නිර්මාණ අයිතිය - සංජය ඈපා සෙනවිරත්න 
 
 
පසුගිය දා සිරස රූපවාහිනිය මඟින් ප්‍රචාරය වූ 'ලක්ෂපති' වැඩසටහනට සහභාගී වූ දැරිවියකගෙන් පොලීසිය ප්‍රශ්ණ කිරීම මඟින් ප්‍රදර්ශණය කර ඇත්තේ 1940 ගණන්වලදී හිට්ලර්ගේ නාසි ගෙස්ටපෝ හමුදාවේ ක්‍රියාන්විතයක් බව බව පවසන හිටපු කතානායක කරු ජයසුරිය, එය මේ රටේ ජනතාවට කර ඇති සාහසික අනතුරු ඇගවීමක් බවත්, මෙම ක්‍රියාවේද අවසන් වගකීම පැටවෙන්නේ ද ජනාධිපතිවරයාගේ පාලනයට බවත් කියා සිටියි.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපතිවරයා වන ඔහු එම කරණය සඳහන් කර සිටියේ, කොළඹ ජානකී හෝටලයේදී අද (18) පැවැති මාධ්‍ය සාකච්ජාවේදීය. 
 
මෙම සිද්ධියෙන් ද පෙන්නුම් කරන්නේද මේ රට ගමන් කරමින් පවතින පිරිහීමේ දිශාව යැයි ඔහු අවධාරණය කළේය.
 
ඇය එසේ ප්‍රශ්න කිරීමට ලක්වීමට හේතුව ඇය ජීවත්වන ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයක් පිලිබදව කරුණු දක්වා තිබීම බව පැවසු කරු ජයසුරිය, කිසියම් විවේචනයක් කල පමණින් මාධ්‍යවේදියෙක් හෝ සාමාන්‍ය දැරිවියක් පීඩාවට පත්කරන්නේ නම් එය බරපතල ලෙස හෙලා දැකිය යුතු තත්වයක් බව සඳහන් කළේය.
 
 
 Screen Shot 2021 03 18 at 9.23.56 PM
 
 
 
''ඇත්තටම පොලීසිය හෝ වනජීවී නිලධාරීන් හෝ ග්‍රාමනිලධාරී හෝ කලයුතුව තිබුණේ ඇය කිවූ දෙයට සවන්දීමටයි. ඇයට හිරිහැර නොකර ඇය මතුකල කරුණු පිළිබදව සොයා බැලීමයි. මෙහිදී අපට සිහිවන්නේ ඇඟේ වැසූ මැස්සා එලවිමට මෝඩ වදුරෙක් කර ඇතැයි කියන ක්‍රියාවයි. පොලීසිය එසේ නොකල යුතුයි. පොලීසියේ ගෞරවය හා අභිමානය රැකගැනීමට පොලිස්පතිවරයා නොපමාව ක්‍රියාකල යුතුයි. '' - කරු ජයසුරිය 
 
 
එම මාධ්‍ය හමුවේදී කරු ජයසුරිය තවදුරටත් මෙසේද සඳහන් කළේය.
 
 

1599629542 Ven medagoda abethissa l

 
'' මහාචාර්ය ගරු මැදගොඩ අභයතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ මාධ්‍ය තුළින් ප්‍රකාශ කර ඇති වටිනා අදහසක් කෙරෙහිද 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' විශේෂ අවධානයක් යොමුවී තියනවා. එහිදී උන්වහන්සේ කියා ඇත්තේ ජනාධිපතිතුමාට සිය සෘජු බව පෙන්වීමට මෙය සුදුසුම අවස්ථාව වන බවයි. ''
 
මේ රටේ ජනතාව එතුමා ජනාධිපති පදවියට පත්කර ගත්තේ නීතිගරුක සමාජයක් ගොඩනැඟීමට බව එහිදී උන්වහන්සේ පෙන්වා දි තිබෙනවා. 
 
