තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. 
 
 
තමාට දැන්ම ගෙදර යාමේ අදහසක් නැති බවට ඉඟිකරමින් ජනාධිපතිවරයා එබව කියා සිටියේ, අද (2) වලපනේ දී “ගම සමඟ පිළිසඳර“ වැඩසටහනට එක්වෙමිනි.
 
ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනබවට ආණ්ඩුවේ පාර්ශවවලින් පසුගිය සති කිහිපයේ නොයෙකුත් වාර්තා පළවී තිබිණ.
 
එවැනි ප්‍රචාරයන් සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.
 
''දැන් තමුන්වහන්සේලා මාව පත්කළේ මාස 60කට. දැනට මාස 14ක් ගිහිල්ලා. තව තියෙනවා හොඳ ගානක්. ඉතින් සමහර අය මම ආයෙත් එන්නෙ නැහැ කිව්වා කියලා කලබල වෙලා තිබුණා. ඒක ජනතාව තෝරන්නේ. මේ පාරත් ජනතාවන තේරුවේ. ඉස්සෙරලා මට දීපු 60 වැඩ කරලා පෙන්න ඕනේ නේද හාමුදුරුවනේ. ඊට පස්සේ තමයි ඉතුරුවා හිතන්නේ. මගේ අවශ්‍යතාවය මේ මාස 60 තුළ විශේෂයෙන්ම අපේ ගම්මාන දියුණු කිරීම. හැමදාම නගරයට විතරක් වැඩ කරන්න බැහැ.
 
ජනාධිපතිවරයා සඳහන් කරන පරිදි සතිපතා ගමින් ගමට ගියත් ඉතිරි මාස 46 තුලදී ඔහුට සියලුම ගම්මාන ආවරණය කල නොහැකිවනු ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ඉඟි වන්නේ දෙවන අදියරේදී ඉතිරි ගම්මානවලට යාමට බලාපොරොත්තුවන බවකි.
 
 
''මම පරිසරය විනාශ කරලා නැහැ''
වත්මන් ආණ්ඩුව යටතේ බරපතල පරිසර විනාශයක් සිදුවන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා, තමා කිසිදාක පරිසර විනාශයකට ඉඩනොදෙන බව අවධාරණය කර සිටියේය. 
 
''මම කවදාවත් පරිසරය විනාශ කරලා නැහැ. උද්‍යාන හැදුවා, ජලාශ හැදුවා, තෙත්බිම් ආරක්ෂා කළා. මේ කොළඹ නගරයේ, පිළියන්දල, කැස්බෑව මේවා තමයි පරිසරය හැදෙනවා කියන්නේ. කුණු ඉවත් කළා. අපි විහාර මහාදේවි උද්‍යානය හොඳට හැදුවා.'' යයි පැවසු ජනාධිපතිවරයා, කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල ඉදිවූ විශාල පරිසර චිත්‍රය ඊයේ (මාර්තු 19) දිනයේ ගලවා ඉවත් කළේ ඇයි ද කියන කාරණය ද පැහැදිලි කළේය. 
 
 
Colombo Art
පරිසර සංවිධාන කිහිපයක් විසින් නිර්මාණය කළ දැවැත්ත සිතුවම.
 
''ඊයේ ඒකේ විශාල බිල් බෝඩ් එකක් ගහලා රූපවගයක් ඇඳලා. ඒකෙන් පරිසරය විනාශ කරනවා. මම කොළඹ පෝස්ටර් ගහන එක නැවැත්තුවා. බිල් බෝඩ් ගැහිල්ල නැවැත්තුවා. '' ජනාධිපතිවරයා පැවසිය.
 
 
පරිසර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.
 
''මම දැක්කා අද පත්තරේ තියෙනවා. ඔය කෑගහන විපක්ෂයේ කෙනෙක් දුවට හන්තාන රක්ෂිතයෙන් තෑගි ඔප්පුවක් දීලා. ඉතින් ඒක සුද්ද කරලා ඇමතිවරුන්ට ඒවා කරන්න පුළුවන්. හන්තාන විනාශ කරද්දි අඬන්න, අඬවන්න කෙනෙකුත් නැහැ. පුදුම මාධ්‍ය තියෙන්නේ.
 
 
 ''මාත් එක්ක ඒවා බැහැ. ඒවට කරන්න ඕන දේවල් මම දන්නවා. ''
 
''දැන් හාමුදුරුවනේ මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහගේ නිදහස නෙමෙයිනේ. මාධ්‍ය අයිතිකාරයාට ඕන විදිහට රට කරන්න හදනවා නම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරාජලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. රජය, පාලකයෝ පාලනය කරන්න හදනවා. මාත් එක්ක ඒවා බැහැ. ඒවට කරන්න ඕන දේවල් මම දන්නවා. ''
  
තමා කිසිම මාධ්‍යයකට බලපෑම් කර නැතැයි පැවසු ජනාධිපතිවරයා, එම නිදහස වැරදි ලෙස යොදාගතහොත් ගනු ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග ගැන මෙසේ අනතුරු ඇඟවිය.
 
 
''මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මම මාස 14ක් පාලනය කළා. මම කිසිම මාධ්‍යයකට බලපෑම් කරලා නැහැ. ඒ අය වැරදියට පාවිච්චි කරන්න ආවොත්. ඒකටත් නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා මම ක්‍රියාත්මක කරනවා.''
 
 
''ජාතික චින්තන මාධ්‍යයත් බොරු ප්‍රචාරය ගෙනියනවා'' 
  
''ජාතික චින්තනය තියෙන මාධ්‍යයත් බොරු ප්‍රචාර යවනවා. මම හොයලා බැලුවා කවුද කියලා. යුද්ධ කාලෙත් ඒ අයම තමයි අපිට විරුද්ධව වැඩ කළේ. පුවත්පතක හිටපු කණ්ඩායමක් ඕවා කරන්නේ. 
 
කුරුණෑගල අනවසරයෙන් අක්කර 77ක් එළි කරලා. 2015 සිට 2019 දක්වා පුත්තලමේ අක්කර 25‍8ක්, මොනරාගල අක්කර 100ක්. රත්නපුර අක්කර 42ක් , අනුරාධපුර අක්කර 224ක් දැන් මේවට කවුරුත් ඇඬුවෙත් නැහැ බැලුවෙත් නැහැ. මේවා ඒ අය දැක්කේ නැහැ. ඒ අයට අවශ්‍ය රජයක්නෙ තිබුණේ. 
 
බොරු ප්‍රචාර ගෙනියනවා ජ.වි.පෙ පරිසරවේදියෝ අර මුහුණු පොතේ දානවා. සිංහරාජේ අවසන් ගමන් ගිය තවත් ගහක් කියලා දානවා. 
 
හැබැයි මොකක්ද මේ ඉන්දියාවේ ඔඩීෂා නගරයේ ගහක් කපපු එකක් උඩුඳුම්බර වන විනාශය කියලා දානවා. ඒක මේ රටේවත් නෙමෙයි කියලා. ඉතින් ජනතාව මුලා කරන්න බොරු ප්‍රචාර ගෙනියනවා. මේවට රැවටෙන්න එපා. '' ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 


 
The Leader TV

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්