17 වැනි වරට සංවිධාන කෙරෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙලට අයදුම්පත් හා නිර්මාණ බාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, 2020 වසර තුළ විකාශය වූ ටෙලි නිර්මාණවලට අදාලව අයදුම්පත් ඉදිරිපත් කිරීමට ඉඩ සැලසේ.
ටෙලි නාට්‍ය, මාධ්‍ය විශිෂ්ටතා, ජනප්‍රිය සම්මාන ඇතුළු කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන 60ක් උළෙලේ දී පිරිනැමීමට නියමිත අතර අලුතින් සම්මාන ත්‍රිත්වයක් ද හඳුන්වාදීමට නියමිත බව සංවිධායකයෝ ප්‍රකාශ කරති.
සංවිධායකයින් විසින් හඳුන්වාදෙන නව සූත්‍රයකට අනුව වැඩියෙන්ම ජනගත වූ ටෙලි නාට්‍ය, වැඩියෙන්ම ජනගත වූ මාධ්‍ය වැඩසටහන සහ වැඩියෙන්ම ජනගත වූ රූපවාහිනී ප්රවෘත්ති විකාශයට මෙම සම්මාන ත්‍රිත්වය හිමිවනු ඇත.
රයිගම් ටෙලීස් සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේ එළැඹෙන ජූලි මස 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත අතර සම්මාන උළෙලට පූර්වගාමිව පැවැත්වෙන නිර්දේශිත නාම ප්‍රකාශ කිරීමේ උළෙල 2021 ජූනි මස 04 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.
අයදුම්පත් මෙතනින් බාගත කරගන්න.
NATION'S TELE AWARDS
(අවාරා)
################
The Leader TV
ජිනීවා ඇන්නුවේ කව්ද ස ?
සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?