උන්වහන්සේ ජනාධිපතිතුමන්ට නිරන්තරයෙන්ම අවවාද හා අනුශාසනා ලබාදෙනවා. ඒ අනුව උන්වහන්සේගේ මෙම අනුශාසනාව පිළිබඳව ගරු ජනාධිපතිතුමා යොමුකරනු ඇතැයි අප විශ්වාස කරනවා. 
 
ඒ වගේම එතුමා බලයට පත්කරගැනීමට මේ රටේ ගෞරවණීය මහා සංඝරත්නය අසම සම මැදිහත්වීමක් සිදුකලා.'' යයි පැවසු කරු ජයසුරිය හිටපු කතානායකවරයා,  ''ඒ නිසා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගනිමින් ගරු ජනාධිපතිතුමා ඉදිරියේදී හෝ ක්‍රියාකරනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙනවා.'' කියා සිටියේය.
 
 
 
 
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය :
 
 
 
 
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී ද අදහස් දැක්වූ කරු ජයසුරිය, ''අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා මිනිස් අයිතිවාසිකම් පැහැරගත් 20 වන සංශෝධනය මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිම ආකාරයකින් අනුමත නොකරන බව අවධාරණය කර සිටියේය.
 
තවදුරටත් ඒගැන කරුණු ගෙනහැර දැක්වූ හෙතෙම මෙසේද සඳහන් කළේය.
 
''20 වන සංශෝධනය සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබානොගත් බව ජනාධිපතිවරයාම සඳහන් කරඇති බව අප දුටුවා. එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිතුමා බෞද්ධ උපදේශක මණ්ඩලය හමු වූයේ නැහැ. එය අපටත් ගැටලුවක් වුණා. 
 
ඒ වගේම 20 වන සංශෝධනය සඳහා දැනුවත් කිසිදු මහතෙරනමක් ආශිර්වාද නොකරන බව ප්‍රමුඛ පෙළේ හික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම අපටත් දැනුම් දුන්නා.
 
 
 
 
''ඒ වගේම ලාංකීය ජනතාවගෙන් 80% කට වැඩි පිරිසක් 20 වන සංශෝධනය ප්‍රතික්ෂේප කර ඇති බව සමීක්ෂණ වාර්තා මඟින් අප දැනගත්තා. ඒ වගේම දැනට රට තුළ නිර්මාණය වී ඇති සියලු ආකාරයේ අවුල් වියවුල්වලට 20 වන සංශෝධනය හේතු වී ඇති බව අප වගකීමකින් යුතුව සඳහන් කිරීමට කැමැතියි. ''
 
 
 
රටේ පාලනයට හවුල්වීමට සඳහා ද්විත්ව පුරවැසියන්ට ද අවස්ථාව ලබාදීම වැනි රටේ සියලුම අවුල් වියවුල්වලට 20 වන සංශෝධනය හේතුවක් වී ඇතැයි පැවසු කරු ජයසුරිය,'' රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස අහිමිකරලන 20 වන සංශෝධනය ගැන ජනාධිපතිතුමා නැවත සිතාබැලිය යුතු බව අපගේ හැඟීමයි.'' යයි ස කියා සිටියේය.
 
 
 
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය:
 
 
 
ජනාධිපති පදවි ප්‍රාප්තිය පිළිබද පලමු වන සංවත්සරයට පෙර නව ව්‍යවස්ථාවක් රටට හදුන්වා දෙන බව පොරොන්දු වූයේ ජනාධිපතිවරයාම බව සිහිපත්කළ කරු ජයසුරිය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කරන, රටේ ස්වෛරීභාවය හා ස්වාධිපත්‍ය තහවුරු කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටීම අපගේ ජාතික වගකීමක්මේ බවත්,  රටේ අනාගත පරපුර වෙනුවෙන් ඉටුකල යුතුව ඇති වැදගත්ම කාර්ය භාරයක් බවත් අවධාරණය කර සිටියේය.
 
''ඒ අනුව රටට හඳුන්වා දෙන නව ව්‍යවස්ථාව රටේ සියලුම ජාතීන්ට සමඟියෙන්, සමාදානයෙන්, සහජීවනයෙන් හා ආත්මතෘප්තියෙන් යුක්තව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කල යුතු වෙනවා. ඒ අනුව නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී 20 වන සංශෝධනය මඟින් නිර්මාණය කර ඇති ඒකාධිපති බලතල ඉවත්කල යුතුම වෙනවා.
 
