පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකාරයින්, මහා සීනි බදු වංචාවට සම්බන්ධ
මහ මොළකාරයින් සොයාගැනීමට බැරි අයුරින්ම, යහපාලන බැඳුම්කර සිද්ධියට සම්බන්ධ මහ මොළකරුවන්ද මේ රජය යට‍තේ කිසිවිටෙක සොයාගැනීමට නොහැකිවනු ඇතැයි ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ පවසයි.
 
නිදහස් මාධ්‍යවේදියකු වන ඔහු එබව කියා සිටියේ, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි දේශපාලන මෙහෙයුම සම්බන්ධයෙන් SLVLOG සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
 
'' මේක ඇත්ත හොරු සඟවන ඩ්‍රාමා එකක්. මේ ආණ්ඩුවට ප්‍රශ්න යටගහන්න නාට්‍යනුසාරයෙන් රඟදක්වන යමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි බැඳුම්කර මරාලේ අයෙත් උඩට අරන් තියන්නේ.  බැඳුම්කර මරාලේ රවි පිට තියලා ෂේප් වෙන්න තමයි හදන්නේ ...'' යයි පැවසු දර්ශන හඳුන්ගොඩ, මෙය ඇත්ත හොරු සඟවන ව්‍යාපෘතියක් බව අවධාරණය කරයි.
 
බැඳුම්කර සිද්ධියට සැබෑ ලෙසින්ම වගකිව යුතු මහ මොළකරුවන් නිදැල්ලේ සිටින බව ද ඔහු චෝදනා කර සිටියි.

  


 

 

 
THE LEADER TV 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 
බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්