පැහැරගෙන වධහිංසාවට ලක්වීම ගැන කළ පැමිණිල්ලක් අසත්‍ය බවට චෝදනා කරමින් පොලිසිය විසින්
අත් අඩංගුවට ගන්නා ලද මාධ්‍යවේදියකු  මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
 
කොළඹ පොලිස්  අපරාධ කොට්ඨාශය (CCD) විසින් අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ සියරට මාධ්‍යවේදී සුජීව ගමගේ ඇප මත නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇති බවයි නීතිඥ නාමල් රාජපක්ෂ පවසන්නේ.
 
වධ හිංසාවට ලක් කිරීමෙන් ඇතිවු තුවාල බව පවසමින් කොළඹ ජාතික රෝහලේ සතියක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිට මාර්තු 17 බදාදා හවස් යාමයේ රෝහලෙන් මුදා හැරීමෙන් පසු ප්‍රකාශයක් ලබා දීම සඳහා සිය බිරිඳ සමග කොළඹ පොලිස්  අපරාධ කොට්ඨාශයට කැඳවනු ලැබූ මාධ්‍යවේදී සුජීව ගමගේ එදින පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනි.
 
ඔහුට නීති සහාය ලබා දීම සදහා ගිය නීතිඥවරයා පවසා තිබුනේ මාධ්‍යවේදියාට නීති සහාය ලබා දීම පොලීසිය විසින් තර්ජනයෙන් වළකා ලු බවයි.Namal Rajapaksha
 
''මම කොළඹ අපරාධ කොට්ඨාශයට ගියේ මගේ සේවාදායකයාගේ පවුලේ අයගේ දැනුම් දීමට. ඔහුව පැය ගණනක් පීඩාවට පත් කරමින් ප්‍රශ්න කරන් ඉන්නවා කියලයි පවුලේ අය මට කිවුවේ. ඒ වුණාට මට මගේ සේවාදායකයට නීති සහාය දෙන්න බැරි වුණා විතරක් නෙමෙයි, 'නීතිඥවරයෙක් ඔහු වෙනුවෙන් පොලිසියට ආපු එක වරදක් ඒ නිසා එයාව නිදහස් කරන්නේ නෑ'  කියලත් තර්ජනාත්මකව කිවුවා,” යි මාධ්‍යවේදී සූජිව ගමගේ වෙනුවෙන් කරුණු දැක්වීමට CCD ට ගොස් තිබුණු නීතිඥ නාමල් රාජපක්ෂ ජේඩීඑස් හා පවසා තිබුනි.
 
මාර්තු 19 බ්‍රහස්පතින්දා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබුනේ තමාව පැහැරගෙන ගොස් පහරදී චිප් පතක් ඉල්ලූ බවට සියරට පුවත්පතේ මාධ්‍යවේදියකු විසින් පසුගිය දා  සිදු කර තිබු පැමිණිල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
 
ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සම්පුර්ණ විමර්ශනයක් පවත්වා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුනි.
 
 
ajithrohanaසුජීව ගමගේ නමැති 62 හැවිරිදි පුද්ගලයා විසින් සිදුකරන ලද පාපෝච්චාරණයකින් ඔහු සිදු කළ පැමිනිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට මේ වනවිට පිළිගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබුනි.
 
ඔහු තවදුරටත් අවධාරණය කර තිබුනේ මාධ්‍යවේදියා පැහැරගැනීම පිළිබදව විවිධ විකල්ප ප්‍රවෘත්ති වල තොරතුරු පළ වී තිබු බවයි.
 
මාධ්‍යවේදියාගේ පැමිණිල්ල වෙනුවට පරීක්ෂණ පැවැත්වීම සඳහා වෙනත් පැමිණිල්ලක් කරන ලද්දේ කා විසින්ද යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කළේ නැත. 
 
දකුණේ මාධ්‍යවේදියකු පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමගම ශ්‍රී ලංකාවේ පැහැරගැනීම් නැවතත් ආරම්භ වීමේ අනතුරක් මතුවී ඇතැයි විපක්ෂය පසුගියදා බිය පල කර තිබුනි.
 
හිටපු අමාත්‍යවරයකුද වන ආචාර්ය හර්ෂද සිල්වා අනාවරණය කර තිබුනේ 'සියරට' වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන සුජීව ගමගේ ගේ කට බැඳ, හිස ආවරණය කර කලු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා ඇති බවයි.
 
KaruJaමාර්තු 10 දින සිදුවූ පැහැරගැනීමට පස් දිනකට පසු හිටපු කතා නායක කරු ජයසුරිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අවධාරණය කර තිබුනේ මාධ්‍යවේදියකු පැහැරගෙන ගොස්, ඔහුට හිංසා සහ තර්ජනය කිරීම 2015ට පෙර යුගය සිහි ගන්වන බවයි.
 
එම යුගයේ පැහැරගැනීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වී බලයට පත් ඔහු මෙන්ම ද සිල්වා අමාත්‍යවරයාද නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හවුල් ආණ්ඩුවක් පවත්වා ගෙන ගිය අවුරුදු හතරහමාර තුල පැහැරගැනීම් නතර වී තිබුනේ නැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිලිවලින් පෙනී යයි.
 
Harshaමාධ්‍යවේදී සුජීව ගමගේගේ ප්‍රවෘත්ති මුලාශ්‍රයන් සම්බන්ධයෙන්ද ඔහු පැහැරගෙන ගිය සන්නද්ධ කණ්ඩායම  ප්‍රශ්න කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සටහන් කර තිබේ.
 
වධ හින්සාවට ලක්වු මාධ්‍යවේදියා සම්බන්ධයෙන් පෙනී නොසිටීම සම්බන්ධයෙන් හිටපු කතානායකවරයා මාධ්‍ය කර්මාන්තයටද දොස් පවරා තිබුනි.
 
“තම සගයකුට තර්ජනයක් වූ විට නැගී නොසිටින මාධ්‍ය කර්මාන්තයේ තත්ත්වය කණගාටුදායකය.”
 
විමර්ශන මගින් වැරදිකරුවන් සොයා දඬුවම් කර බලධාරීන් පිළිබඳ විශ්වාසය තහවුරු කර ගත යුතු බව හිටපු කතානායකවරයාගේ අදහසයි.
 
 
සබැඳි පුවත් :
 

 
The Leader TV

 

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්