එසේ නොකර එකී ඒකාධිපති බලතල සහිත ජනාධිපති ධූරයක් නව ව්‍යවස්ථාව මඟින්ද තහවුරු කරන්නට උත්සහ කලහොත් එය මේ රටට සාපයක් වනු නොඅනුමානයි. එමඟින් මේ රට තව තවත් අවුල් වියවුල් සහිත අභාග්‍යසම්පන්න යුගයකට යොමුකරවනු ඇත. එසේ නොවිය යුතුයි. එවැනි තත්වයක් වලක්වාගැනීමට ජනාධිපතිතුමා කටයුතු කල යුතුයි. එය අපගේ ස්ථිරසාර අදහසයි. '' ඔහු සඳහන් කළේය. 
 
 
 
පළාත් සභා මැතිවරණය :
 
 
election sri lanka 800x490
නිදහස් හා සාමකාමී මෙන්ම සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා යෝග්‍ය යාන්ත්‍රණයක් තහවුරු කිරීම අත්‍යවශයයි.
 
 
''අප විශ්වාස කරන ආකරයට පලාත් සභා මැතිවරණය හෝ වෙනත් ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට පෙර අත්‍යවශයෙන්ම සම්පූර්ණ කලයුතු කරුණු දෙකක් තිබේ. '' යයි පැවසු කරු ජයසුරිය, ඉන් පලමු වැන්න නිදහස් හා සාමකාමී මෙන්ම සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා යෝග්‍ය යාන්ත්‍රණයක් තහවුරු කිරීම යයි අවධාරණය කර සිටියේය.
 
'' මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය අනිවාර්යෙන්ම තහවුරු කල යුතුයි. මේ වනවිට පත්කර තිබෙන මැතිවරණ කොමිෂන් සභාවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබද අපේක්ෂාවන් තබාගත නොහැකිය. 
 
ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණය සමඟ සෘජු සම්බන්ධතා තිබුණ, අදටත් තියෙන ඉහල නිලධාරීන්ගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාවකින් කිසිම විටෙක සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කල නොහැකිය. 
 
තීරණාත්මක මොහොතක ඔවුන්ගේ පක්ෂපාතීත්වය හිමිවනු ඇත්තේ ජනතාවට නොවේ. තම ස්වාමීන්ටයි. ඒ නිසා කුමන මැතිවරණයක් ප්‍රකාශයට පත් කලද ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කල යුතුමයි. '' ඔහු කියා සිටියේය.
 
එමෙන්ම අතීතයේදී සිදු කලාක් මෙන් පවතින රජයට වැඩි වාසී අත්කර ගැනීම සදහා කඩින් කඩ මැතිවරණ පැවැත්වීමට රජයේ අදහසක් ඇති බවටද වාර්තා පල වෙන බව පැවසු කරු ජයසුරිය හිටපු කතානායකවරයා,  එවැන්නක් කිසිසේත්ම සිදු නොවිය යුතු බව ද අවධාරණය කළේය.
 
 
 
ජනතාවට විහිලු සැපයිය යුතු නැ...
 
 
 
දේශපාලන පලිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තාව කුණු කූඩයට දැමිය යුතු බව මෙම මාධ්‍ය හමුවේදී කියා සිටි කරු ජයසුරිය, ආණ්ඩුව මොන තරම් දුර්වල වූ අවස්ථාවක වුවත් ජනතාවට විහිලු සැපයිය යුතු නැතැයි කියා සිටියේය.
 
