පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඉකුත් 23දා රැස්වූ අවස්ථාවේදී 'ලංකා මිනරල් සෑන්ඩ්' ආයතනයේ
සිදුව ඇතැයි කියන දුෂණයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ම මැති ඇමතිවරුන් විසින් දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුවේ විෂයබාර අමාත්‍ය විමල් විරවංශ අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් දැයි ආණ්ඩු පක්ෂයේ 'ජාතිකවාදීන්' තුළ බරපතල සැකයක් මතුව තිබේ. 
 
කෝප් කමිටුවේදී ඒ සම්බන්ධයෙන් පළමුව ප්‍රශ්නකරනු ලැබුවේ ඇමති මහින්ද අමරවීර යි.
 
'ලංකා මිනරල් සෑන්ඩ්' ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජ වැලි ටොන් එකක් සඳහා ඇමෙරිකන් ඩොලර් 165ක මිලක් ඉදිරිපත් කළ ගැනුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිටි ඉල්ලූම්කරුට ඇ.ඩො. 147කට ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය දීම සම්බන්ධයෙන් වහාම විමර්ශන පවත්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට මේවනවිටත් දැනුම්දී ඇත.
 
මෙකී පළමු ගැනුම්කරු ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 165කුත්, දෙවැනි ගැනුම්කරු ඇ.ඩො. 163කුත්, තෙවැනි ගැනුම්කරු ඇ.ඩො. 146ක් හා සිවුවැනි ගැනුම්කරු ඇ.ඩො. 130ක මිලක්ද ඉදිරිපත් කර තිබූ බව කමිටුව හමුවේ අනාවරණය විය.
 
මෙම විකිණිමට අදාළ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ටෙන්ඩර් අනු කමිටුවකින් ලබාදී ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීහු පොදු ගිණුම් කාරක සභාවේදී අනාවරණය කළහ.
  
එහිදී 'කෝප්' කමිටු සාමාජික රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ''මෙහි පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් කැබිනට් එක කවදාවත් මෙහෙම තීන්දුවක් ගන්නෙ නෑ, කැබිනට් එකට හරියට තොරතුරු ටික යැව්ව නම්, මෙම විකිණීමට ගිහින් තියෙන්නේ කැබිනට් එක මුළා කිරීමකින් ''  යයි දැඩි ස්වරයෙන් යුතුව කියා සිටියේ ය.
 
ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ගැනුම්කරුවකුට අලෙවි කළ මෙම ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 85,000ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩා කර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජ වැලි ගබඩා කිරීමට ඉඩ පහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බවද කාරක සභාව හමුවේ අනාවරණය විය.
 
මේ පිළිබඳව විමර්ශනය කොට, මසක් තුළ වහාම වාර්තාවක් දෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට ට කෝප් සභාපතිවරයා නියෝග කළේ මෙසේ ගබඩා කර ඇති ඉල්මනයිට් ඛනිජ වැලි තොගයෙන් මුදල් ගෙවා ඇත්තේ මෙට්‍රික් ටොන් 65,000ක් සඳහා පමණක් බවත් තවත් මෙට්‍රික් ටොන් 20,000ක් සඳහා මුදල් අය කර ගැනීමට නියමිත බවත් 'මිනරල් සෑන්ඩ්' ආයතනයේ නිලධාරීන් විසින් අනාවරණය කිරීමෙන් පසුවය.
 
මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කැබිනට් පත්‍රීකාව යවා තිඛෙන්නේ ඉදිරිපත් වූ ආනයන අතරින් සාරානුකූල ලෙස ප්‍රතිචාර දැක්වූ ආයතන නොමැති බැවින් මෙම ටෙන්ඩරයේ ඉල්මනයිට් විකිණිම අවලංගු කර නැවත ටෙන්ඩර් කිරීමට සිය නිර්දේශය ලබා දෙමින් බවද කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට  කෝප් කමිටු වෙත දැනුම් දුන්නේය.
 
 
 
විමල්ට කපන්න 'ප්ලැන්' කරලා කියපු කතාවක් ?
 
එම 'කෝප්' කමිටුවේදී 'මිනරල් සෑන්ඩ්' ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරුණ කතාබහ සියලු මාධ්‍ය මගින් අනාවරණය කර තිබිණ.
 
