ගුවන් මගීන්ගේ කෝවිඩ් පී.සී.ආර් (PCR ) පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුළ පරීක්ෂා නොකර පෞද්ගලික රෝහලක් වෙත ලබා දී ඇති බව දිවයිනේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයක්
විසින් හෙළි කර තිබේ.
 
 
 
ravi kumudes 1000px"ගුවන් තොටුපල රසායනාගාරයට එන සියලු මුදල් උපයන පරීක්ෂණ ටික එක පෞද්ගලික රෝහලක් ඉලක්ක කරගෙන එළියට දෙනවා. දේශපාලන හයිය පාවිච්චි කරනවා සමහරු." .සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ඒ බව අනාවරණය කළේ මාර්තු 23 අඟහරුවාදා කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 
ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙන රසායනාගාරය වසා දැමීමටත් වෙනත් ව්‍යාපාරික රසායනාගාර එහි ස්ථාපිත කිරීමටත් ඇතමුන් උත්සාහ කරන බවටත් ඔහු එහිදී චෝදනා කළේය.
 
"විදේශ රසායනාගාරයක් දාලා ඒකට ඩොලර් තිස් පහක වගේ මුදලක් ගෙවන්න උත්සාහ කරනවා."
 
 
 
 
ලංකාවේ දෛනික පී.සී.ආර් පරීක්ෂණ සදහා මිලියන 80 ක මුදලක් වැය වන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගියදා  සිදු කර තිබෙන ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යක් බව පවසන සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කරන්නේ, රජයේ රසායනාගාරවල සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය 2500- 3000  දක්වා කප්පාදු කර ඇති තත්වයක් යටතේ පී.සී.ආර් පරීක්ෂණ සදහා මිලියන දහයක මුදලක්වත් වැය වීමට හේතුවක් නොමැති බවයි.
 
 
 
හොර පාරෙන් පෞද්ගලික රෝහලකට යවමින් සිටින ගුවන් මගීන්ගේ පරීක්ෂණ බණ්ඩාරනායක  ගුවන් තොටුපල තුළ ඇති රසායනාගාරයට යොමු කිරීමෙන් පමණක් මිලියන දහයක පමණ මුදලක් උපයාගත හැකි බව වෘත්තියවේදියා අවධාරණය කරයි.
 
" මිලියන 100 ක් වටිනා උපකරණයක් අද වෙන කොට ගුවන්තොටුපල රසායනාගාරයේ වේලෙනවා. ඒක පාව්චිචි කර ගන්න බැරුව. ඒක හයි කරගන්න බැරුව. ඒක සම්බන්ධයෙන් තිරණයක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ."
 
ගුවන් මගින් 3000 -4000 ගේ පී.සී.ආර්  ප්‍රමාණයක් දෛනිකව පෞද්ගලික රසායනාගාරයක් තුළ සිදු කරන බව පෙන්වා දෙන රවී කුමුදේශ් අවධාරණය කරන්නේ එහිදී එක් පරීක්ෂණයක් වෙනුවෙන් ඩොලර් පනහක මුදලක් වැය වන බවයි.
 
එම මුදල රසායනාගාර සේවාවට ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි කරමින් පුද්ගලික අංශයක් වෙත ලබාදීම විහිලුවක් බවයි ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේ.
 
 
 
 

 
 
මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මාර්තු මස 03දා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි වෙත ලිපියක් යොමුකරමින්, ගුවන්තොටුපල තුල ඇති PCR පරීක්ෂණාගාරයේ වෛද්‍ය උපකරණ මිනුවන්ගොඩ රෝහලේ ස්ථාපිත කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.
 
මෙරටට පැමිණෙන විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ හා විදෙස් සංචාරකයින්ගේ PCR පරීක්ෂණ සිදුකිරීම සඳහා ගුවන්තොටුපල VVIP පරිශ්‍රය අසල PCR පරික්ෂනාගාරයක් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් ඉඳිකර ඇතත්, එම ස්ථානයේ වෙනත් සමාගමක් සමග අලුතින් පරික්ෂනාගාරයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බැවින් දැනට රසායනාගාරයේ තිබෙන උපකරණ මිනුවන්ගොඩ රෝහලේ භාවිතයට දෙන ලෙස ඔහු එම ලිපිය මගින් ඉල්ලා තිබේ.
 
 

WhatsApp Image 2021 03 24 at 3.33.27 PM

 
දුපත් රටවල් අනිත් රටවලට වඩා කෝවිඩ් වසංගතයට මුහුණදීමේදී සාර්ථකත්වයක් පෙන්වා තිබුනද විදෙස් හි සිට පැමිණි පුද්ගලයින් ගෙන් එවැනි රටවලටද වසංගතය ව්‍යාප්තවිය.
 
 ශ්‍රී ලංකාව ද කොරෝනා වසංගතයට නිරාවරණය වුයේ කටුනායක ගුවන් තොටුපල නිසි වෙලාවට වසා නොදැමීම නිසා බවට ද රජයට විපක්ෂයෙන් චෝදනා එල්ලවිය.
 