''එවැනි තත්වයක් යටතේ විහිලුවට පත්වන්නේ රටයි. ලෝකය හමුවේ අද මේ රට විහිලුවක් බවට පත්කරලීමට උපාලි අබේරත්න කොමිසම ප්‍රධානතම හේතුවක් වෙලා තිබෙනවා. අද ආණ්ඩුව ඒ ගැන කිසිවක් කියන්නේ නැහැ. ඒ නිසා දේශපාලන පලිගැනීම් පිළිබද කොමිසමෙන් යැයි කියමින් නිකුත් වී ඇති උපාලි අබේරත්න වාර්තාව ගැන හැකි ඉක්මනින් ජනාධිපතිතුමා තමන්ගේ ස්ථාවරය රටට පැහැදිලි කල යුතුව තිබෙනවා. 
 
ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමටත්, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කර ගැනීමටත් අවනීතියට එරෙහිවත් මේ රටේ අධිකරණය සතුව විශාල කාර්යයභාරයක් තිබෙනවා. අන් සියල්ලටම පෙර අධිකරණය තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ රටේ සමස්ත ජනතාව පමණක් නොව මුලු මහත් ලෝකයම අද ඒ දෙස බලා සිටිනවා. '' ඔහු සඳහන් කළේය.
 
 
 
''මේ දූෂණ හා වංචා ජනාධිපතිගේ නමට කැළලක්''
 
 Unknown
 
 
කිසිදු හිරිකිතයක් හෝ බියක් නැතිව මහා දහවලේ සිදුකල මහා පරිමාණ වංචාවන් කිහිපයක් ගැන අද වනවිට මුලු රටම දන්නවා. පිරිසිදු රාජ්‍ය පාලනයක්, පිරිසිදු මූල්‍ය පාලනයක් ගැන ජනතාවට හතර අතේ පොරොන්දු වෙමින් බලයට පත්වුන රජයක් යටතේ මෙවැනි තත්වයක් හීනයකින් හෝ බලාපොරොත්තු වුණේ නැහැ. 
 
 
මහත් වූ අපේක්ෂාවන් ඇතිව මේ ආණ්ඩුව බලයට පත්කල 69 ලක්ෂයක් වූ ජනතාව අද අන් හැමදෙනාටමත් වඩා ලැජ්ජාවට පත්ව සිටිනා බව පැවසු කරු ජයසුරිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද පැවසිය.
 
''ඒ කෙසේ නමුත් මේවා රටක සිදුනොවිය යුතු දේවල්, කිසිම ආකාරයකින් ඉදිරියේදී සිදුවීමට ඉඩක් නොතැබිය යුතු දේවල් ඒ නිසා රුපියල් බිලියන 16 පමණ වන තරම් අති දැවන්ත මේ රටේ වාර්තාගත සියලුම වංචාවලට වඩා බරපතල වූ සීනි බදු වංචාවද ඇතුලු සියලුම මහා පරිමාණ වංචාවන්ට සම්බන්ධ වූ සියලු දෙනා නීතිය හමුවට පමුණවා දඬුවම් ලබාදීමට පෙරමුන ගැනීම ගරු ජනාධිපතිතුමා සතු වගකීමක් වෙනවා. 
 
එය එසේ සිදු නොවුනහොත් මේ රටේ ජනතාව එතුමා කෙරෙහි ඇති කරගෙන තිබූ විශ්වාසය නැවත පෑහිය නොහැකි ආකාරයට පලුදු වේවී. ඒ බව එතුමා තේරුම් ගතයුතුයි. ''
 
 
 
 
මහ දවල් මංකොල්ලයක් !
 
 
 
සීනි ආනයනය කිරීමේදී සිදු වූ මහ දවල් මංකොල්ලයෙන් රජය විසින් පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට කිසිම හැකියාවක් නැතැයි පැවසු කරු ජයසුරිය,  වංචාවක් සිදු වූ බවට කෝප් කමිටුව, මුදල් කාරක සභාව හා භාණ්ඩාගාරයත් පිළිගෙන තිබෙන බවත්, දැන් විගණකාධිපතිවරයාද පරීක්ෂණ ආරම්භ කර ති බවත්,  මේ කරුණු අනුව දෑත දිගු වන්නේ රජය දෙසට බවත් කියා සිටියේය.
 
''ජනාධිපතිතුමා ද මේ සඳහා අනුමැතිය දුන් බවට වාර්තා වී ඇති නිසා එය එතුමාටත් අපකීර්තියක්.'' ඔහු පෙන්වා දුන්නේය.
 
