මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගට අත්වූ ඉරණම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට
අත්වීමට ඉඩදිය නොහැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුව අමතමින් පැවසිය.
ඇගේ ජීවිතය පිළිබඳ වගකීම රජය බාරගත යුතු බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
''හිටපු ජනපතිනියගේ ආරක්ෂාව දුර්වලයි. ඇයගේ නිවසට නන්නාදුනන පුද්ගලයින් ඇතුල්ව සැරිසැරීම සැක කටයුතුයි. පරීක්ෂණ නිසි අයුරින් සිදු නොවීම ගැටළුවක්.. '' යයි පැවසු කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුව අමතමින් තව දුරටත් මෙසේද සඳහන් කළේය.
''අපේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංත මැතිණියගේ හොරගොල්ලේ නිවසට 2021 ජනවාරි 21 වෙනිදා කිසියම් පිරිසක් ඇතුල්වෙලා එම නිවසේ සැරිසරලා තියෙනවා. මොවුන් නිවස පුරාම ඇවිද නිවසේ තිබූ වටිනා භාණ්ඩ කිසිවක් ගෙනයන්නේ නැතුව පිටව ගිහින්.
ඇඟිලි සලකුණු ගන්නවා, පොලිසියේ එයාලගේ රාජකාරි කරනවා.
නමුත් මේ වන විට සති 9 ක් ගත වී ඇතත් පොලිසිය විසින් කිසිම තොරතුරක් සොයාගෙන නැහැ.
සති හතරක් ගියපසු පරීක්ෂණවල ප්‍රතිඵලයක් නොමැති බව පෙනී යන විට පොලිස්පතිතුමා හමුවී මේ පිළිබඳ විමසා තියනවා.
ඔහු පොලිසියේ ප්‍රධාන නිලධාරීන් ගණනාවක් කැඳවා සාකච්ඡා කළත් ප්‍රතිඵලයක් මේ වන තෙක් නැත.
ඒ අතර භයානක සිදුවීමක් සිදුවී තියනවා. චන්ද්‍රකා මැතිණිය පොලිස්පති හමුවී දින දෙකකට පසු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පොලිස් වාහනයකින් පැමිණ එතුමියගේ මුරකරු හමුවී මේ සිද්ධියේ වැරැද්ද භාරගන්නා ලෙසට ඔහුට බලපෑම් කරලා තියනවා.
මුරකරු කිසිසේත්ම එකඟ නොවූ නිසා ඔවුන් ගෙන ආ පැමිණිලි පොත අකුලාගෙන පිටව ගිහින්.
මේ සියල්ල සලකා බලන විට හිටපු ජනාධිපතිනියගේ ජීවිතයට තර්ජනයක් තිබෙන බව අපට පෙනී යනවා.
එතුමියද එය විශ්වාස කරන බැවින් පොලිස් මූලස්ථානයට පසුගිය 10 වැනිදා එතුමිය විසින් ප්‍රකාශ කර ඇත්තේ එතුමියගේ ජීවිතයට තර්ජනයක් තියෙන බවයි.
ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශයටත් පොලිසියටත් දිගු කලක් නායකත්වය ලබා දුන් කෙනෙක් හැටියට මගේ අවබෝධය අනුව මේ සඳහා පරීක්ෂණ අවශ්‍ය පරිදි සිදු නොවුණ බව පැවසීමට හේතු වන කරුණු අතුරින් කීපයක් බව එතුමිය ද සඳහන් කරනවා.''
The Leader TV
බෙල්ල දෙන්න එන ප්රවෘත්ති අධ්යක්ෂ ?
එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?