ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් මිලිටරි පාලනයක් කරා ඇදගෙන යමින් මියන්මාර් දේශයක් බවට පත් කරමින් සිටින බවට සිවිල් සංවිධාන වෙතින් රජයට චෝදනා එල්ල වී තිබේ.

මෙම ක්‍රමවේදය රටේ ජනතාවට ඉතාමත් අහිතකර තත්වයක් නිර්මාණය කර ඇති බවට අනතුරු ඇඟවූ නීතිඥ අචලා සෙනවිරත්න ආණ්ඩුව විසින් ක්‍රියාවේ යෙදවීමට සැරසෙන නඩු නැතිව රඳවාගැනීමේ පිළිවෙත සම්බන්ධයෙන් ප්‍රමාණවත් විරෝධයක් මතු නොවීම ගැන කනස්සල්ල පල කළාය.
 
 
Attorney at Law of the aggrieved party Achala Senevirathna child abusing in sri lanka Aithiya
                                                  නීතිඥ අචලා සෙනවිරත්න
 
"අපිට නොපෙනුනාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගෙනාපු ගැසට් පත්‍රය අපි කිසි කෙනෙක්ගේ ඒ ගැන අවධානයක් යොමු වෙලා නෑ. නමුත් බලන්න ඒ ගැසට් පත්‍රය අරගෙන ඒ ගැසට් පත්‍රය හරහා වසරක කාලයක් අධිකරණයකට ඉදිරිපත් නොකර පවා තබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ තත්වය ඉතාම භයානකයි. මිනිස්සු මේ ගැන කතා කරන් නෑ.  මාධ්‍ය මේ ගැන කතා කරන්නේ නෑ. හෙට ජාතිවාදය හෝ එහෙම නැත්නම් ආගම්වාදය ගැන කතා කරා කියන සැකයක්  මත ඔනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න හැකියාවක් තියනවා."
 
ඉතාමන් අභ්‍යාග සම්පන්න කාලයක් රටට උදා වී ඇති බව නීතිඥ අචලා සෙනවිරත්න සදහන් කළේ "එපා, ජනතා අපේක්ෂාවන් විනාශ කරන, මිලිටරීකරණය එපා, ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන්ට හිරිහැර එපා, ජන වර්ගවලට කෙනෙහිලිකම් එපා, නීතියේ ආධිපත්‍යයට බලපෑම් එපා, යුක්ති ගරුක ශ්‍රී ලාංකිය දේශයක් වෙනුවෙන්"  බැනරය පෙරටු කරගනිමින් කොළඹදී පැවැති විරෝධතාවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
මාර්තු 25 බ්‍රහස්පතින්දා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වු විරෝධතාවය සංවිධානය කර තිබුනේ "ජන බල පවුර" සිවිල් සංවිධානය විසිනි.  
 
මේ වන විට කාන්තාවන්ට සහ ළමයින්ට අනාරක්ෂිත ස්ථානයක් බවට රට පත් කර තිබෙන බවටත් නීතිඥ අචලා සෙනවිරත්න ආණ්ඩුවට චෝදනා එල්ල කළාය.
 
 
 
ඇය එහිදී වැඩි දුරටත් සදහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී  ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වුයේ රටේ මහජනතාවට විරුද්ධව නොව රටේ පාලකයන්ට විරුද්ධව බවයි.
 
"මොකද මේ පාලකයෝ අරගෙන ගිය ක්‍රමවේදය තුළ මිනිස් අයිතිවාසිකම්, මිනිස්සුන්ගේ මානව හිමිකම් සියලුම දේ  උල්ලංඝණය කිරීමක්."
 
 Sudesh Nandimal Prisoner Rights Protection Committee1
                                        සුදේශ් නන්දිමාල් සිල්වා
 
 
 
විරෝධතාවය අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දැක්වු ජන බල පවුර සංවිධානයේ කැදවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා අවධාරණය කළේ මේ රටේ දුක් විදින පීඩිත පංතිය මේ වන විට විශාල අර්බුධයකට මුහුණ දී සිටින බවයි.
 
" මේ රටේ මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතියවත් ඉදිරියේදී තිබෙයිද කියන එක පිළිබදව අපිට ප්‍රශ්නයක් වෙලා තියනවා."
 
රටේ වන සම්පත විනාශ කරමින් සතෙකුට හෝ ජීවත් වීමට නොහැකි පරිසරයක් නිර්මාණය කරමින් පවතින බවට චෝදනා කරන සුදේශ් නන්දිමාල් සිල්වා එහිදී වැඩි දුරටත් චෝදනා කළේ ආදීවාසී ජනතාවගේ සම්පුර්ණ ජීවන රටාව වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවටයි.
 
ශ්‍රී ලංකාව තුළ ජීවත් වන විවිධ ජාතීන්ට ඔවුන්ගේ සංස්කෘතිය රැක ගැනීමට නොහැකි තත්වයකට මුහුණ පා සිටින බව පවසන සුදේශ් නන්දිමාල් වැඩි දුරටත්  පෙන්වා දුන්නේ ඔවුන්ගේ සංස්කෘතිය වෙනස් කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි.
 
 
  
ජාතිවාදය,  වර්ගවාදය තුලින් ආණ්ඩුව බලයට පත් වු බවට චෝදනා කරන ජන බල පවුර සංවිධානයේ කැදවුම්කරු වැඩි දුරටත් අවධාරණය කළේ විවිධ ජාතීන්ට අයත් වුවද උපන් භුමිය ඔවුන්ගේ මව් රට බවයි.
 
" එක රටේ ඉපදුනානම් දෙමළද, මුස්ලිම් එකාද සිංහලයද කියලා නෑ ඔහුගේ මව් බිම වෙන්න ඕනේ මේ රට. ඔහු උපන්නේ මේ මව් බිමේනම් ඔහුගේ මව්බිම තමයි මේ ලංකාව . "
 
ආණ්ඩුව සිදු කරන "මජර" ක්‍රියාවන්ට එරෙහිව ඉදිරියේදී සිංහල, දෙමළ. මුස්ලිම් ජන කොටස් ඒකාරාශිකරගනිමින් හඩ අවදි කිරීමට කටයුතු කරන බව සුදේශ් නන්දිමාල් සිල්වා වැඩි දුරටත් සදහන් කළේය.
 
 

 
කියවන්න :
 

 
 
The Leader TV

 

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්