අනාගත පරම්පරා වෙනුවෙන් ත්‍රිපිටකය ආරක්ෂා කර තැබීම සදහා "ත්‍රිපිටක සංරක්ෂිත  පනතක්" පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමට අවශ්‍ය පියවර ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජය පවසන පරිදි බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට පිළිගැනීමට ලක්වී ඇති හෙයින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමකි.
 
1956 වර්ෂයේදී 2500වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම නිමිති කොට ගෙන ත්‍රිපිටකය සිංහල භාෂා පරිවර්තන සහිතව මුද්‍රණය කර ඇත.
 
ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් 2019 පෙබරවාරි 07 දිනැති ගැසට් නිවේදනය මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කර ඇති අතර, එමගින් රජයේ අවසරයකින් තොරව එය සංස්කරණය කිරීම, වැරදි අර්ථකතන ලබා දීම හෝ පරිවර්තනය කිරීම වළක්වා ඇති බව රජය පවසයි.
 
අනාගත පරම්පරාවන් වෙනුවෙන් ත්‍රිපිටකය ආරක්ෂා කර තැබීම සදහා "ත්‍රිපිටක සංරක්ෂිත පනතක්  " පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමටත්, ඒ සදහා පනත් කෙටුම්පත සකස් කිරීම සදහා නීති කෙටුම්පත් සම්පාදකයන්ට උපදෙස් ලබා දීම පිණිසත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව මාර්තු 15 රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
 
###############
 
 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්