සිංහරාජයට සිදුකෙරෙන හානිය ජනතා අවධානයට යොමු කිරීමට රුපවාහිනී වැඩසටහනක් කරගත්
භාග්‍යා අබේරත්නට එරෙහිව කෙරෙන අඩන්තේට්ටම් වලට සමාව ඉල්ලන ලෙස උතුරේ පරිසරවේදීහු රජයට බල කර සිටිති.
 
මුලතිව්හි උද්ඝෝෂණයක් පැවැත්වූ බහුතරයක් තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් විරෝධතාකරුවන් විසින් තම අනාගතය අනතුරේ හෙලන පරිසර විනාශයට එරෙහිව හඬ නගන අය නිහඬ කිරීමට දැරෙන උත්සාහය හෙලා දකින ලදී.
 
මේ අවුරුද්දේ ගතවූ තුන් මාසයකට අඩු කාලයක් තුලදී අලි 65 දෙනකු මරුමුවට පත්ව ඇතැයි ප්‍රකාශ කළ විරෝධතා කරුවන් පෙන්වා දුන්නේ අලිමංකඩක හෝටලයක් ඉදි කිරීමෙන් වන අලින්ට සිදුවන අහිතකර  බලපෑමද භාග්‍යා විසින් පෙන්වා දෙන ලද බවයි.
 
වන අලි ගම් වැදීමෙන් මහත් විනාශයක් සිදුවන්නට හේතුවී ඇත්තේ කැලෑ කොල්ලය බව තදින් අවධාරණය කළ උද්ඝෝෂකයෝ, පරිසර සංහාරය අත්හිටුවා වන අලි ඝාතන නැවත්වීමට කටයුතු කරන ලෙසත්, රටේ සිදුවන පරිසර විනාශයට එරහිව හඬ නගන පිරිස් මර්දනය කිරීමෙන් වලකින ලෙසත් රජයට බලකර සිටියහ.
 
බලධාරීන්ගේද සහයෙන් සිදුවන බවට චෝදනා නැගී ඇති මුලතිව් කැලෑ කොල්ලයක් අනාවරණය කිරීමේ යෙදී සිටි මාධ්‍යවේදීන් දෙදෙනකු ඉකුත් ඔක්තෝබරයේ බරපතල පහර කෑමට ගොදුරුවිය. 

 


 

 

 

 

The Leader TV

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

 

පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්