උතුරේ තම බැටළුකැළගේ, අයිතිවාසිකම් වෙනුවෙන් අභීතව පෙනීසිටිමින්, තම එඬේරික කාර්‍ය නොපිරිහෙලා ඉටුකළ
හා දේශපාලන අධිකාරිය සමග නිර්භයව උරෙනුර ගැටෙමින් කටයුතු කළා වූ හිටපු මන්නාරම රදගුරු රායප්පු ජොසප් හිමිපාණන්  අද උදෑසන ස්වර්ගස්ථ වී ඇත.
 
ඒ, යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
 
වර්ෂ 1940 අප්‍රෙල් 16 දින යාපනයේදී උපතලද උන්වහන්සේ, වර්ෂ 1967 දී පූජකවරයෙකු ලෙසත්, 1992 දී මන්නාරම පදවි රදගුරු හිමිපාණන් ලෙසත් අභිසෙස් ගැන්විණ.
 
රෝගී තත්වයක් මත සිය ධූරයෙන්, 2016 වර්ෂයේදී විශ්‍රාමගත් උන්වහන්සේ, ස්වර්ගස්ථ වන විට 81 වන වියේ පසු විය.
 
වසර 30 ක් පුරාවට රටතුළ පැවති බෙදුම්වාදී යුද්ධයට සෘජුවම මුහුණ දෙමින්, එහි කටුක අත්දැකීම් විඳිමින්, රටට සාමය උදාකරලීම සඳහා උතුරට දේශපාලන විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් පෙරමුණේ සිටගත් නායකයෙකු වූ උන්වහන්සේ ජාත්‍යන්තරයේ පවා අවධානය දිනාගත් රදගුරු තුමෙකු ද වූවාය.
 
 

1453354081

ශ්‍රී ලංකාවේ රදගුරු නාමාවලිය දෙස හැරී බලන කළ, විශේෂයෙන්ම දමිළ කිතුණු ප්‍රජාව අතර, "රායප්පු ජෝසප් හිමිපාණන්" තරම්, ගෞරවාදරයට හා පැසසුමට ලක් වූ රදගුරු තුමෙක් ශ්‍රී ලාංකීය සභා ඉතිහාසය තුළ නොමැති තරම්ය. 
  
දකුණේ මාධ්‍ය වලින් හා දේශපාලන අධිකාරියෙන් පමණක් නොව කතෝලික නායකත්වයෙන් පවා බොහෝ කෙණෙහිලිකම් වලට ලක්වෙමින්, ඒවා විඳදරාගනිමින්, අවසානය දක්වාම අප්‍රතිහතව තම දූතකාර්යෙහි නියැලුණා වූ රදගුරු හිමිපාණෙනි , ඔබට ස්වර්ගරාජ්‍යයෙහි දොරගුළු විවරවේවා! 
 
(ශෙහාන් මාලක ගමගේ)

 

 


 

 

THE LEADER TV 
 

 

රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!

 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්