ශ්‍රී ලංකාවේ ආනයනික පොල්තෙල් වල පිළිකාකාරක අඩංගු බවට මාධ්‍ය හරහා සිදුකරනු ලැබූ
පුළුල් ප්‍රචාරය හේතුවෙන්, ඉදිරියේදී මෙරටින් අපනයනය කරන පොල්තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ අහිමි වීමේ අවධානමක් මතුව ඇතැයි පොල් තෙල් අපනයනකරුවන් පවසති.
 
ශ්‍රී ලංකාවට ආනයනය කරන පිරිපහදු නොකරන ලද පොල්තෙල්වල 'ඇෆ්ලොටොක්සින්' අඩංගුවීමේ සිද්ධිය මේ වනවිටත්  ශ්‍රී ලංකාවෙන් පොල්තෙල්, මාජරින් ආදිය ආනයනය කරන ජාත්‍යන්තර සමාගම්වල දැඩි අවදානයට ලක් වී ඇති බව එම අපනයනකරුවන් පෙන්වා දෙති.
 
තවද සමස්ථයක් වශයෙන් බහාලුම්වල පොල්තෙල් ආනයනය කරන ලද සමාගම් පිළිබඳව පොදුවේ 'ඇෆ්ලොටොක්සින්' අඩංගූ වී ඇති බව සඳහන් කිරීම නිසා ප්‍රමිති අනුව ඉතා හොද වර්ගයේ පොල්තෙල් පිරිපහදු කර සන්නාම නාමයන් යටතේ ( branded oil ) ඇසුරුම් කර දේශීය වෙළඳපලට සපයන සමාගම්වල තෙල් ඇසුරුම් මිළදී ගැනීම ද බොහෝ වෙළඳුන් ප්‍රතික්ෂේප කරමින් සිටී.
 
රට තුල දැඩි පොල් සහ පොල් තෙල් හිඟයක් පැවතීමත්, දැනට ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පොල්තෙල්වල මිල ඉහළ මට්ටමක පැවැතීමත් නිසා ශ්‍රී ලංකාවෙන් පොල්තෙල් සහ මාගරින් අපනයනය කරන ව්‍යාපාරිකයන් පිටරටින් පිරිපහදු නොකරන ලද පොල්තෙල්  ආනයනය කර පිරිපහදු කර අගය එකතු කර අපනයනය කරනු ලබයි.
 
  117747630 coconutoil
පොල්තෙල් - සංරක්ෂිත ඡායාරූපයකි
 
 
වත්මන් පොල් තෙල් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොල් තෙල් පිරිපහදු කර්මාන්තයේ නියැලෙන තරුණ ව්‍යාපාරිකයකු ඉතා වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.
 
 ''වෙළෙඳපොළට පොල්තෙල් දැම්මට පස්සේ ඒවා ආනයනය කරන ලද ඒවාද , ශ්‍රී ලංකාවේ පොල්තෙල් මෝල්වල  නිෂ්පාදනද කියලා හොයන්න බෑ. වෙළඳුන් මේ තෙල් දෙවර්ගයම එකම ටැංකියක හෝ බැරලයක ගබඩා කරනවා.
 
සමහර දේශීය පොල්තෙල් හිමියන් කොප්පරා සඳහා ගන්නා පොල්වලින් ඉවත් කරන කුරුට්ට අඹරා ඒවා ආනයනය කරන ලද පොල්තෙල් සමග මිශ්‍ර කර දේශීය පොල්තෙල් කියා අලෙවි කරනවා. එහෙම තමයි ඔවුන් විදේශ පොල්තෙල් වල සුවඳ ගන්නේ.
 
පොල්තෙල් ආනයනය කර ලංකාවේ පිරිපහදු කරන්න පටන් ගන්නට ඉස්සෙල්ල බොහෝ දෙනෙක් කලේ අඩු මිලට තිබුන පාම් තෙල් අරගෙන ඒවා පොල්තෙල් වලට කලවම් කරලා, දේශීය පොල්තෙල් කියලා අලෙවි කිරීමය. 2000 වර්ෂයේ ඉඳලා පොල් සංවර්ධන මණ්ඩලය වැටලීම් කරා, දඩ ගැහැව්වා ඒත් මේ කලවම් කිරීම නැවතුනේ නැහැ.
 
 හැබැයි දැන් පිරිපහදු නොකරන පොල්තෙල් ආනයනයට ඉඩ දී තිබෙන නිසා පිරිපහදුවෙන් පසු හොදම පොල්තෙල් තමයි අප වෙළෙඳපොළට නිකුත් කරන්නේ ''ඔහු පැවසීය.
 
 
 
 
තෙල් කතාව පිටුපස ඉන්න 'තෙල් මාෆියාව' ?
 
පිළිකාකාරක පොල් තෙල් කතාව සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුයේ, මෙම ඇෆ්ලාටොක්සින් පොල් තෙක් කතාව වැඩිවැඩියෙන් සමාජගත කිරීමට උනන්දුවන කන්ඩායම් කිහිපයක් සිටිනා බවයි.
 
 
#  එක් කන්ඩායමකට ඕනෑ වෙලා තියෙන්නෙ පිරිපහදු නොකරන පොල්තෙල් ආනයනය නවත්වලා ආයෙත් පාම් තෙල් ගෙනල්ලා රිෆයිනරීස් දුවන්න.
 
#  ඒ වගේම ආණ්ඩුව ඇතුලෙන් උදවු ගන්න කණ්ඩායමක් ඉන්නවා කැබලි කරපු පොල් මද ගෙනල්ලා ලංකාවේ පොල් මෝල්වල අඹරලා තෙල් නිස්පාදනය කරන්න.
 
 
හැබැයි ප්‍රමිති ආයතනයේ පිරිවිතර (specifications) අනුව කවදාවත් ඔය කියන  පොල් මද ආනයනය කරන්න බැහැ. මේ ජොබ් එක බාර දුන්නේ ආන්ඩුවේ BCC ආයතනයට. ටොන් 13,000 ආනයන කරන්න රජය අවසර දුන්නා. එකම බාහාලුමක්වත් ගේන්න බැරිවුණා . 
 
අපේ රටේ දැන් පොල්තෙල් පිරිපහදු කර්මාන්තශාලා පවත්වාගෙන ‍යන්නේ තරුණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්. එම ශ්‍රී ලාංකීය තරුණ ව්‍යාපාරයෙන් අයින් කරන්න පොල් තෙල් මාෆියාවේ ඇතැමුන් සැලසුම් සහගත මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කරලා''  'යැයි ඔහු අවසාන වශයෙන් පැවසීය . 
 
මෙම කාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන සටහනක මෙසේ සඳහන් වේ.
 
cafa4849 5776 4943 83a2 3895efd875aa 
 
 
කෙසේවුවද අද (31) උදැසන දිනයේ පුවත් විග්‍රහයක යෙදුන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මෙසේ පැවසිය.
 

 


 

 

 

THE LEADER TV 
 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්