මෙරටට ආනයනය කර ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට රජය තීරණය කර ඇත.
 
 
ඒ අනුව බෝතල්වල ඇසුරුම් කළ පොල්තෙල් ද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
 
මෙරටට ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13ක ඇෆ්ලටොක්සින් නම් පිලිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉකුත්දා තහවුරු කළේය. එහි අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ 83,000කි.
 
මෙසේ පොල්තෙල් බෝතල් සාම්පල පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය මෙසේ පියවර ගෙන ඇත්තේ, විස පොල්තෙල් මේ වනවිටත් වෙළදපොලට නිකුත් වී ඇති බවට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් විසින් කරනු ලබන චෝදනා සැලකිල්ලට ගනිමිනි.
 
පලමු අදියර යටතේ දිවයිනේ තෝරා ගත් ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි තොග වශයෙන් පොල්තෙල් අලෙවි කරන ව්‍යාපාරික ස්ථානවලින් සාම්පල ලබා ගැනිණ.
 
 දෙවන අදියර යටතේ බෝතල් කළ පොල්තෙල් ද පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.
 
වෙළදපොලේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත් දැයි සොයා බැලීම සදහා ලබා ගත් සාම්පල 100 ක් මේවනවිට පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
 
පොල් සංවර්ධන මණ්ඩලය ඇතුලු ආයතන කිහිපයක් වෙත ඒවා ලබා දී ඇති අතර ඒවායේ පරීක්ෂණ වාර්තා මේ සතියේදී ලැබෙනු ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
 
මේ අතර තවත් සමාගම් 03ක් මෙරටට ගෙන්වූ පොල්තෙල් සම්බන්ධයෙන් දෙවන සාම්පල පරීක්ෂාවේ අවසන් වාර්තා අද ලැබීමට නියමිතය. 
  
තවත් සමාගමක් ගෙන්වූ පිරිපහදු නොකළ පොල්තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කරනු ලැබූ දෙවන තත්ත්ව පරීක්ෂාවෙන් ඒවායේ ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බව ඊයේ තහවුරු විය.
ඒ අනුව එම සමාගමට අදාල පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇත.
 
පළමු සාම්පල් පරීක්ෂාවෙන් ද මීට පෙර තහවුරු වී තිබුණේ අදාල සමාගම් 04ම ගෙන්වු පොල්තෙල් වල විස රසායන ඇති බවයි. 
 
පසුව ආනයනික සමාගම් විසින් සිදුකරන ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් ඒවායේ සාම්පල යළි පරීක්ෂා කිරීම ආරම්භ විය.
 
කෙසේවෙතත් පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ ආනයනික පොල්තෙල් ගබඩා කර ඇති ගබඩා තුනකට මුද්‍රා තැබීමටද පෙරේදා පියවර ගෙන තිබිණ.
 
 
 
'ලූස්' පොල් තෙල් පරීක්ෂාවක් නැහැ ?
 
 COconut Oil
 
මෙසේ මෙරටට ආනයනය කර ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ මෙහෙයුම් මේවනවිට ආරම්භ කරමින් පොල් තෙල් බෝතල් පරික්ෂා කිරීම් පවා ආරම්භකර ඇතත්, ශ්‍රී ලංකාවේ පොල් තෙල් කර්මාන්තශාලා තුළ නිපදවන පොල් තෙල් රජයේ කිසිඳු තත්ත්ව පාලන කාර්යාංශයක ප්‍රමිති පරික්ෂාවට ලක්නොවේ. 
 
 ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ රසායනික විශේෂඥයකු පැවසුයේ, මෙරට පොල් තෙල් නිෂ්පාදනය කරන බොහෝ ආයතන මෙතෙක් ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ලබාගෙන නොමැති බවයි.
 
''ආනයනය කරන පොල් තෙල් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පරික්ෂාවට ලක් කලාට, බෝතල් නොකර 'ලූස් විදියට' මහ පරිමාණයෙන් විකුණන දේශීය පොල් තෙල් සම්බන්ධයෙන් කිසිඳු පරීක්ෂණයක් කරන්නේ නැහැ. අපේ ප්‍රමිති සහතිකය අරගෙන තියන්නෙත් සමාගම් කිහිපයක් විතරයි. 
 
අපට එහෙම කරන්න කියලා බලපෑම් කරන්න බැහැ. අලුත් සභාපතිතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනයට බලය දෙන්න අලුත් නීති ගෙන්න කියල රජයේ බලධාරීන්ගෙන් දැනටමත් ඉල්ලීම් කරලයි තියන්නේ.
 
 
මෙතන තියන බරපතලම කාරණය බෝතල්වල, ටින්වල අසුරා නැතිව 'ලූස්' විදියට හැමතැනකම විකුණන පොල්  තෙල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානයක් යොමුවෙලා නැහැ. 
  
ගෙවල්වල පරිභෝජනයට පොල් තෙල් බෝතල් ගත්තට හුඟක් හෝටල්වලට ගන්නේ ලුස් විදියට මහ පරිමාණයෙන් විකුණන ලාබ පොල් තෙල්. මේවයේ ප්‍රමිතිය ගැන සහතිකයක් නැහැ. දැන් අපි ඔය හෝටල්වලින් කන කොත්තු රොටි, ප්‍රයිඩ් රයිස්වලට ගන්නේ ඔය කියන ලූස් පොල් තෙල්. ඕව ගැනත් මාධ්‍යවල අවධානය යොමුකරන්න.'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
 
සබැඳි පුවත් :

 

 


 

 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්