තමන්ගේ දරුවන් වත්මන් ජාරා දේශපාලනයට ගෙන නොඑන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අවධාරණය කර සිටියි.
 
 
පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලනය ගෙන යා යුතු යයි කියන අදහසට තමා කිසිඳු ලෙසකින් එකඟ නැතැයි පවසන චන්ද්‍රිකා, එසේ පරම්පරාවෙන් පරම්පරාවට රාජ්‍ය බලය ලබාගැනීම සිදුවන්නේ රාජාණ්ඩුක්‍රම තියෙන රටවල්වල බවත්, ශ්‍රී ලංකාව තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පාලන ක්‍රමයක් බවත් සඳහන් කරයි.
 
 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග එම කාරණා අවධාරණය කර ඇත්තේ 'ලේඩි ලීඩර්' (ladyleader.lk) සමාජ මාධ්‍යජාලය සමග සිදුකළ විශේෂ සම්මුඛ සාකච්ජාවකදී ය.
 
එහිදී 'ලේඩි ලීඩර්' සංස්කාරකවරියක් මෙසේ විමසයි.
 
''ඔබතුමිය දරුවෝ ගැන කතා කරපු නිසා මම මේ වගේ ප්‍රවේශයක් ගන්නම්. දැන් ඔබතුමිය මේ රටේ නායිකාවක් විදිහට හිටියා. ඔබතුමියගේ දෙමව්පියෝ දේශපාලන ක්ෂේත්‍රයේ හිටපු අය. ඒ වගේම බණ්ඩාරනායක පරම්පරාවෙන් පස්සේ විජය කුමාරණතුංග පරම්පරාවත් ඒ දේශපාලනයත් එක්ක සම්බන්ධවෙනවා. එතකොට දැන් ඔබතුමිය තමයි මම හිතන්නේ බණ්ඩාරනායක කුමාරතුංග දේශපාලන ධාරාවේ අවසානය කියලා. මොකද ඉදිරියට ඔබතුමිය දරුවෙක් හෝ මේ දේශපාලනයට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවාද? ඇත්තටම මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන විදිහ බැලුවාම යම් යම් විදිහට තම තමන්ගේ පාරම්පරාවන් ඒ දේශපාලනයට ලංවෙනවා මොකද මහජනතාව ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. එතකොට විමුක්ති ට අවස්ථාවක් දෙන්න ඔබතුමිය සුදානම් නැද්ද?
 
හිටපු ජනාධිපතිනිය ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.
 
''මොකක්ද මේ කියන කතාව දේශපාලන පරම්පරාව කියන්නේ ? රාජාණ්ඩුක්‍රම තියෙන රටවල්වල තමයි පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. ඒක අපේ  ලංකාවේ ඉවර වෙලා හුඟක් කල් දැන්. අපේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පාලන ක්‍රමයක්.  
 
දේශපාලන පරම්පරාව කියන එකට මම කොහෙත්ම කැමතිත් නැහැ. අපේ රටේ අර පරණ සිරිතට රදළ ක්‍රමයට එහෙම දේශපාලන පරම්පරාවල් දෙකක් තිබුණා, සේනානායක පරම්පරාවයි, බණ්ඩාරනායක පරම්පරාවයි එච්චරයි. 
 
'' බණ්ඩාරණායක පරම්පරාව දිගින් දිගටම යන්න ඕන කියලා මං කොහෙත්ම හිතන්නේ නැහැ ඒකට මම තදින්ම විරුද්ධයි. පරම්පරාවල් නෙවෙයි අපි හැම කෙනාටම තැන දෙන්න ඕන. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය කෙරුවේ මගේ තාත්තා පක්ෂය හදපු නිසාවත්, මගේ  අම්මා ඒ පක්ෂය ආරක්ෂා කරපු නිසා විතරක් නිසා නෙවෙයි. මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය, ප්‍රතිපත්තිය තමයි මේ රටට ගැලපුනේ.'' - චන්ද්‍රිකා 
 
දැන් ඒක සම්පුර්ණයෙන් ඉවරයි. විකෘති කරලා, මඩේ දාලා පාගලා විනාස කරලා තියෙන්නේ. නමුත් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය මේ රටේ සියලු දෙනාටම සරිලන දර්ශනයක්. සෑම ජාතියකම සෑම ආගමකම දුප්පත් පොහොසත් හැමකෙනාටම. කරලා තියෙන වැඩවලිනුත් ඒ ගැන ඔප්පු වෙනවා. 
 
