රාජපක්ෂ පවුලේ ලොකු අයියා වන චමල් රාජපක්ෂ ඇමතිවරයා මෑතදී කළ ප්‍රකාශයකින් ආණ්ඩුවේ
පරිසර අසංවේදීතාව සංකේතවත් වන බව දේශපාලන හා සමාජ විශ්ලේෂක අජිත් පැරකුම් ජයසිංහ පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශවලට ජලය ගෙනයාම සඳහා සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් තනා එයට හිලව් ලෙස කැලෑ වවන බව කී ඔහු ඒක බෝග රබර් වගාව වනය වැවීමට සමාන කළේය.
ඔහු සිංහරාජය ගැනත්, වැසි වනාන්තරවල වැදගත්කම ගැනත්, ඒක බෝග වගාවේ ගැටලු ගැනත්, රබර් වගාව ගැනත් කිසිවක් නොදන්නා බව පෙනේ.
ඒ හා සමානම වැදගත් කාරණය වන්නේ රාජපක්ෂ පවුලේ ඩී.එම්., ඩ්.ඒ., ලක්ෂ්මන්, මහින්ද, නිරූපමා, නාමල්, චමල්, ශෂීන්ද්‍ර, බැසිල්, ගෝඨාභය ආදී වශයෙන් මේ විස්තෘත පවුලෙන් දශක හතක් පමණ කාලයක් මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, අගමැතිවරුන්, ජනාධිපතිවරුන් පත්වෙලාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනයාගේ මූලික අවශ්‍යතාවත් සපුරන්නට ඔවුන් අසමත් වී තිබීම බව අජිත් පැරකුම් ජයසිංහ පෙන්වා දෙයි.
සුනන්ද දේශප්‍රිය කියන කතාව ?
ඇමති චමල් රාජපක්ෂගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මෙසේ පවසයි.
''එහෙම නම් හම්බන්තොට ජනයාට හුඟක් කළක් වාරි ප්‍රශ්ණයක් තිබිල. එහෙම තියෙද්දි වැඩකට නැති ගුවන් තොටුපොළකුයි, සම්න්ත්‍රණ ශාලාවකුයි, ක්‍රිකට් පිටියකුයි ඔක්තොටම වඩා වරායකුයි පහුගිය කාලෙ හැදුවෙ ඇයි?
චමල්ගෙන් විශේෂ පැහැදිලි කිරීමක් !
පානීය ජල ව්‍යාපෘතියක් සඳහා සිංහරාජ වනාන්තරය තුළ ජලාශ දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවට තමන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයෙන් දැක්වෙන්නේ ගිං - නිල්වලා ජල යෝජනා ක්‍රමය පිළිබඳ යෝජනාව මුලින්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද්දේ 1936 වසරේදී දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ විසින් වන අතර ඊට අදාළ ශක්‍යතා අධ්‍යන කටයුතු මුලින්ම 1968 වසරේදී ඩඩ්ලි සේනානායකගේ රජය විසින් ආරම්භ කර 2019 දක්වා පැවති සෑම රජයක් විසින්ම ඉදිරියට පවත්වාගෙන ගොස් ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය වසර හයකින් සම්පූර්ණ වන පරිදි 2014 වසරේදී ආරම්භ කිරීමට නියමිතව තිබුණු බවත් සිහිපත් කරන චමල් ඇමතිවරයා, කෙසේවෙතත් 2019 වසරේදී තමන් වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව, ශක්‍යතා වාර්තා අධ්‍යනය කිරීමේදී ගිං ගඟේ දකුණු ඉවුරේ යෝජිත මාදුගැටේ ගම්මානය සිංහරාජ රක්ෂිත සීමාවේ පවතින බැවින් ඒ පිළිබඳව දේශීය පරිසර ආයතනවල මෙන්ම සිංහරාජය ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුනෙස්කෝ සංවිධානයේ ද නිර්දේශ සහ නිගමන විමසන ලෙස උපදෙස් ලබාදුන් බවත් පවසයි.
තමන් ප්‍රකාශ කළේ, ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන පානීය ජල ප්රශ්නය මෙන්ම ජල මූලාශ්‍ර සහිත වැසි වනාන්තර සුරැකීම පිළිබඳ රජය මුහුණ දෙන සැබෑ තත්වය සහ වගකීම පිළිබඳව බවත් පවසන ඇමතිවරයා, දේශීය පරිසර ආයතන සහ යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශ සහ නිගමන වලින් පරිබාහිරව රජය ක්‍රියා නොකරන බවත් අවධාරණය කරයි.
එමෙන්ම ජාතික වනෝද්‍යාන සහ රක්ෂිත වනාන්තර තුළ වැව් ඉදිකිරීම දශක කිහිපයක සිටම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන බවත් ඇමතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
The Leader TV
පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!
සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?