පිළිකා කාරක විෂ සහිත ඇෆ්ලාටොක්සින් (Aflatoxin) අන්තර්ගත බව කියන ආනයනික පොල්තෙල් තොගයක් වෙළඳපොළට මුදාහැරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට චෝදනා එල්ලවී ඇත. 
මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පවසා සිටියේ, පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් එම පොල් තෙල්වල කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු කිරීමෙන් පසුව බවයි.
 
එහිදී ඔහු අවධාරණය කර සිටියේ, මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මැදිහත්ව බවයි.
 
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු තවදුරටත් මෙසේ පැවසිය.
 
 
 
“ පසුගිය දිනවල සමාගම් දෙකක් පොල්තෙල් කිලෝග්‍රෑම් 183,055ක් ආනයනය කර තිබෙනවා. ආනයනය කරන ලද පොල්තෙල් සාමාන්‍යයෙන් අපි රේගු දෙපාර්තමේන්තුවේ බහලුම් අංගනවල තබා ගන්නේ නැහැ. අපි එහෙම කරන්නේ මෙවැනි පොල් තෙල් වල තත්ත්වය පරීක්ෂා කිරීමට නියාමන අධිකාරීය දවස් ගණනාවක් ගත කරන නිසයි. සාමාන්‍ය ක්‍රමයට අනුව, ආනයනය කරන ලද පොල්තෙල් ආනයනකරුවන්ගේ අංගන වලට ගෙනයාමට අවසර දෙනවා. පසුගිය මාර්තු 4 වන දින අපට දන්වා සිටියා මේ සමාගම් දෙකෙන් ආනයනය කරන ලද පොල්තෙල් ප්‍රමාණයන්වල ඇෆ්ලටොක්සින් නම් රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒ අනුව එදිනම අපි ලිඛිතව ඒ සමාගම් දෙකට වහාම එම පොල්තෙල් ප්‍රතිඅපනයනය කරන ලෙස දන්වා සිටියා.” .
 
 
 
රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මාධ්‍යය සාකච්ඡාව පුරාම  පොල් ආනයනය කළ සමාගම් වල නම් සහ අදාල පුද්ගලයන්ගේ නම් මාධ්‍යයට අනාවරණය නොකිරීමට වග බලා ගත්තේය.
 
සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.
 
එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ පෙරේදා (23) දිනයේදීය.
 
 
මෙසේ දැනට විවාදයට භාජනය වී ඇති පොල්තෙල් ටොන් 185.5 ක ප්‍රමාණයක් අඩංගු බහාලුම් ටැංකිවල ශරීරයට අහිතකර Aflatoxin නැමැති ද්‍රව්‍ය අඩංගු වී ඇති බව කොළඹ වරාය සංකීර්ණයේ පවත්වාගෙන යන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක port food and health unit  විසින් දෛනිකව තොග පරික්ෂා කිරීම්වලදී සොයාගෙන ඇත.
 
මෙම සිද්ධිය සෞඛ්‍ය ආයතනය සහ   Sri Lanka ප්‍රමිති ආයතනය  අදාල ආනයනකරුවන් දැනුවත් කර ඇති  අතර එම බහාලුම් අපනයනය කරන ලද සාමාගම්වලට නැවත ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා තත්ත්ව පාලන කාර්යංශය විසින් ඔවුන්ට දැනුම් දී ඇත.
 
එහෙත් මේ වන විට මෙම අවස්තාව ප්‍රයෝජනයට ගන්නා සමහර කොටස් විසින් මෙම සිද්ධිය සඳහා මහා පරිමාණයෙන් ප්‍රචාරණයක් ලබා දෙමින් ආනයන පොල් තෙල් පරිහරණය සෞඛ්‍යයට විශාල වශයෙන් අහිතකර බව පෙන්වීමට උත්සාහ කරමින් සිටියි.
 
 
ඇෆ්ලාටොක්සින් (Aflatoxin) ?
 
 
 
පිළිකා කාරක විෂ සහිත බව කියන ඇෆ්ලාටොක්සින් රසායනිකයක් නොවේ. පුස් වර්ගයකි. පොල්  තෙල් වල පමණක් නොව වියලි මිරිස්, සහල් හා රට කජු වලද ඇෆ්ලාටොක්සින් තිබිය හැක.
 
ඇෆ්ලාටොක්සින් B1 මිනිසුන්ගේ ශරීරයට අහිතකර වන අතර, ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සඳහා වෙන වෙනම සීමාවක් නියම කර ඇත.
 
