"සංවේදී හේතු පෙන්වා, අධිවේගී මාර්ග හදනවාට අකුල් හෙලන්නේ අන්තවාදී දේශපාලන ව්‍යාපාර බවට"
මහින්ද රාජපක්ෂ තොරතුරු මධ්‍යස්ථානය චෝදනා කරන්නේ කඩවත - මීරිගම අධිවේගී මාර්ගය නිසා කපා ඉවත් කිරීමට සලකා බලමින් තිබෙන ගම්පහ දාරලුව, දුම්රිය ස්ථානය අසල පිහිටි, තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා ශාකය කපා ඉවත් කිරීමට විරුද්ධව විශාල හඬක් නැගූ ගම්පහ ප්‍රාදේශීය වන නිලධාරී දේවානි ජයතිලක සහ ඇයගේ මතය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීඥ ජගත් ගුණවර්ධන ඇතුළු පරිසරවේදීන්ට එරෙහිවද යන්න පරිසරවේදීන් අතර කතා බහට ලක්ව තිබේ. 
 
මහින්ද රාජපක්ෂ තොරතුරු මධ්‍යස්ථානයේ එකී චෝදනාව, පරිසරවේදීන්ට එරෙහිව නගන වක්‍ර තර්ජනයක් විය හැකි බවද ඇතැමුන්ගේ මතය වී තිබේ.
 
මහින්ද රාජපක්ෂ තොරතුරු මධ්‍යස්ථානය මෙම චෝදනාව කරන්නේ, රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ කි.මී. 24.3 කොටස ඉදිකිරීමේ කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගමකට භාරදී තිබෙන බවට සිය ෆේස් බුක් ගිනුමේ පළ කරන ලද නිවේදනයක් මගිනි. 
 
51df3b79 d855 473f 8081 af7c9090eae8
 
එම නිවේදනයට අනුව, 
 
"රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ කි.මී. 24.3 කොටස ඉදිකිරීමේ කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගමකට භාරදී තිබේ.
 
රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කි.මී. 73.9ක් ඉදිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා විසින් පසුගිය දා ඉදිරිපත් කරන ලදී. එම පත්‍රිකාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
 
රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමටනම් අත්‍යවශ්‍ය වන කාරණා දෙක වන්නේ සීග්‍රග්‍රාමී ප්‍රවහනය සහ විදුලි බලයයි. නමුත් පසුගිය කාලයේදී විදුලිබලාගාර වලට පමණක් නොව මෑතකදී අධිවේගී මාර්ග ඉදිකිරීමට පවා අන්තවාදී දේශපාලන ව්‍යාපාර විසින් විවිධ සංවේදී හේතු දක්වමින් අකුල් හෙළීය. 
 
දෙවතාවක විප්ලවත්, 30 වසරක යුද්ධයත් නිසා තිස්සේ රටේ ආර්ථිකය එක තැන පල් වෙමින් තිබියදී, අධිවේගී මාර්ග සහ විදුලි බලාගාර ඉදි කරමින් රටේ ආර්ථිකයට ජීවයක් දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විසිනි. 2015 දී අතර මග නවතා දැමූ අධිවේගී මාර්ග පද්ධතියේ ඉදි කිරීම එතුමන් දැන් ආරම්භ කර තිබේ."
 
(උපුටා ගැනීම අවසන්)
 
 
 
කෲඩියා සෙලනිකා ශාකයේ ඉරණම:
 
Crudia Selanika
 
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ 'පණු කරඳ' නම් ව්‍යවහාරික නාමයෙන් හැඳින්වෙන ශාකය කපා ඉවත් කිරීමට සුදානමක් නොමැති බව මහා මාර්ග අමාත්‍යාංශය පවසා තිබේ.
 
එහෙත්, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ, ‘පරණ ගැසට් බල බල දැන් වැඩ කරන්න බෑ. එදා කාලෙයි අද කාලෙයි වෙනස් වෙලා. මේවා යාවත්කාලීන වෙනන් ඕනා’ යනුවෙනි. 
 
කෲඩියා සෙලනිකා ශාකය සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, "ලෝකෙටම එක ගහයි කියපු කෲඩියා සෙලනිකා ශාකය තැන් කිහිපයකින්ම හම්බ උනා. ඉතින් මේ පරිසර විනාශ වෙනවයි කියන කට්ටියට ඇයි කලින් මේ අනික් ගස් හොයාගන්න බැරි උනේ. මේවා තිර පිටපත් අලුත්ම පිටපත පරිසර විනාශය" යනුවෙන් පාරිසරික ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන පිරිස් 'තිර පිටපතකට නාට්‍යයක් රඟ දක්වන' බවට ද චෝදනා කරයි. 
 

Himesh

මෙම ශාකය පිළිබඳව ලැබුණු තොරතුරක් මත මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ නමැති පරිසරවේදියාය. ඔහු ඉකුත්දා බී.බී.සී. සිංහල සේවයට මෙසේ අදහස් දක්වා තිබුණි. 
 
"නුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳලා මීරිගමට යන කොටසේ තමයි දාරළුව ප්‍රදේශය තියෙන්නේ. මේ මාර්ගයට යොදාගන්නා ප්‍රදේශය සම්බන්ධයෙන් පරිසර තත්ත්ව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියට දීලා තිබුණා. ඒ වාර්තාවෙන් කියවුණේ පාරිසරික හානියක් නැති බවයි. 
 
ඒත්, මධ්‍යම පරිසර අධිකාරිය ගිය අවුරුද්දේ අපට උපදෙස් දුන්නා ආපහු සැරයක් අදාළ ප්‍රදේශවල පරිසර තත්ත්වයන් ගැන සවිස්තරාත්මක වාර්තාවක් සපයන්න කියලා. ඒ අනුව කරපු අධ්‍යයනයේදී තමයි මේ ශාකය හඳුනාගන්න ලැබුණේ, මේ ගහේ කොළ දැක්කා ම මම හිතුවා මේ කෲඩියා සිලනිකා ශාකය කියලා. ඒත් ඒ වෙලාවේ ගහේ මල් තිබුණේ නැහැ. ඒ නිසා නිශ්චිතව තහවුරු කර ගන්න බැරි වුණා. ඒත් දැන් ගහේ මල් පිපිලා තියෙනවා. දැන් තහවුරුයි ඒ ශාකය කෲඩියා සිලනිකා බව."
 
 Jagath Gunawardhana
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන
 
කෲඩියා සෙලනිකා ශාකය සම්බන්ධයෙන් අදාල වන නීතිමය තත්ත්වය විග්‍රහ කරන පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසන්නේ, "මෙම සුවිශේෂී ශාකය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන viii වන උප - ලේඛනයේ ඇතුළත් ආරක්ෂිත ශාකයක් බවත්, එවැනි ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම තහනම් බවත්" ය. 
 
එහෙත්, මහා මාර්ග අමාත්‍යවරයා ගේ අදහස වන්නේ පරණ ගැසට් වෙනස් කළ යුතු බවයි.
 

 

 

 

 


 

 

The Leader TV

පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!

 

සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්