''ආර්කේඩ් එකට වියදම් කර තිබෙන්නේ රාජපක්ෂ පවුලේ සල්ලි නොව, රටේ ජනතාවගේ බදු මුදල්. ඒවා තමන්ට රුචි අරුචි ආකාරයට ව්‍යාපාරිකයන්ට පැවරීමේ හැකියාවක් ජනාධිපතිටයි, අගමැතිටයි නෑ.'

 

රාජ්‍ය දේපළ කිසිම ආකාරයකින් දේශීය හෝ විදේශීය කිසිවෙකුට විකුණන්නෙ නොමැති බවට පපුවට අත ගසා දිව්රමින් බලයට පැමිණි වත්මන් නායකයින්, කොළඹ ආර්කේඩ් පරිශ්‍රය තම හිතවත්ම ව්‍යාපාරිකයෙකුට හොර රහසේ ලබාදී තිබෙන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
 
ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා ටෙන්ඩර් කැඳවීමකින් තොරව කිසිදු පුද්ගලයෙකුට මෙලෙස රාජ්‍ය දේපළ පැවරිය නොහැකි බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, මේ ආකාරයට ඉදිරියේදී නිදහස් චතුරස්‍රය ද තම ගජමිතුරෙකුට විකුණා දැමීමට වත්මන් නායකයින් ක්‍රියාකරනු ඇති බවද පෙන්වා දෙයි.
 
ආර්කේඩ් පරිශ්‍රය සංවර්ධනය සඳහා වියදම් කර තිබෙන්නේ රාජපක්ෂ පවුලේ මුදල් නොව, මේ රටේ ජනතාවගේ බදු මුදල් බවත්, ඒවා තමන්ට රුචි අරුචි ආකාරයට ව්‍යාපාරිකයන්ට පැවරීමේ හැකියාවක් වත්මන් නායකයින්ට නොමැති බවද චම්පික රණවක මහතා පෙන්වා දෙයි. 
 
හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, අද(25) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
 
 

 
කොළඹ නිදහස් චතුරස්‍රයට යාබද ආකේඩ් සාප්පු සංකීර්ණ පරිශ්‍රය, සොෆ්ට්ලොජික් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන ඔඩෙල් පීඑල්සී වෙත වසර 10 ක කාලයක් සඳහා බදු  පදනම මත ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා ගිවිසුමකට එළඹෙන ලදී.
 
මේ සම්බන්ධයෙන් අද (25) දින පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිලි කිරීමක් කළ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ, මෙම බදු දීම හරහා ඔඩෙල් පීඑල්සී වෙතින් මාසයකට රු. කෝටියක් හෙවත් වාර්ෂිකව රු. කෝටි 12 ක බදු අදායමක් නාගරික සංවර්ධන අධිකාරියට හිමිවන බවයි. 
 
 
 
 EoQAlJaW4AQbG74
 
මෙය විවෘත ටෙන්ඩර් කැඳවීමේ පටිපාටිය අනුව සිදුකරන ලද්දක් බවත් මේ සඳහා අබාන්ස් පීඑල්සී ආයතනය ද ලංසු ඉදිරිපත් කර තිබුණු බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.
 
 
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා තවදුරටත් මෙසේද පැවසිය.
 
'' මේ වෙළෙඳ සංකීර්ණය ආරම්භක අවස්ථාවේ දී කළමනාකරණය කිරීමේ කටයුතු කළේත් නාගරික සංවර්ධන අධිකාරිය විසින්මයි. 2014 දී මාසිකව මිලියන 10 ක පමණ ආදායමක් ඉපයූවත් 2015 න් පසුව යහපාලන රජය බලයට පැමිණි පසු වසරින් වසර මෙහි මාසික ආදායම පහත ඇවිත් අවසාන වන විට මිලියන 8.9කටත් වඩා අඩු මට්ටමකට වැටී තිබුණා. 
 
ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය වුණේ 2019 වර්ෂයේ අපි බලයට එන විට රු. මිලියන 100කට අධික මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට හිඟ මුදල් ලෙස අයකර ගත යුතුව තිබුණා. කඩ 42 න් කඩ 11ක් වසා දමා තිබුණා.“
 
“මේ කරුණු සියල්ලම සලකා බලා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබෙනවා, එහි කළමනාකාරීත්වය පුද්ගලික ක්ෂේත්‍රයට බදු දී ආයතනයට වැඩි ආදායමක් උපයා ගන්නට. මේ කාර්යය කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවත් විසින් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින්. 
 
 
 
වාර්ෂික බදුකුලිය ලෙස රු. මිලියන 120 ක තක්සේරුවක්
 
 
 
මේ ක්‍රියවලියේ දී රජයේ තක්සේරුකරුගෙන් මේ ගොඩනැගිල්ල සඳහා වාර්ෂික බදුකුලිය ලෙස රු. මිලියන 120 ක තක්සේරුවක් ලැබිලා තිබුණා.
 
 පුවත්පත් දැන්වීම්වල ප්‍රචාරය දක්වමින් ආයතන කිහිපයක්ම ටෙන්ඩර් ලිපිලේඛන මිල දී ගෙන තිබුණත්, මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා ආයෝජකයින්ට ලබා දී තිබූ සති 4ක කාලය තුළ ලංසු තබා තිබුණේ ඔඩෙල් පීඑල්සී කියන ආයතනය සහ අබාන්ස් පීඑල්සී කියන ආයතන දෙක පමණයි. 
 
මේ ටෙන්ඩරය සඳහා අනුගමනය කර තිබුණේ තාක්ෂණික යෝජනා සහ මූල්‍ය යෝජනා වෙනවෙනම ඉදිරිපත් කරන Two Envelope ක්‍රමවේදයයි. තාක්ෂණික කමිටුව යෝජනා අධ්‍යයනය කොට ටෙන්ඩරය සඳහා සියලු නිර්ණායකයන් සම්පූර්ණ කරන ලද ඔඩෙල් පීඑල්සී ආයතනය තෝරා ගෙන තිබුණා ඊළඟ වටය සඳහා. මේ ආයතනය ප්‍රසම්පාදන කමිටුව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.
 
“ඔඩෙල් පීඑල්සී ආයතනය මසකට රු. මිලියන 10 ක්, එනම් වර්ෂයකට බදු කුලිය රු. මිලියන 120 ක් බදු රහිතව ගෙවීමට ගිවිසුම් ගත වී තිබෙනවා. ''
 
 

The Leader TV

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්