ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවට
ඉන්දියාව හා ජපානය ඇතුළු රටවල් 14 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දීමෙන් වැලකී සිටීම ජාත්‍යන්තර මතය ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් හසුරවා ගැනීමට ගත් උත්සහයේ සාර්ථක බව පෙන්නුම් කිරීමක් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.
 
ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
 
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 47 න් බහුතරයක් (රටවල් 25) ක් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම විශේෂත්වයක් බව පවසන ඇමති ජොන්ස්ටන්, චීනය, රුසියාව, පකිස්ථානය ඇතුළු රටවල් 11ක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුන් අතර තවත් රටවල් 14ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටිබව කියා සිටියි.
 
ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ මාධ්‍ය ඒකකය මෙවැනි නිවේදනයක් නිකුත්කර ඇත්තේ, ජිනීවා ඡන්දය ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රණයක් බව පැවසු විදේශ අමාත්‍ය දිනේශ ගුණවර්ධනට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ලවෙමින් තිබියදීය. 
 
අප ජාත්‍යන්තර ප්‍රජාවගේ මතය දිනාගැනීම සදහා නිවැරදි මාවතේ ගමන් කරන බව මෙයින් පෙනී යන්නේ යයි පවසන ජොන්ස්ටන් ඇමතිවරයා, සියලුම ආසියානු රටවල් අපේ මතය අනුමත කළ බව ද පවසයි.
 
අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
''මෙම යෝජනාව අනවශ්‍ය අසාධාරණ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇති වගන්තිවලටත් විරුද්ධව ගෙනා එකකි. අපේ වීරෝධාර සන්නද්ධ හමුදාව දශක තුනක් තිස්සේ තිබුණු කුරිරු යුද්ධය අවසන් කළා. ඒ 2009 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්.
 
ලෝකයේ කුරිරුතම බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් රටේ ඒකීයභාවය, සෛවරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමත් වුණා. ලෝක නායකයින් දෙදෙනෙකු ඝාතනය කළ එකම ත්‍රස්තවාදී සංවිධානය මේ එල්ටීටීඊ ත්‍රස්වාදීන්ය. ඉන්දියාවේ රජිව් ගාන්ධි වගේම රණසිංහ ප්‍රේමදාසත් මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ඝාතනය කළා.
 
මිනීමරු කොටි ත්‍රස්තවාදීන් පරාජය කර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරදීම මානව හිමිකම් ගරුකරන ඕනෑම රටක් පිලිගත යුතු බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ වගේම ජනතාවගේ ආරක්ෂාව තහවුරු වීමත් සමග ලෝකයටම ආදර්ශයක් වූ බවත් ඔහු පැවසීය.
 
ශ්‍රී ලංකාවට එරෙහිව පදනම් විරහිත යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට බටහිර රටවල් කිහිපයක් කටයුතු කළා. එම යෝජනාව ඔවුන් ගෙනාවේ රජයකට එරෙහිව නොව ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාශයන්ට බව අප තේරුම්ගත යුතුයි.
  
 යහපාලන රජය එම රටවල් එක්ක එකතුවෙලා අපේ රටට එරෙහිව යෝජනාවක් සම්මත කළා. (30-01) මේ ලෝකයේ කිසිම රටක් මානව හිමිකම් පිළිබඳව තමන්ගේ රටවල් වලට එරෙහිවන යෝජනවලට සහය දක්වලා නැහැ. 
 
පසුගිය මැතිවරණයේ දී අපි ජනතාවගෙන් වරමක් ඉල්ලුවා. මේ රටට එරෙහි යෝජනාවලින් ඉවත්වීමට අනුමැතිය දෙන්න කියලා. ඔවුන් අපට විශිෂ්ඨ ජයග්‍රණයක් ලබා දුන්නා. ලංකාවට එරෙහිව මේ යෝජනාව ගෙන එන්නේ ත්‍රස්තවාදයට එරෙහිව අප කළ මානුෂික මෙහෙයුම්වල අවසාන අදියරේ දීය. 
 
එල්ටීටීය පරාජයට පත්වෙන මොහොතේ ත්‍රස්තවාදීන්ව රැකගන්න පවා උත්සහ කළ රටවල් බව අප අමතක කළ යුතු නැති බව ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඔවුන්ගේ මෙම ක්‍රියාව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන සියලුම රටවල් අධෛර්යමත් කිරීමක් බව ද අමාත්‍යවරයා පැවසීය.''

 

 

 


 

 

The Leader TV

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්