එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් වීසින්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් ඊයේ (මාර්තු 23) සම්මත විය.
 
එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද විපක්ෂව ඡන්ද 11ක්ද ලැබිණි. රටවල් 14ක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ.
 
 
dfsdfsdf
සාමාජික රටවල් ඡන්දය භාවිත කළ ආකාරය
 
 
 
2021 වසර මුලදී ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් සකස් කළාය. එම වාර්තාව කියා සිටියේ මෙයට වසර 12 කට පමණ පෙර නිමාවූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බවය.
 
MichelB
 
වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ "පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම වර්තමානයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ අවධානය වැඩි කරන අතර ඒවා නැවත නැවත සිදු වීමට අනුබලයක් ලැබේ" යැයි පෙන්වා දී ඇත.
 
වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ "පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම මානව හිමිකම් කඩවීම් නැවත නැවතත් සිදුවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි" යනුවෙනි.
 
එය තවදුරටත් පවසන්නේ, "දඩුවම් නොලැබ ගැලවී යාම මෙන්ම රජයේ කටයුතු හමුදාකරණයවීම, වාර්ගික-ජාතිකවාදී ප්‍රකාශ හා සිවිල් සමාජය බිය වැද්දවීම වැනි කනස්සලු සහගත ප්‍රවණතා පසුගිය වසර පුරා" තිබූ බවය.
 
රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල කරන එම වාර්තාව පවසන්නේ "හිතාමතා විමර්ශන හා නඩු කටයුතු වලට බාධා පමුණුවන බවත්, පසුගිය කාලය තුළ ලබාගත් සීමිත වර්ධනය පසුබෑමට ලක්වන අයුරින්" ක්‍රියා කරන බවය.
 
  Dinesh Gunawardena
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
 
 
කෙසේවෙතත්, මහ කොමසාරිස් බැචලේ ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහ කොමසාරිස්වරිය "මහපොළොවේ තත්ත්වය නොදැන පදනම් විරහිත චෝදනා" එල්ල කරන බවත්, "විදේශීය නඩුකාරවරු ගෙනැවිත් පරීක්ෂණ පැවැත්වීමට" කිසි ලෙසකින් ඉඩ නොතබන බව කියා සිටියේය.
 
 
"ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා." යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය.
 
dfsdffdfgre
 
මේ අතර ආණ්ඩුවට පක්ෂපාති ජාතික සංවිධාන එකමුතුව පවසන්නේ, ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව සියතින් ගෙල වැල ලා ගැනීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කරමින් සිටි ජයනාත් කොළඹගේලාගේ උත්සහාය පරාජය කරවූ විදෙස් අමාත්‍යය දිනේෂ් ගුණවර්ධනට ප්‍රනාමය පිරිනමන බවයි.
 
ජිනීවා යෝජනාව සම්මතවිම සම්බන්ධව 'ලංකා ලීඩ්' පුවත් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන වල මතය විමසා තිබු අතර එහිදී 'දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ 'මහ ලේකම් වෛද්‍ය වසන්ත බංඩාර මෙසේ සඳහන් කර ඇත.
 
 
 “මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාව ජයග්‍රහනය වීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ ජයග්‍රහනයක් ලෙසයි අප සලකන්නේ. මක් නිසාද යත් විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ මහතා ඇතුලු “පාත් ෆයින්ඩර්වරු” උත්සහා කළේ ශ්‍රී ලංකාව සියතින් ගෙල වැල ලා ගැනීමට අදාල වන්නාවූ ක්‍රියා මාර්ග තේරීමටයි. 
 
එහෙත් විදේශ අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා එඩිතරව ශ්‍රී ලංකාව විසින්ම තමා අමාරුවේ වැටෙන යෝජනා ඉදිරිපත් කර ගැනීමෙන් වැලකී සිටීමට කටයුතු කිරීම අපගේ ජයග්‍රහණයක්. ඒ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යයවරයාට අපගේ ගෞරවණීය ප්‍රණාමය හිමිවෙනවා.
 
ඒ වගේම මේ ජයග්‍රහණය ලබා ගන්නා තෙක් ලෝකය පුරා විසිරී සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ විවිධ උද්ඝෝෂණ කරමින් ජයනාත් කොළඹගේලාගේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට ගත් උත්සාහය මල් පල ගැන්වී තිබීම සතුටට කාරණයක්.” යයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
 
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)
 
 
සබැඳි පුවත් :
 
 

 

 

 


 

 

The Leader TV

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

 

පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්