුවට ඕනෑවෙලා තියෙන බවයි.
ඒ අතර, මාර්තු 10 දා පාර්ලිමේන්තුව අමතමින් නසීර් අහමඩ් පැවසුයේ, පසුගිය වසරක කාල සීමාව තුල මෙරට මුස්ලිම්වරුන්ගේ ජනාසා අදාහන සම්බන්ධයෙන් පැවති ගැටලුවට පසුගිය සිකුරාදා උදෑසන 5.48 ට අවසන් තිත තබනු ලැබු බවයි.
මින් පසුව කොරෝනා අසාදනයෙන් කවුරුහරි මිය ගියද ඒ අයගේ මෘතදේහ සූඩුපත්තින සේනෛ හි භූමදානය කිරීමට හැකියාව ලැබී ඇතැයි පැවසු නසීර් අහමඩ් මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් බැසිල් රාජපක්ෂ වෙතත් ස්තුතිය පළකර සිටියේය.
''මුස්ලිම්වරුන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් පැවති අර්බුදයට අවසන් තිත තැබීමට, අපගේ අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, ගරු බැසිල් රාජපක්ෂ මහතාටත්, ගරු දිනේෂ් ගුණවර්ධන, ගරු වාසුදේව නායක්කාර වැනි ඇමතිවරුන් උපකාර කළා. මෙහි අවසානයක් දැකීම සම්බන්දයෙන් මම මේ අවස්තාවේදී ඔවුන් වෙත ස්තුතිය පුද කරනවා.'' යයි ඔහු කියා සිටියේය.
විසිවන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට පසුගිය ඔක්තෝබර් මස 22වෙනි දින වත්මන් රජයට සහය දැක්වීම හේතුවෙන් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් විපක්ෂයේ නිර්දය විවේචනයට ලක්වූ බව පැවසු මන්ත්‍රීවරයා, එසේ තමන්ට අවමන් කල ගෞරවනීය පාර්ලිමේන්තුවරු මෙහි සිටින බවත් පැවසිය.
නසීර් අහමඩ් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසිය.
''මෙම රජයට සහයෝගය දැක්වූ නිසාවෙන්ම මුස්ලිම් ජනාසා ආදාහනය කල බවට අපට චෝදනා කළා. ඒ විතරක්ම නෙමෙයි, විවිධ අසත්‍ය ප්‍රචාරණ තවදුරටත් ප්‍රචාරණය කරමින් තිබෙනවා.
ගරු ඉම්රාන් මහ්රූෆ් මන්ත්‍රීතුමා දවස් 5කට පෙර පැවසුවා, ආදාහනය කරනු ලැබූ මෘත දේහ 497 කින් මෘත දේහ 334ක් මුස්ලිම්වරුන්ගේ බව. එහි සත්‍යයක් නෑ. මුස්ලිම් ජනාසා 181ක් ආදාහනය කළා. එය කණගාටු දායක පුවතක්. එය සිදු නොවිය යුත්තක්. මේ රටේ මෙවැනි සිදුවීමක් ඇති නොවිය යුතු බව බලා පොරොත්තු වෙනවා.
අසත්‍ය ප්‍රචාරණ කරගෙන යන විට ජාතීන් අතරේ ගැටළු සහගත තත්වයක් උද්ගතවීම යථාර්තයක්. අපේ රටේ ජනකොටස් අතර මෙවැනි ගැටළු මේ ආකාරයට සිදු නොවීමට අප වගබලාගත යුතුයි, එයට තිත තැබිය යුතුයි.
අප රටේ මෙවැනි සුළු ප්‍රශ්ණ බරපතල ගැටළු ලෙස වර්ධනය වීම හේතුවෙන් මේ රටේ ජාතීන් අතර අර්බුද, ජාතීන් අතර ගැටළු මතු වී, ජාති, ආගම් වශයෙන් බෙදී රට විනාශ වී යන ආකාරය ගැන මේ ගෞරවනීය සභාවේ අවධානය යොමුකරනවා. මෙවැනි ගැටළු මතුවූ අවස්ථාවේදීම නවතාලීමට අවශ්‍යයි.
හමුදාවට මල්මිටක් !
එබැවින් මෙම ජනාසා සම්බන්ද කරුණු මාර්තු මස 05 වනදා උදෑසන IDH රෝහලේ තිබූ අසනතුම්මා යන අයගේ ජනාසා රැගෙන, එමෙන්ම මගේ මිත්‍රයා වන කලීල් හාජියාර්ගේ දේහයත් රැගෙන යමින් මා හට මේ රටේ හමුදාව ඉතා විශාල සහයෝගයක් දැක්වුවා.
මේ සම්බන්දයෙන් මාගේ ප්‍රශංසාව මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ ජනාසා සම්බන්දයෙන් අපගේ හමුදාව ඉතා ගෞරවනීය ලෙස ක්‍රියා කළා.
IDH රෝහලෙන් 5.48 ට පිටත් වූ අප 10.14 ට කුරුණෑගලින් ඊලග ජනාසවද රැගෙන ඔට්ටමාවඩි සූඩුපත්තින සේනෛ දක්වා ලගාවෙනතුරු කැප්ටන් සෙනෙවිරත්න වතුර බිදක්වත් නොබී අප සමග සිටියා.
වසරකට පසුව මේ රටේ කොරෝනා හේතුවෙන් මිය ගිය දේහයක් 5 වනදින සූඩුපත්තින සේනෛ 3:46 ට භූමදානය කළා.
එහිදීද කැප්ටන් හා බ්‍රිගේඩියර් ප්‍රදීප්, මේජර් ජෙනරාල් කොස්වත්ත යන නිලධාරීන් මෙම දේහයන් ඉතාමත් ගෞරවනීය ලෙස භූමදානය කිරීමට දැක්වූ කැපවීම ගැන මා මෙහිදී ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරවනවා.
එමෙන්ම, ඕට්ටමාවඩි ප්‍රාදේශීය සභා හා ඕට්ටමාවඩියේ සියලු ජනතාව, ඕට්ටමාවඩි උලමා සභා හා වාලච්චේනෛ ප්‍රමුඛයන් එහි දී අපට උපරිමයෙන් සහයෝගය දුන්නා. ඒ සියල්ලන්ටම මාගේ ස්තුතිය පුද කරනවා.
දැන් විවිධ ව්‍යාජ ප්‍රචාරණ ගෙනියනවා.
අපි පසුගිය සිකුරාදා සිට මේ දක්වා ජනාසා 39 ක් භූමදානය කළා. ඉන්පසු දැනට අනුරාධපුරයේ පමණක් ජනාසා එකක් තිබෙනවා. ඊයේ මම වීඩියෝවක් බැලුවා. ජනාසා 11ක් අද එන බව කියනවා. දිනපතා ව්‍යාජ ප්‍රචාරණ කිහිපයක් යනවා.
මින් පසුව කවුරුහරි මිය ගියහොත් සූඩුපත්තින සේනෛ හි භූමදානය කරන්නට පුළුවන්.'' නසීර් අහමඩ් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.
###############
කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?
අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