එහිදී 'ඉරිදා මව්බිම' මාර්තු 28දා පුවත්පතේ ''විමල්ට කපන්න හිතාගෙන සුසිල් කැබිනට් එකට දෙහි කපයි'' යන ශීර්ෂයෙන් යුතුව පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් 'කෝප්' කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසා ඇත්තේ, කෝප් කමිටුවේදී තමා ඇමැතිවරයකුගේ නමක් සඳහන් නොකළ බවයි. 
 
dfsdfyuy 
 
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉකුත් 23දා රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා වූ කරුණු ඇතුළත් 'ඉරිදා මව්බිම' වාර්තාවේ අන්තර්ගතයට නොගැළපෙන සිරස්තලයක් යොදා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසු බව 'මව්බිම' අද වාර්තා කර තිබේ.
 
එම ශීර්ෂ පාඨයෙන් මහජනතාව නොමඟ යන බව සඳහන් කරන ඇමැතිවරයා කෝප් කමිටුවේදී ඇමැතිවරයකුගේ නමක් තමා විසින් කොතැනකදීවත් සඳහන් නොකළ බවද අවධාරණය කර සිටියි.
 
භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශයට ඛනිජ වැලි විකිණිමේදී ලැඛෙන රාජ්‍ය භාගය මෙසේ අඩු ටෙන්ඩරයට ලබාදීමෙන් පහත වැටෙන බව මහින්ද අමරවීර පරිසර ඇමැතිවරයා විසින් 'කෝප්' කමිටුවේ දී පෙන්වා දුන් බවද සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි. 
  
කෝප් කමිටුව 2018-2019 ගිණුම් වාර්තාව සාකච්ඡා කරමින් සිටියදී මහින්ද අමරවීර ඇමැතිවරයා අතුරු ප්‍රශ්නයක් නගමින් ඛනිජ වැලි විකිණිමේ ටෙන්ඩරය අඩු මිලකට ලබාදී ඇති බවත් එසේ මෙම ටෙන්ඩරය අඩු මිලට පිරිනැමීමේදී රාජ්‍ය භාගය අඩුවීම පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒ පිළිබඳ සියලූ තොරතුරු කාරක සභාව හමුවේ අනාවරණය කළ බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
 
ඉල්මනයිට් ටෙන්ඩරය අවලංගු කරන්න කර්මාන්ත ඇමැති විමල් කලින්ම නිර්දේශ කර තිබී ඇතැයි ද 'මව්බිම' පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 
විමල්ගේ නැඟුණු හම්බන්තොට හූවේ මැද අමරවීර මුල බැසිල් !
 
 bes
විමල් ආණ්ඩුවෙන් පන්නන්න බැසිල් එකදිගටම වැඩ ...
 
 
මේ අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට මාර්තු  27 දා කිරින්ද ප්‍රජා ශාලාවේදී බාධා කරමින් 'හූ' කියවීම
බැසිල් පාර්ශවය විසින් සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් වියහැකියයි ආණ්ඩුවේ ඇතැමුන්ට බරපතල සැකයක් මතුව ඇත.
 
එහිදී එල්ලවූ විරෝධය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු පැවසුයේ, විමල් විරවංශ අමාත්‍යවරයා එම රැස්වීමට සහභාගී වුයේ හම්බන්තොට දේශපාලන නායකයින්වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා මහින්ද අමරවීර අමාත්‍යවරුන්ගේ බලවත් ඉල්ලීම මතබවයි. 
 
කෙසේවුවද ඔවුන් තිදෙනා රැස්වීම මගහැර විමල් විරවංශ අමාත්‍යවරයා අපහසුතාවයට පත්කිරීමට උත්සහකර ඇති බව ඔහු පැවසිය.
 
නාමල් රාජපක්ෂ ඇමතිවරයා රැස්වීමට එක්ව ඇත්තේ විමල් විරවංශ අමාත්‍යවරයාට ප්‍රදේශවාසීන් විසින් 'හූ' කියමින් විරෝධය පළකළාටත් පසුවය. 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වන මහින්ද අමරවීර අමාත්‍යවරයා, 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක  බැසිල් රාජපක්ෂ ගේ කොන්ත්‍රාත් ඉටුකරනු ලබන්නෙක් බව මේවනවිට තහවුරු වී ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති ජාතිකවාදී සංවිධානයක ප්‍රබලයකු 'ද ලීඩර්' වෙත පැවසිය.
 
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රතිචාරය දැනගැනීමට අප ගත් උත්සාහය අසාර්ථකවිය. 
 
 
 
සබැඳි පුවත් :
 

 2- විමල්ට 'හූ' කියෙව්වේ නාමල් - අමරවීර හවුල ද?

 


 

 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්