 
 
''අපි පුණ පුනා කියන්නෙ මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ජනාධිපතිවරයා විසින් වහා ආරම්භ කරන ලෙසයි. ජනතාව කියන්නේ පළවෙනි අවුරුද්දේ බිලියන 15ක් නම් ඊළඟ අවුරුදු හතර තුළ මොනතරම් දූෂණ ඇතිවේද යන්නයි. මෙය තේරුම් ගතයුතුයි.''
 
''මෙම ජාවාරමට සම්බන්ධ අය සෑහෙන සංඛ්‍යාවක් රජය තුළ විවිධ පදවි තානාන්තර දරමින් සිටිනවා. නියම පරීක්ෂණයක් පැවැත්වුවහොත්, හිස් කිහිපයක් දන් දීමට සිදු වේවි. ඒ සමහරුන් බලවතුන්ගේ මිත්‍රයන් වෙන්නත් පුළුවන්. ඒත් රාජ්‍ය නායකයාට අපකීර්තියක් ගෙන ඒමටත්, එය රටටත්, ජනාධිපතිවරයාටත්, පුරවැසියන්ටත්, අපටත් විශාල අකටයුත්තක් බව අපගේ හැඟීමයි.''
 
 
 
1980/90 මුල් දශකයේදී තමා සීනි ආනයනකරුවන්ගේ සභාපති ධුරය දැරූ බව පැවසු කරු ජයසුරිය තම අද්දැකීම් ගෙනහැර දක්වමින් මෙසේ සඳහන් කළේය.
 
''1980/90 මුල් දශකයේදී තමා සීනි ආනයනකරුවන්ගේ සභාපති ධුරය දැරූවා.  හිටපු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා නිපදවන්නන්ගේ (පැලවත්ත, කන්තලේ වැනි.) නියෝජනය කළා. වෙළඳ අමාත්‍යාංශයත්, මහා භාණ්ඩාගාරයත් සමඟ සහයෝගීත්වයෙන් වැඩ කරමින් දේශීය සීනි කර්මාන්තය දියුණු කිරීම පිණිස ආනයන බදු මාස් පතා අඩුවැඩි කිරීමෙ ක්‍රමවේදයක් දියත් කළා.
 
එකල ආනයන සීනි ලංකාවට වඩා රු 3000කට පමණ අඩුවෙන් ගෙන ඒමට හැකි වුණා. රජය හවුල් වුණේ දේශීය සීනි කර්මාන්තය දියුණු කිරීමට. රජය ආනයනකරුට හා නිශ්පාදකයින්ට නියම කළේ ශත පහක ලාභයක්. අපි එම ක්‍රියාව ඉතාම ක්‍රමවත්ව සිදු කළා. 
 
එහෙත් මෙම ගණුදෙනුවේදී විශාල අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බව පේනවා.''
 
 
අති දැවැන්ත පරිසර විනාශයක් !
 
 
ABC sinha                 ''අති දැවැන්ත පරිසර විනාශයක් අද වනවිට මේ රටේ සිදුවෙමින් පවතිනවා.''
 
 
 
මුළු මහත් ඉතිහාසයේම වාර්තා නොවූ අන්දමේ අති දැවැන්ත පරිසර විනාශයක් අද වනවිට මේ රටේ සිදුවෙමින් පවතිනවා. ඒ මඟින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක සිතා ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. අද වනවිට සෑම පලාතකම, සෑම දිස්ත්‍රික්කයකම, හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පාහේ මේ ආකාරයට මහා පරිමාණයෙන් පරිසරය විනාශ කරමින් සිටිනවා. 
 
 
 
දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් වැනි ප්‍රධාන පෙලේ රාජ්‍ය නිලධාරීන් අප වෙත දන්වා සිටින ආකාරයට, ලබාදෙමින් තිබෙන තොරතුරුවලට අනුව මේ හැම පරිසර විනාශයක් පිටුපසම දැවැන්ත දේශපාලන හස්තයක් තිබෙනවා. 
 
