ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි නඟා සිටුවීමේ දීපව්‍යාප්ත මෙහෙයුම එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේනගේ
ප්‍රධානත්වයෙන් අද (මාර්තු 30) මහනුවරින් ආරම්බ වේ.
 
ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිළධාරී මණ්ඩලය අද  (30) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමට නියමිතව ඇත.
 
අනතුරුව වීර කැප්පෙටිපොල ප්‍රතිමාව ඉදිරියේ පුෂ්පොපහාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 
ගැටඹේ රාජිතපෝවනාරාමය වැඳ පුදා ගැනීමට ද නියමිත ශ්‍රීලනිප නිළධාරීන් අනතුරුව මාතලේ පැවැත්වෙන වැඩමුළුවකටද සහභාගී වනු ඇත. එම වැඩමුළුව අද සහ හෙට දෙදින තුල පැවැත්වේ.
 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට 'අත' ලකුණින් තරඟ කිරීමට ශ්‍රීලනිපය දැනටමත් තීන්දුකර තිබේ.
 
 
 
ද්විත්ව පුරවැසියන් එපා !
 
මේ අතර 'අනිද්දා' සති අන්ත ජාතික පුවත්පත සමඟ අදහස් දක්වා ඇති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෙක් පවසා ඇත්තේ, ද්විත්ව පුරවැසියන්ට රජයේ කිසිදු ප්‍රධාන තනතුරක් ලබා නොදීම ඇතුළු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඇතුළත් යෝජනාවලිය ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත් කර ඇති කමිටුව වෙත එසේ බාර දීමට නියමිත බවයි.
 
ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරු මෙන්ම රාජ්‍ය ආයතන සහ ජනාධිපති කොමිෂන් සභාවල සාමාජිකත්වය ඇතුළු කිසිම තනතුරක් ලබා නොදෙන ලෙස ශ්‍රීලනිපය එම යෝජනාවලිය මගින් අවධාරණය කර තිබේ.
 
විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ රටේ සියලු පක්ෂ සාකච්ඡා කොට, බහුතර කැමැත්ත අනුව තීන්දුවක් ගත යුතු බවද එම යෝජනාවලියේ සඳහන්ය.
 
 ව්‍යවස්ථාදායකය මන්ත්‍රී මණ්ඩල දෙකකින් යුතු වීම, මැතිවරණ ක්‍රමය මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම, බලය බෙදීම තහවුරු කිරීම ආදි යෝජනාද එම වාර්තාවට ඇතුළත්ය.
 
මෙම කමිටුව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් 2020 අගෝස්තු මාසයේදී පත් කළේය.
 
 

 

 


 

 
THE LEADER TV 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 
බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්