මියගිය කැස්බෑවන් දෙදෙනකුගේ සිරුරු වැලිගම මුහුදු වෙරළ තිරයේ තිබීයදී හමුවී තිබේ.
ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබදව වන ජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ සිරුරු පරීක්ෂා කර ඇත.
 
බිත්තර දැමීමට ගොඩබිමට පැමිණි කැස්බෑවුන් දෙදෙනෙකු මසුල් අල්ලන දැල්වල පැටලී මියයන්නට ඇති බවට වන ජීවී නිලධාරීහු සැක කරති.
 
කැස්බෑ සිරුරු දෙක වැලිගම මුහුදු වෙරළේ වල දැමීමට වන ජීවි නිලධාරීන් කටයුතු කර තිබේ.
 
ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් සිටින සත්ත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයටද ඇතුළත්ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව විශේෂයකි.
 
 
බිත්තර දැමීම ලංකාවේ
 
 
Leather Back Sea Turtle 3
 
ලොව පුරා සාගරවාසී කැස්බෑ විශේෂ 7ක් හදුනාගෙන ඇති අතර එයින් විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී එන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
 
ලංකාව තුළ දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් ලෙස බටු කැස්බෑවා (Olive ridley turtle), ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead), ගල් කැස්බෑවා (Green turtle), පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන් හදුනාගෙන තිබේ.
 
ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ III වන කොටසේ 30 වන වගන්තියේ සඳහන් නීතිරීතිවලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් නීතියෙන් සපුරා තහනම් වේ.
 
එහි 30(2) වගන්තිය යටතේ එම ක්‍රියාවල නිරතවෙන වැරදිකරුවන්ට ලබාදිය යුතු දඬුවම්  දක්වා තිබේ.
 
ඒ අනුව  වරදකරුට  රුපියල් දසදහසකට අඩු නොවන රුපියල් තිස්දහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නොවන සහ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගතකිරීම හෝ දඩය සහ දෙකම නියම කළ හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති.
 
 
 
 
####################
THE LEADER TV 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 
බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්