පොල්තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය නිසා දිනෙන් දින පොල් තෙල් මිල
ඉහළ යමින් පවතින බව පිටකොටුවේ තොග වෙළඳුන් පවසති.
 
පසුගිය සතියේ පොල්තෙල් කිලෝවක මිල රුපියල් 470ක් වූ අතර මෙම සතිය අවසන් වෙන විට කිලෝවක් රුපියල් 530 දක්වා ඉහල ගොස් ඇත.
 
 ශ්‍රී ලංකාව තුළ ආනයනික පොල්තෙල් පිරිපහදු කරන කර්මාන්තශාලා 10 ක් පමණ ඇති අතර ඉන් 6 ක් පමණ ප්‍රමාණයක් පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය කරනු ලබන්නේ බහාලුම් (containers) වලය.
 
ප්‍රධාන පිරිපහදුකරුවන් 4 දෙනෙකු පමණ තොග වශයෙන් පොල්තෙල් නැව් තොග වශයෙන් (Bulk cargo) ආනයනය කරනු ලබයි. 
 
පසුගිය මාසයක පමණ කාලය සිට කර්මාන්තය තුල ඇති වී තිබෙන අවිනිෂ්චිතතාවය නිසාත්, ආනයනය කරන ලද බහාලුම් නිෂ්කාශණය කර ගැනීමට නොහැකි වීම නිසාත් නිෂ්පාදනය පහත යමින් පවතින බව නිෂ්පාදකයින් පෙන්වා දෙයි.
 
මාසයකට ශ්‍රී ලාංකීය වෙළඳපොළට පොල්තෙල් ටොන් 12000 ක් පමණ අවශ්‍ය වන අතර දේශීය පොල්මිල ඉහලයාම නිසා දේශීය නිෂ්පාදනයන් නිපදවනු ලබන්නේ ටොන් 2000 කටත් අඩු ප්‍රමාණයකි. 
 
  
පරීක්ෂණ වාර්තාව ලබා දීමේ පමාවක් !
 
බහාලුම්වල  ආනයනය කරන පොල්තෙල් පසුගිය කාලයේදී සතියක් වැනි කාලයක් තුලදී වරායෙන් මුදා ගැනීමට හැකියාව තිබුණ නමුත්, දැන් ඇෆ්ලාටොක්සින් අඩංගු පරික්ෂණ ආයතන කිහිපයක් විසින් කිරීම නිසා ඒ සඳහා මාසයක් පමණ කාලයක් වැය වෙන බව පොල් තෙල් ආනයනය කරුවන් පෙන්වා දෙති.
 
තවද මෙම අවිනිශ්චිත තාවය නිසා කුඩා පිරිපහදු කරුවන් පොල්තෙල් ආනයනය සම්පූර්ණයෙන් නවතා දමා ඇත.
 
ඒ අනුව ඉදිරියේදී පොල්තෙල් මිළ විශාල වශයෙන් ඉහල හා හැකි බව තොග වෙළදාම පිළිබඳ දත්ත විශ්ලේෂණ කරන පුද්ගලයින් පෙන්වා දෙයි. 
 
 
 
මාධ්‍ය වාර්තා සිරස්තල කිහිපයක් : 
 
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් පහත සිරස්තලයන් යටතේ පළවී තිබේ.
 
 
# ඇෆ්ලාටොක්සින් පරීක්ෂා කර වාර්තාව ලබා දීමට සති 4 ක් අරගෙන !
 
 -  ''දැන් එය දින හතර දක්වා අඩුවෙලා. වාර්තාව ආවත්  බහාලුම් නිදහස් කරන්නෙ නැහැ .''
 
 
# පුද්ගලික පරීක්ෂණ ආයතන වලට පැය 48 කින් වාර්තා දෙන්න පුලුවනි. 
 
 
# ප්‍රමිති කාර්යාංශය අනුමත කරන ලද විදේශ පරීක්ෂණ ආයතනවල වාර්තාත් ලබාදීලා.
 
 
# මෙරට පිළිසකර කර අගය එකතුකර අපනයනය කිරීම සඳහා ගෙන්වූ පාම් තෙල් කන්ටේනර්ස් වරායේ හිර වෙලා.
# පොල්තෙල් අර්බුදය කරලියට ගෙනාව් සීනි වංචාව යට ගහන්නද? 
 
 
Bandula Oil
 
කෙසේවුවද, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශකර සිටියේ, වෙළඳපොළේ පොල් තෙල් හිඟයක් තිබේ නම් දේශීය සෝයා තෙල් පරිහරණය කරන ලෙසයි. ශ්‍රී ලංකාවේ සෝයා තෙල් නිෂ්පාදනය මසකට ටොන් 100 කටත් අඩු බව ඇමතිවරයා නොදන්නා බව පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දේ.
  
මේ තත්වය යටතේ දැනට ඇති වී තිබෙන අර්බුදකාරී තත්වයට නිසි ක්‍රියාමාර්ග සහ අනුමත කරන ලද ක්‍රියාමාර්ග (standatrd operating procedures ) හඳුන්වා නොදුණහොත් පොල් සහ පොල්තෙල් මිළ සීග්‍රයෙන් ඉහළ යා හැකි බවට වෙළෙන්දන් අනතුරු අගවති.
 
වත්මන් පොල් තෙල් අර්බුදය සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් ක්ෂේත්‍රයට ‍සම්බන්ධ තරුණ ව්‍යාපාරිකයකු ප්‍රකාශ කර සිටියේ, මෙම 'පොල් තෙල් නාටකය' නිසා දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගම් ගණනාවක් වැසී ගොස් පොල් තෙල් ඒකාධිකාරය දේශපාලන හයිය තිබෙන සමාගම් දෙක තුනක් අතට පත්වීමට නියමිත බවයි.
 
 
 
පිළිකාකාරක පොල්තෙල් ප්‍රතිඅපනයනයට පියවර
 
මේ අතර 'නෙත් නිවුස්' කළ කරුණු විමසීමකදී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ, ඇෆ්ලටොක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල්තෙල් තොගය දින 03 ක් ඇතුළත ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා බවයි.
 
 ඒ සඳහා අවශ්‍ය නෞකා ශ්‍රී ලංකා රේගුව මගින් සූදානම් කර ඇති බව ද ඔහු පැවසිය. 
 

 
 
කෙසේ වෙතත්, වෙළඳපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳ පාරිභෝගිකයින් බිය විය යුතු නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී කියා සිටියේය.
 
''දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම සාම්පල 05 බැගින් පොල්තෙල් සාම්පල 125 ක් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඉන් සාම්පල 55 ක පරීක්ෂණ කටයුතු දැනටමත් අවසන්.'' යයි පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එම සාම්පලවල ඇෆ්ලටොක්සීන් රසායනිකය අඩංගු නොවන බව වැඩිදුරටත් සඳහන් කළේය. 
 
 

 


 

THE LEADER TV 
 
 

තානාපතිවරු දෙන්නෙකුගේ නම් රිජෙක්ට්! මිලින්දට මොකද වෙන්නේ ?

 

 රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්