විදේශ විනිමය හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාව අවුරුදු තුනකින් ආපසු ගෙවා නිම කිරීම සඳහා

ඩොලර් කෝටි 150ක් වටිනා ණයක් චීන මුදලින් ලබාගෙන ඇත.

 
ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවක් (currency swap) ලෙසින් හැඳින්වෙන ගිවිසුමක්‌ මගින් ශ්‍රී ලංකා මහ බැංකුව යුවාන් බිලියන 10ක් වන එම මුදල ලබාගෙන ඇත්තේ චීන මහජන බැංකුවෙනි.
 
"ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත," යි රජය නිවේදනය කර තිබේ.
 
චීන ව්‍යවහාර මුදලින් ලබාගන්නා ණය වෙනත් රටවල යොදා ගැනීමේ දුෂ්කරතාව නිසා එය වැය කිරීමට සිදුවනු ඇත්තේ චීනයේම නිෂ්පාදන හා සේවා මිලදී ගැනීමටය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන පරිදි එම මුදල යොදාගනු ඇත්තේ දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමටය.
 
එම ‘වෙනත් අරමුණු’ කවරේදැයි රජය හෙළි කර නැත.
 
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්  සහ චීන මහජන බැංකු අධිපති ආචාර්ය යී ගැන්ග් ගිවිසුමට අත්සන් තබා ඇත.
 
අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා බංග්ලාදේශයේ සංචාරයක් නිමවා නිකුත් කළ ද්විපාර්ශවීය නිවේදනයකින් ද ප්‍රකාශ කෙරුනේ බංග්ලාදේශයෙන්ද මුදල් හුවමාරුවක් ලබාගැනීමට සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.
  
මහ බැංකුව ඉන්දියාවෙන් හුවමාරුවට ලබාගෙන තිබූ ඩොලර් මිලියන හාරසීයක මුදල ගෙවා නිම කළේ ගිය මාසයේය.
 
ඉන්දීය මහ බැංකුවෙන් පසුගිය ජූලි මාසයේ එම මුදල පළමුවෙන් ලබාගෙන තිබුනේ මාස තුනකින් ආපසු ගෙවීමටය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉල්ලීම පරිදි ආපසු ගෙවා නිම කිරීමට තවත් මාස තුනක් කල් දුන්නත් ලංකාණ්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනුමැතිය ලබාගත නොහැකි වීම නිසා ඊට වඩා කල් දීමට ඉන්දියාව එකඟ වී නැත.
 
මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය බව රජය පෙන්වා දෙයි.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6 කි.  එය ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%.

 

 


 

The Leader TV

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්