ඇමති විමල් 'ටුබැකෝ' සමග 'ගේමට' බසී.
 
 ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) හඳුන්වා දෙමින්, අමාත්‍ය විමල් විරවංශ ලංකා දුම්කොල සමාගම හෙවත් සීලොන් ටුබැකෝ සමාගමට තරඟයක් දීමට සුදානම් වේ.
 
කුරුඳු සිගරැට්ටුව මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
 
කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ඊයේ (17) පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා ය.
 
මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පවසයි.
 
 
 
“බාල්දි පෙරළීමට” බලාසිටින කස්ටිය ?
 
 
බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට “බාල්දි පෙරළීමට” බලා සිටින බව පවසන අමාත්‍යවරයා, නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව  අවධාරණය කළේය.
 
 
 
කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. 
 
ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා එහිදී පැවසිය. 
 
 
 
සමාජ මාධ්‍ය අවධානයක් 
 
 
 
විමල් විරවංශ අමාත්‍යවරයා සුරුට්ටුවක් දල්වා ගෙන සිටින ජයාරූප මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ද ගොඩනැගෙමින් තිබේ.
 
මේ එවැනි ෆේස්බුක් සටහන් කිහිපයකි.
 
 

Screen Shot 2021 03 18 at 12.02.28 PM

 
 
 
හොඳ නිර්මාණයක් කාලෙකින්.  ??
 uvindu 2021.03.18
 
  
දැන් ඇමතිවරු ඇඩ්වලටත් පෙනී ඉන්නවා....
 
මේ විනය වැදගත්...
 
බුද්ධිමත් විනයගරුක නායකයන් මේ රටට අවශ්‍ය මේ නිසයි..
 
දේශීයව කොණ්ඩම් එකක් නිශ්පාදනය කළාම ඇඩ් එකට විමල් ඉදීවිද නැත්නම් ඩිලාන් පෙරේරට දීලා නිකං ඉදීද?
 
 Screen Shot 2021 03 18 at 12.20.35 PM
  
 
###############
 
 

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්