ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක්වී වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීන්දු කර තිබේ.
 
 
එම පක්ෂ මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (01) සවස පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ රොස්මිඩ් පෙදෙස කාර්යාලයේ පවත්වන ලද පක්ෂ 11 නායකයන්ගේ විශේෂ හමුවේදීය.
 
මෙම හමුවට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරුන් ද  ශ්‍රීලනිප මහ ලේකම් හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රීන් වන අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරණතුංග, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩිව් ගුණසේකර, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ඇතුළු පක්ෂ නායකයෝ ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් සහභාගි වූහ.
 
විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ විකල්ප කණ්ඩායම සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි රුලියක් පැවැත්වීමට සුදානම් වනබවට වාර්තා  වීමත් සමග 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ශ්‍රීලනිප නියෝජිතයින් කිහිප දෙනෙකු ඊයේ (02) හදිසියේම කැඳවා විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත. 
 
එම රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු කිහිපදෙනෙකු සහභාගිවී ඇති අතර ලබන මැයි මස 01දා පොහොට්ටුවේ මුලිකත්වයෙන් පැවැත්වෙන මැයි දින රැලියට සහභාගිවන ලෙස එහිදී බැසිල් රාජපක්ෂ ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
 
 

 

 


 

 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්