විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් සිදුව ඇති බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ කොළඹ පිහිටි නිවසේ දී මෙම හමුව සිදු වී ඇති බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
 

neth 2020.09.19

 
 
 
මේ අතර අමාත්‍ය විමල් විරවංශ විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති lanka C news ද 'නෙත් නිව්ස්' පුවත උපුටා දක්වමින් එම පුවත වාර්තා කර ඇත.
 
එය සුවිශේෂී කාරණයක් වන්නේ මේ වනවිට එම වෙබ් අඩවිය ද බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇතැයි ඇතැම් වෙබ් අඩවිවල පුවත් පලවී ඇති හෙයිනි. කෙසේවුවද එම වාර්තා වල සත්‍ය අසත්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
 
 

Lanka cnew12

 
 
ටිරාන් කියන කතාව :
 
සිදුවුවා යයි පැවසෙන මෙම හමුව සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමක දී ටිරාන් අලස් මන්ත්‍රීවරයා එම පුවත  දැඩි ලෙස ප්‍රතික්ෂේප කලේ, ''ඔය නිව්ස් එක පට්ටපල් බොරුවක් ..'' යයි කියමිනි. 
 
 lanka C news වැනි වෙබ් අඩවියක් එවැනි පුවතක් කිසිඳු සොයා බැලීමකින් තොරව පළකිරීම ගැන ඔහු විමතිය පළකළේය. ''මේක කව්රුහරි ප්ලාන්ට් කරපු නිව්ස් එකක් .. එහෙම හමුවක් අපේ ගෙදර තිබුනේ නැහැ..'' ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.
 
 
 
විමල් කියන කතාව ?
 
 
 161717689 5175254582549184 5964039457602278898 n
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අමාත්‍ය විමල් විරවංශ පැවසුයේ, තම හා සජිත් ප්‍රේමදාස සිටින ජයරුපයක් පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පලවී ඇති පුවත මුළුමනින්ම අසත්‍ය බවයි. 
 
එසේ මේදිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම ජායාරුපය, පෙරේදා මහරගම  දැදිගම මුදලාලි ගේ නිවසේ පැවති අවමගුල් උත්සවයකදී ගෙන ඇති ජායාරුපයක් බව ඔහු සඳහන් කළේය. 
 
එම අවමගුල් නිවසට තමා සහභාගිව සිටියදී විපක්ෂ නායකවරයාද පැමිණ සිටි බව පැවසු විමල් විරවංශ අමාත්‍යවරයා, ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ නිවසේදී විපක්ෂනායකයා හමුවූ කතාව තරයේ ප්‍රතික්ෂේප කළේය.
 
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා විපක්ෂනායකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථකවිය.
 
 
###############
 
The Leader TV

 

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්