එතකොට ඒ දර්ශනය අනුව මේ එක පවුලක් විතරක් මේ දේශපාලනය බලය අරගෙන  කිහිලි ගහගෙන ඉන්න එක සම්පුර්ණයෙන් වැරදියි. මගේ ජිවිත දර්ශනය අනුව. 
 
 මගේ තාත්තා කෙරුවෙත් ඒකයි. පල්ලෙහා මට්ටමේ මිනිස්සු ගෙනැල්ලා නායකයෝ කෙරුවා. තැපැල් පියුම් එම්.එස්. තේමිස් ඇමති කෙනෙක් කෙරුවා. ටී.බී. ඉලංගරත්න පොඩි ලිපිකරුවෙක්. ඉතාමත් ඉහළ මට්ටමේ ඇමති කෙනෙක් කෙරුවා. ඒ වාගෙම ටී.බී. තෙන්නකෝන් කවි කොල විකුණ විකුණ හිටපු පුද්ගලයෙක්. 
 
ඉතින් ඒ දර්ශනය අනුව ඇයි අපි මේ පවුල් දේශපාලනයක් ගැන කතා කරන්නේ. මේ රටේ තව ඕන තරම් ඉන්නවා දක්ෂ දරුණ තරුණ තරුණියෝ. දේශපාලනඥයන්ගේ දරුවෝ නම් නෙවෙයි. ඒගොල්ලෝ තමන්ගේ අම්මලා තාත්තලා වගේ හොරකම් කරන්න ඉගෙනගෙන ඉවරයි. හැබැයි තවම ඉන්නවා එම පවුල්වල හොරකම් නොකරන මිනිස්සු, හොඳ ළමයි ඉන්නවා ඇයි ඒගොල්ලන්ට දෙන්න බැරි. 
 
 

VB

''මගේ පුතාට බණ්ඩාරනායක නම තියෙන්නේ අරික්කාලක් විතරයි. නම තියෙන පළියට එයාව ගේන්නේ මොකටද? මම නම් සම්පූර්ණයෙන් ඔය ආකල්පයට විරුද්ධයි.  මට ඉන්න දෙන්නේ නැහැ.... හැමෝම පාරෙ යනකොටත් පුතාව ගේන්නේ කවදද, එන්නේ නැද්ද රට බේරගන්න කිය කියා අහනවා. පුතා මොකට ද? ඇයි වෙන මිනිස්සු ඉන්නේ රට බේරගන්න. ඇයි අපි විතරක්.''
 
  
එතකොට මගේ පැත්තෙනුත් මම කියන්නේ මගේ දර්ශනය. අනිත් එක අපි විඳවලා තියෙනවා අනන්ත අප්‍රමාණ  දේශපාලනය නිසා. රට සහ ජනතාවට වැඩ කරන්න ගිහිල්ලා. අපි කිසිම දෙයක් හදාගෙන නැහැ දේශපාලනයෙන්. අපි සියලු දේ නැතිකරගෙන තියෙන්නේ. එතකොට තවදුරත් මගේ දරුවන්ටත් ඒ දුක මම දෙන්න කැමති නැහැ. 
 
පුද්ගලයන් තමයි අන්තිමට ලෝකය වෙනස් කරන්නේ. නමුත් දැන් එක එක පුද්ගලයන්ට මම දොස් පවරන්නේ නැහැ. අද අපේ රටේ පවතින දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය, සංස්කෘතික ක්‍රමය සම්පූර්ණයෙන් කුණු වෙලා. 
 
