මරණ දඩුවම අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ අතිරේකයක් ලෙස ජූලි 12 දින සහිතව ප්රකාශයට පත්ව ඇත.
පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී බන්දුලාල් බණ්ඩාරිගොඩ එය ඉදිරිපත් කර තිබේ.
පනත් කෙටුම්පතට අනුව මරණ දණ්ඩනය නියම කිරීම හෝ මරණ දඩුවමින් දඩුවම් කිරීම සම්බන්ධයෙන් නීතියේ කර ඇති සඳහන් මෙම පනත ක්රියාත්මක කිරීමෙන් පසු ජීවිතාන්තය දක්වා සිර දඩුවමට නියම වූ පුද්ගලයෙකු ලෙස සැලකිය යුතුය.
එමෙන්ම පනත ක්රියාත්මක වීමට පෙර මරණයෙන් දඩුවම් කළ හැකි වරදක් කළ පුද්ගලයෙකුට අධිකරණයක් දඩුවම් කර නැතිනම්, එම වරද ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබෙන වරදක් ලෙස ගැනෙන බවද කෙටුම්පතේ සඳහන් කර තිබේ.
කෙසේවුවද ජනාධිපති මෛත්රීපාල සිරිසේන පසුගියදා ප්රකාශ කළේ මරණීය දණ්ඩනය අහෝසිකරන්න සිදු වුණොත් එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත්කරන බවයි.
(අනිද්දා)