තමන් වෙත අනිසි බලපෑම් කිරීමට උත්සහ කළහොත්, තම සැමියා වන සේනක ද සිල්වා විසින් ලබාදුන්  පක්ෂය
(වත්මන් සජබ) සතුව පවතින ප්‍රසිද්ධියේ හෙළිකිරීමට නොහැකි නීතිමය හා වෙනත් රහස්‍ය කරුණු රට හමුවේ හෙලිකිරිමටත්, පක්ෂයේ අයිතිය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් සිදුවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දැනුම්දී ඇත.
 
මන්ත්‍රීවරිය විසින් විපක්ෂනායක වරයා වෙත එම දැනුම්දීම සිදුකර ඇත්තේ, ඇයට එරෙහිව විනය පියවර ගැනීමක් සම්බන්ධයෙන් සජබ විනය කමිටුව වෙනුවෙන් නීතිඥ සුදත් වික්‍රමරත්න විසින් මාර්තු මස 10 දා ඇය වෙත යොමුකර තිබු ලිපියකට ප්‍රතිචාර වශයෙනි. 
 
පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල යුතු බවට 
පක්ෂය විසින් තීරණය කර 'ත්‍රීත්ව ඉරි නිවේදනයක්' පක්ෂයේ සෑම මන්ත්‍රීවරයකු වෙතම නිකුත්කර තිබිය දී ඊට පිටුපා පාර්ලිමේන්තුවේ දී දෙවනවර හා තෙවනවර ඡන්ද විමසීම් අවස්ථාවලදී 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදීම මගින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේගයේ පක්ෂ විනය කඩකර ඇතැයි දැනුම්දෙමින් ඒ සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරමින් නීතිඥ සුදත් වික්‍රමරත්න විසින් අදාල ලිපිය යොමුකර තිබේ.
 
එසේ විනය කඩකිරීමක් සම්බන්ධයෙන් චුදිකාවක් ලෙස නම්කරමින් තමන්වෙත යොමුකර තිබු ලිපියට ප්‍රතිචාර දක්වා ඇති ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, පක්ෂය ලබාගැනීමේදී තම සැමියා සමග ඇතිකර ගත් රහස් එකඟතා කඩකරමින් තවදුරටත් මෙවැනි ලිපි තමන්වෙත යොමුකළහොත් නිසි පියවර ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දන්වා ඇත.
 
එවැනි පියවරකදී ''ඔබතුමා උසුලන විපක්ෂනායක ධුරය පමණක් නොව සජබ පක්ෂය පවා අහිමිවිය හැකි'' බව ඩයනා ගමගේ සිය ලිපිය මගින් සජිත් ප්‍රේමදාස වෙත දැනුම් දී සිටියි.
 
එහෙයින්, ඉදිරියේදී මෙවැනි විහිළු සහගත ලිපි 'විනය කරුණු' යයි සඳහන් මාතෘකා යටතේ තමා වෙත ලැබුනහොත් මාධ්‍ය වෙත අදාල රහස් හෙළිදරව් කරන බවටද ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විසින් මාර්තු 25 දා යොමුකර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 විනය පියවර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දෙමින් නීතිඥ සුදත් වික්‍රමරත්න විසින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වෙත යොමුකර තිබු ලිපිය පහත පළවේ.
 
Diana 1

Diana 2
 
 
 
මෙම දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විසින් සජබ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාරට ද පිටපතක් සහිතව විපක්ෂනායක වෙත යොමුකර තිබු ලිපිය පහත පළවේ.
 

Diana to sajith 1

Diana to sajith 2

Diana to sajith 3


 

 

THE LEADER TV 
 

 

රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!

 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්