 
 
 
කෙසේවුවත්, පරිත්‍යාගයක් ලෙස ලැබුන PCR යන්ත්‍රයක් හා වෛද්‍ය උපකරණ සවිකර කටුනායක ගුවන් තොටුපලේ  සුවිශේෂී ප්‍රභූ පර්යන්තයේ විදෙස් රටවලින් එන ගුවන් මගීන් වෙනුවෙන් PCR පරික්ෂනාගාරයක් ස්ථාපිත කිරීම ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම කටයුතු කරනු ලැබුවද, මේ වසර තුල දී කිසිඳු ගුවන් මගීයකු වෙනුවෙන් එම පරීක්ෂණාගාරය තුළදී PCR පරීක්ෂණයක් සිදුකර නොමැතිබව අප විසින් සිදුකළ සොයාබැලීමකදී අනාවරනයවිය.
 
 
 
 
මෙම පරික්ෂනාගාරය තුල මේවනවිට සිදුකරනු ලබන්නේ අවට ප්‍රදේශයේ පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ පමණකි.
 
එවැනි තත්වයක් තුල ගුවන් තොටුපලේ අධි ආරක්ෂක කලාපයේ ගුවන් මගීන් නොවන පුද්ගලයින් වෙනුවෙන් PCR පරික්ෂනාගාරයක් පවත්වා ගෙනයාම අනවශ්‍ය අවධානමක් ගැනීමක් බව ගුවන් තොටුපලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
'' මේ PCR යන්ත්‍රය පරිත්‍යාගයක් ලෙස ලැබුනත්, මේ එක පරීක්ෂණයක් වෙනුවෙන් PCR කිට් එකකට ඩොලර් 26ක් වියදම් වෙනවා. මුලදී මුලදී මේ PCR පරික්ෂනාගාරයෙන් තමයි ගුවන් තොටුපල කාර්ය මණ්ඩලයට PCR පරීක්ෂණ කළේ . එත් දැන් එක නවත්තලා ප්‍රයිවෙට් හොස්පිටල් එකකට බාරදීලා. ඇත්තටම දැන් මෙහෙ තියන PCR  යන්ත්‍රය රජයේ රෝහලකට දෙන එක හොඳයි. '' එම නිලධාරියා තවදුරටත් පැවසිය.
 
 
 
ගුවන් මගීන් වෙනුවෙන් අලුතින්ම පරික්ෂනාගාරයක් 
 
 
 

20200514 142422

මේ අතර ගුවන් මගීන් වෙනුවෙන් නවීන පන්නයේ PCR පරික්ෂනාගාරයක් ආරම්භ කිරීමට ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගම කටයුතු කරමින් සිටින නමුත් ආණ්ඩුවේ ප්‍රබලයින්ගෙන්ම ඊට බාධා එල්ලවෙමින් පවතින බව වාර්තාවේ. 
 
අප වෙත වාර්තාවන පරිදි එසේ බලපෑම් එල්ලවී ඇත්තේ මේවනවිටත් ගුවන් මගින්ගේ PCR පරීක්ෂණ සිදුකරනු ලබන පෞද්ගලික රෝහලකිනි. එම රෝහලට රාජපක්ෂ පවුල සමග සමීප සම්බන්ධයක් ඇතැයි ද පැවසේ.
 
විදෙස් වෛද්‍ය පරීක්ෂණ ආයතනයක සහය ලබාගනිමින් මෙම නව පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීම යෝජනාවී ඇති අතර PCR පරික්ෂයක් වෙනුවෙන් දැනට අයකරනු ලබන ගාස්තුවේ වෙනසක් නොකිරීමට ද තීන්දු කර ඇතැයි පැවසේ.
 
දැනට ඕනෑම ගුවන් මගියකුගෙන් PCR පරික්ෂාවකට ඩොලර් 40ක් අයකරනු ලබන අතර ඉන් රජයට හිමි වන්නේ ඩොලරයකටත් වඩා අඩු ආදායමකි.
 
කෙසේවුවද අලුත් සමාගමක් සමග ඇතිකරගැනීමට යන එකඟතාවය අනුව අයකරන ඩොලර් 40ක ගාස්තුවෙන් ඩොලර් 8ක් රජයට හිමිවනු ඇතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
මෙම නව පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමෙන් පසු ගුවන් මගියකුට තමන්ගේ ගමන්මලු ලබාගෙන පිටත්වයාමට පෙර PCR ප්‍රතිපල ලබාදිය හැකිබව ඔහු සඳහන් කළේය.
 
 
 
තවමත් රට වහල ද ?
 
 
'' දැන් ඩුබායි වල ඕනෑම ගුවන් මගියකුගේ PCR පරීක්ෂණයක් කරලා පැය 2යි විනාඩි 20ක් ඇතුලත PCR ප්‍රතිපලය ලබාදෙනවා. නෙගටිව් නම් ඒ වෙලාවේම ගෙදර යන්න පුළුවන්. අපිත් ඒවගේ වැඩපිළිවෙලක් කරන්නැයි යන්නේ. එහෙම නොකර ගුවන් තොටුපල විවෘත කළා කීවට වැඩක් නැහැ...
 
 
 
දැනටත් පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයකුට වුනත්  අපේ රටට එන්න රජයෙන් අවසර ගන්න ඕන.. එක්කෝ විදේශ අමාත්‍යංශයේ, නැත්නම් සංචාරක අමාත්‍යංශයෙන් එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනුමැතියක් ගන්න ඕන. එහෙම නැතුව ලංකාවට එන්න බැහැ ... නමුත් අලුත් පරීක්ෂණාගාරය හැදුවට පස්සේ මේ තත්වය වෙනස් කරන්න පුළුවන්.. ''' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
 

 
The Leader TV

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්