ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු
මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් නිර්මාණය කළ දැවැත්ත සිතුවමක් ඊයේ (මාර්තු 19) දෙවරක් ඉවත් කර තිබිණි.
 
ගෝලීය දේශගුණ විපර්යාසන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වැඩසටහනට සමගාමීව, වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය විසින් මේ වනවිට රටේ ස්ථාන කිහිපයක සිදු වෙමින් ඇති පරිසර හානි පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීමේ අරමුණින් කොළඹ නෙලුම්පොකුණ රඟහල ඉදිරිපිට එම සිතුවම තාවකාලික ප්‍රදර්ශනයකට තැබීය.
 

Colombo Art

 
උසින් අඩි 20 ක් හා දිගින් අඩි 70 ක් වන මෙම විශාල සිතුවම ඊයේ උදෑසන කොළඹ නගර සභා සේවකයින් පිරිසක් විසින් මුල් වරට ඉවත් කරනු ලැබිණි. 
 
එය නගර සභා අවසරයෙන් ඉදි කර ඇති බව සංවිධායකයින් විසින් පෙන්වා දෙනු ලැබීමේ හේතුවෙන් යළිත් නගර සභා සේවකයින් විසින් ම එය සවි කිරීමට පියවර ගැනිණි.
 
නමුත් එයින් පැය ගණනකට පසු පොලිසියේ පරිසර ඒකකය විසින් එම විශාල සිතුවම නැවතත් ඉවත් කිරීමට පියවර ගත් බවට සංවිධායකයෝ චෝදනා නගති.
 
  117632306 cmcapprival
නගරසභාව දැනුවත් කළ ලිපිය
  
"අපි මේ සඳහා කොළඹ නගර සභාවෙන් අවසර අරගෙනයි තිබුණේ. අපි මේ පිළිබඳව පොලීසියත් දැනුවත් කර තිබුණේ. පොලිසියෙන් අපිට කිව්වේ PHI ගෙන් අවසර ගන්න කියලා හවස තියෙන දැනුවත් කිරීමේ වැඩසටහනට. නගරසභාවට අපි මේ සිතුවම ගැන දැනුවත් කරලයි තිබුණේ. එත් අපි මේ සිතුවම ඊයේ රෑ දැම්මට පස්සේ අද උදේ ඇවිත් ඒක ගලවන්න කිව්වා," යනුවෙන්, නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි සංවිධායිකාවක් බීබීසී සිංහල සමග පැවසුවාය.
 
  117632313 whatsappimage2021 03 19at16.08.08 1
සිතුවම රැකගැනීමට එය උඩ වාඩිවී
 
 
"ඒක ඔවුන් ගලවා රැගෙන යන්න යනකොට අපි ඒ සිතුවම උඩ ඉඳගෙන ඒක ගෙනියන්න දුන්නේ නෑ. අපි ළඟ තව චිත්‍ර හා කලා නිර්මාණ තියෙනවා ප්‍රදර්ශනයට ඒත් ඒ අය අපිට ඒ කිසිදෙයක් පාර්ක් එක ඇතුළට ගෙනියන්න දෙන්නේ නෑ. මේ ළමයින්ගේ ශ්‍රමය මේ ළමයි සතියක් පුරා ඇඳපු චිත්‍ර මෙතන තියෙන්නේ."
 
 117632545 whatsappimage2021 03 19at16.08.08 2 සිතුවම ආරක්ෂා කරමින්
 
සිතුවම ඉවත් කිරීමට හේතුව කුමක්දැයි එම ස්ථානයේ සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකුගෙන් බීබීසී සිංහල සේවය විමසූ විට ඔහු පැවසුවේ තමන් එය නොදන්නා නමුත් ඉහළ නිලධාරීන් එය ඉවත් කිරීමට අණ කළ බව ය.
 
බීබීසී සිංහල කළ විමසීමේදී පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඔහු අදාළ සිදුවීම ගැන නොදන්නා අතර එය සොයා බලා පිළිතුරක් ලබාදෙන බවය.
 
කොළඹ නගරසභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක ඇමතීමට බීබීසී සිංහල ගත් උත්සාහය ද සාර්ථක නොවිණි.
 
මේ අතර මෙම සිදුවීම සමාජ මධ්‍යයේ දැඩි ලෙස විවේචනයට ලක් විය. එක් සමාජ ක්‍රියාකාරිනියක තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසා තිබුණේ "විහාර මහාදේවී උද්‍යානයේ පරිසර සංහාරය සම්බන්ධයෙන් ළමා එකමුතු කිහිපයක් අඳින ලද මියුරල් චිත්‍රය ඉවත් කිරීමට ජනාධිපති කාර්‍යාලයෙන් යැයි කියා ගන්නා පිරිසක් නියෝග කොට ඇත. පරිසර සංහාරයට එරෙහිව දරුවන් මර්දනය හෙළා දකිමු!" යනුවෙනි.
 
 117632547 whatsappimage2021 03 19at12.18.50
පංචාලි පනාපිටිය මුහුණුපොතේ තැබූ සටහන
 
අදාළ සිතුවම ඉවත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිසක් සම්බන්ධ බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායකගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳ සොයා බලා පිළිතුරක් දෙන බව ය.
 
රට තුළ පසුගියදා විවිධ ස්ථානයන් හි විවිධ චිත්‍ර ඇඳ රට විචිත්‍රවත් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය. එම චිත්‍රවලට විරෝධයක් එල්ල නොවුණ ද වර්තමානයේ සිදුවන පරිසර සංහාරය පිළිබිඹු කරමින් ඇඳුනු මෙම චිත්‍රය ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව සමාජ ක්‍රියාකාරීහු ප්‍රශ්ණ කරති.
 
vfhdf fdfd
 
 
කෙසේවෙතත්, මෙම සිතුවම ඉවත් කිරීමට හේතුව කුමක්දැයි යන්න මෙම ලිපිය පළකරන අවස්ථාව වන තෙක් හෙළිවී නොමැත.
 
 
(බීබීසී සිංහල සේවය)

 
 
The Leader TV

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

සිද්ද වෙන දේවල් දැක්කම දුකයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්