 
 
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නියමයන්ට අනුව කිලෝ ග්‍රෑම් එකකට ඇෆ්ලාටොක්සින් මයික්‍රෝ ග්‍රෑම් 10කට වැඩිනම් පාරිභෝගිකයින් සඳහා මුදාහැරිමට අනුමැතිය නොදේ. එහෙත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය නියමයන්ට අනුව එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එකකට ඇෆ්ලාටොක්සින් මයික්‍රෝ ග්‍රෑම් 30 දක්වා සලකා බලනු ඇත..
 
 
 
කෙසේවුවද ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මෙසේ විවාදයට තුඩුදී ඇති ආනයනික පොල් තෙල් මුදාහැරීමට අනුමැතිය දී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයක තත්ත්ව සහතිකයක් මතය. එම තත්ත්ව සහතිකය නිකුත්කර ඇත්තේ Lotus Laboratory Services (M) Sdn Bhd ආයතනය විසිනි. එම ආයතනය විසින් නිකුත්කර තත්ත්ව සහතික ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිළිගනු ලබයි
 
 

WhatsApp Image 2021 03 25 at 4.52.55 PM

 
මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව ඇති පොල් තෙල් ආනයනය කර ඇත්තේ  'අලි බ්‍රදර්ස්' , එදිරිසිංහ බ්‍රදර්ස් හා කටාන සමාගම් විසින් වන අතර සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ සහතිකයට අනුව සමාගම් දෙකක සාම්පල අසමත්ව ඇත.
 
 
 
කෙසේවුවද මෙහි වැදගත්ම කරුණ වන්නේ ඕනෑම ආනයනික ආහාර ද්‍රව්‍යයක් මුදාහැරිම සඳහා  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය යන රාජ්‍ය ආයතන දෙකෙහිම අනුමත සහතික  ලබාගත යුතු වුවද අදාල පොල් තෙල් මුදාහරිමේදී රේගුව එම රෙගුලාසිය කඩකර ප්‍රමිති ආයතනයේ සහතිකය පමණක් සැලකිල්ලට ගෙන අදාල පොල් තෙල් තොග මුදාහැර තිබේ. 
 
කෙසේවුවද, ආනයනිකයන්, තත්ත්ව පරීක්ෂණ නිලධාරීන් සහ ජාත්‍යන්තර පර්යේෂණ සමාගම් පෙන්වා දෙන්නේ, මෙම ආනයනික පොල් තෙල් පිරිසිඳු නොකරන ලද (බොර) ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාවකදී පිරිසිඳු කර අපද්‍රව්‍ය, ජලය සහ අනෙකුත් ද්‍රව්‍ය (Moisture Other Volatile Materials ) ඉවත් කර මහජනතාවට සුදුසු පරිදි සකස් කර රසායනාගාරයක් තුළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙළඳපොළට නිකුත් කරන බවයි.
 
තවද ශ්‍රී ලංකාව පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය කිරීමේදී අඩංගු විය හැකි Aflatoxin ප්‍රමාණය ශ්‍රී ලංකා තත්ත්ව පාලන බියුරෝව යටතේ සහා සෞඛ්‍ය අංශ විසින් අනුමත කර ඇත්තේ Aflatoxin Content ඇෆ්ලාටොක්සින් තිබිය හැකි ප්‍රමාණය B1 less Than 5 PPb TOTAL LESS THAN 10PPb_ වශයෙනි.
 
මේ අතර පොල් තෙල් ආනයනකරුවන් පවසන්නේ, ප්‍රමිතිය ඇතුලත තිබෙන පොල්තෙල් පරික්ෂාකර වහාම පිරිපහදු කිරීම සඳහා නිදහස් කළ යුතු බවයි. උත්සව සමය ආරම්භ වෙමින් පවතින අතර විශාල වශයෙන් පොල් තෙල් සඳහා ඉල්ලුමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙති.
 
 
 
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් විසින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ පොල් තෙල් කර්මාන්තශාලා තුළ නිපදවන දේශීය පොල් තෙල් පිරිපහදු නොකරන අතර කිසිදු ආයතනයක් මෙම පොල් තෙල් තත්ත්ව පාලන කාර්යාංශයේ ප්‍රමිතිය අනුව පරීක්ෂා නොකරන බවයි.
 
 
 
################
The Leader TV

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්