ඒ නිසා අද එම නිලධාරීන් බලවත් ලෙස බෙලහීන වෙලා. ආත්මගෞරවයක් ඇතිව ඇදුමක් ඇදගෙන රාජකාරී කල නොහැකි තත්වයකට අසරණ වෙලා. ඒ මදිවාට අද ඔවුන්ට  විවිධ තර්ජන එල්ලවන මට්ටමට මේ මහා විනාශය ඔඩු දුවලා තිබෙනවා. 
 
ජනාධිපතිවරයා පෞද්ගලිකවම මැදිහත් වී මේ ගැන ක්‍රියා නොකලහොත් තත්වය තවත් බොහෝ සෙයින් දරුණු විය හැකියි. 
 
 
පරිසර විනාශය හා අලි මිනිස් ගැටුම:
 
 
ඒ වගේම අද වනවිට අන් කවරදාකටත් වඩා වැඩිවී ඇති අලි මිනිස් ගැටුම ගැනද ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානයක් යොමුකල යුතුයි. වගා හානී හේතුවෙන් විපතට පත්වන ගොවි ජනතාවට වන්දි ලබාදීම සඳහා නිසි වැඩ පිලිවෙලක්ද සමඟ මේ රටේ අලි සම්පත ආරක්ෂා කරගැනීමට වහාම ක්‍රියාකාරී සැලැස්මක් සකස් කල යුතුයි. 
 
ඒ සඳහා සුදුසු එක් ක්‍රියා මාර්ගයක් වන්නේ එම කටයුත්ත සඳහාම වෙන්වූ ජනාධිපති කාර්යසාධක බලකායක් නිර්මාණය කිරිමයි. ඒ පිළිබදවද ජනාධිපතිතුමාගේ අවධානය යොමුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. 
 
 
 
රාජ්‍ය සේවය අවුලෙන් මුදවා ගැනීම :
 
 
රාජ්‍ය සේවයට මේ රට තුළ පැවැති ගෞරවය හා අභිමානය සැලසුම් සහගතව විනාශ කරමින් සමස්ත රාජ්‍ය සේවයම දේශපාලකයන්ගේ අතකොලු බවට පත්කිරීමට කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා.
 
 රාජ්‍ය සේවයට නිලධාරීන් බදවා ගැනීමට සිදු කරන තරඟ විභාග විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පැවැත්වීමට දරණ උත්සහයද එවැන්නකි. 
 
ඒ වගේම රාජ්‍ය සේවයේ ඉහලම නිලධාරීන්ට සිදු කරමින් පවතින කෙනහිලි හා අවමන් සහගත ක්‍රියා පිලිකුල් සහගතය. 
 
වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දරමින් සිටි තනතුරෙන් ඉවත් කිරීම පිළිබද විෂයභාර අමාත්‍යවරිය දන්නේ නැතිලු. 
 
 
 
 NjngihlVBRGBfcapB2X9BTTAmwS4RBqr
                   වෛද්‍ය පාලිත අබේකෝන්
 
 
ඒ වගේම ශ්‍රී ලංකා ඹෟෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරකින් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඉවත් කිරීමද එවැනිම තත්වයක් එතුමා අන්තර්ජාතික වශයෙන්ද මේ රටට කීර්තියක් උපයා දුන් විද්වතෙක්. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ප්‍රධාන උපදේශකවරුන් හයදෙනාගෙන් එක් අයෙක් වන්නේ ද එතුමායි. 
 
එක් අවස්ථාවක එතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහලම තනතුරකට පත්වීමට අවකාශය සැලසී තිබුණා. නමුත් එවකට පැවැති රජයේ දුර්වල ප්‍රතිපත්ති හේතුවෙන් එම තනතුර වෙනත් රටක් විසින් ලබාගත්තා. 
 
මෙවැනි තත්වයකදී රාජ්‍ය සේවයට යහපත් හා කීර්තිමත් පුද්ගලයන් ඉතිරි වේවිද? ගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ ගැන ද යොමුකල යුතුව ඇතැයි අප විශ්වාස කරනවා. ''

 

 #############################

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්