ඒක ආපහු හදලා ඉවරවෙල් සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරලා කෙලින් හිටෙව්වේ නැත්නම් අපි මේ කිසිම දෙයක් ගැන කතා කරලා වැඩක් නැහැ. මේක වෙනස් කරන්න නම් අර 'Yes, we can change' කියලා ඇමෙරිකාවේ ඔබාමා කිව්වා වගේ ලොකු චේන්ජ් එකක් කරන්න අවශ්‍යයි. 
 
'එහෙම චේන්ජ් කරනවා නම් පළමුවෙන්ම අපේ තරුණ තරුණියන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන. හිත් වෙනස් කරන්න ඕනේ. අපේ වයසේ මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න බොහොම අමාරුයි. ඒකයි මම ටිකක් තදින් කිව්වේ අර ඔයා අහපු ප්‍රශ්නයටත්. අලුත් දර්ශනයක් දැන් රටට ඕන. තමා නෙවෙයි රට හදන්න දේශපාලනයට එන මිනිස්සු ඉන්න ඕනේ. දැන් එන්නේ තමන් හැදෙන්න අය විතරයි. රට හදන්න නෙවයි එන්නේ. මම සහ මගේ එකාව හදාගන්න. 
 Devanee Bhagya Shukra
''තමා නෙවෙයි, රට හදන්න තරුණ තරුණියෝ වැඩි වැඩියෙන් ඉස්සරහට එන්න ඕනේ.''
 
එතකොට එතන තමයි පරම්පරා කතන්දරේ එන්නේ. මොකක්ද මේ පරම්පරා කතාව. මම මගේ දරුවන් හොඳට හදලා තියෙනවා. හොඳ වැලියුස් දීල තියෙනවා. හොඳ අධ්‍යාපනයක් දීල තියෙනවා. ඒගොල්ලන්ට ලෝකය දෙස වෙනත් ආකාරයෙන් බලන්න.
 
මගේ දුව යශෝධරා වෛද්‍යවරයෙක්, ඉතාමත් දක්ෂ වෙරි කෙයාරින් ඩොක්ටර් කෙනෙක්. එයා එයාගේ වෛද්‍ය වෘත්තිය ගැන විතරක් නෙවෙයි, ලෝකය ගැන හුඟාක් උනන්දුයි. අපේ රටේ වෙන දේවල් ගැන මට කතා කරලා ඇයි එහෙම කරන්න දෙන්නේ, මෙහෙම කරන්නේ නැත්තේ කියලා මට අදහස් දෙනවා. 
 
මගේ පුතා ඉතාමත් කොන්ෂස් ලෝකය ගැන. රටේ වෙන දේවල් ගැන. ඉතින් ඒ වගේ එයාලා ලෝකය සහ රට වෙනස් කරන්න ඒවගේ දායක වෙනවා නම් මම හිතන්නේ මම ඉතාමත් සාර්ථක දරුවන් බිහි කරලා තියෙනවා මේ ලෝකෙට. 
''ඒ දෙන්නා මෙහේ ඇවිල්ලා මේ කුණුගොඩේ එල්ලිලා ඇඟේ මඩයි කුණුයි ගාගන්න එකේ තේරුමක් නෑනේ. කවදහරි විශාල තරුණ පිරිසක් හරියාකාරව හැදිලා ආපු දවසකට මගේ පුතත් ඇවිත් ඒකට දායක වුණොත් මමත් කැමති වෙනවා. හැබැයි තනියම ඇවිල්ලා මේ කොහෙද යන හොරු ගොඩක් ආපහු ගේන්නේ මොකටද ? එහෙම අය ගෙනැල්ල 2015 දී මම ඉගෙන ගත්තනේ හොඳ පාඩමක්. 
 
අපි හිතුවේ ටික දෙනෙක්ට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. ක්‍රමය වෙනස් කරන්න, ඒක කරන්න බැහැ. මොකක්ද ඒකට කියන්නේ මේක උඩුදුවලා මුල් බැහැලා මේක වෙනස් කරන්න බැහැ හතර පස් දෙනෙකුට.''
යයි ඇය වැඩිදුරටත් කියා සිටියි.
 
 
සම්පුර්ණ සංවාදය පහතින්...

 

 

 

 


 

 

 

The Leader TV

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්