'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ බිරිඳ, පුෂ්පා රාජපක්ෂ වසර ගණනාවකට පසු ඇමරිකාවේ සිට යලි දිවයිනට පැමිණ ඇතැයි වාර්තාවේ.
2021 සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් 'කාල්ටන් පෙර පාසල් සමුහයේ' කොළඹ, මාළිගාවත්ත ශාඛාවේ පැවති උත්සවයකට ඇය සහභාගිවී සිටින ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ විසින් විසින් ඇයගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබේ.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී පුෂ්පා රාජපක්ෂ විසින් 'පුෂ්පා රාජපක්ෂ පදනම' නමින් ආයතනයක් පිහිටුවා ගනිමින් මහජනතාව වෙනුවෙන් විශේෂයෙන් ගම්පහ සහ මාතර දිස්ත්‍රීක්කයේ තුළ විශාල සේවාවන් සමුහයක් ඉටුකරනු ලැබුවාය.
බස්නාහිර මහ ඇමති අපේක්ෂිකා ?
මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ඉතා දක්ෂ සංවිධායකවරියක වන පුෂ්පා රාජපක්ෂ, ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් බස්නාහිර මහ ඇමති අපේක්ෂිකාව ලෙස තරඟ කිරීමට නියමිත බවයි.
කෙසේවුවද 'පොහොට්ටු' මුලස්ථානයේ ප්‍රකාශකයකු පැවසුයේ, පුෂ්පා රාජපක්ෂ බස්නාහිර මහ ඇමතිනිය ලෙස තරඟ කිරීමේ අදහසක් නොමැති බවත් මහ ඇමති අපේක්ෂකයා තරඟ කිරීමට නියමිතව ඇත්තේ රේණුක පෙරේරා බවත්ය.
මේ අතර ඉදිරි පළාත් සභා මැතිවරණයට එක් කණ්ඩායමක් ලෙස තරඟ කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ඇතුළු ශ්‍රීලනිප නියෝජිතයින් කිහිප දෙනෙකු ඊයේ (02) කැඳවා තිබිණ. ඒ, ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්රීලනිපය තනිවම තරඟ කිරීමට ගෙන ඇති තීරණය ගැන යළි සලකා බලන ලෙස දැනුම්දීම සඳහාය.
THE LEADER TV
'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?
රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න