ඇෆ්ලටොක්සීන් පිළිකා කාරක අඩංගු පොල්තෙල් බහාලුම් ශ්‍රී ලංකාවට අපනයනය (Exporter) කළ
විදෙස් සමාගම් මොනවා දැයි හෙළිදරව් කිරීමට රජය මෙතෙක් කටයුතු නොකිරිම තුළ ඉදිරියේදී ද ජනජීවිතයට බරපතල ජිවිත තර්ජනයන්ට මුහුණදීමට සිදුවනු ඇත.
එවැනි තර්ජයනයක් මතුවන්නේ, එම සමාගම මොනවාදැයි ප්‍රකාශ නොකිරීමට රජය ගෙන ඇතයි කියන තීරණය තුල එවැනි සමාගම් මෙරට වෙනත් සමාගම් හරහා විෂකාරක පොල් තෙල් ගෙන්වීමට ඉඩක් ඇති නිසාය.
අප වෙත වාර්තාවන පරිදි, මෙවැනි පිළිකා කාරක පොල් තෙල් ආනයනය කර ඇත්තේ පිලිපීනය හා ඉන්දුනීසියානු රටවල අතරමැදි සමාගම් හරහාය.
ජාත්‍යන්තර වෙළඳාමේදී තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබා දීමත් රටවල් අතර අනෝන්‍යය අවබෝධයක් සහ විස්වාසයක් සහිතව වෙළඳාම සිදුවෙනවා නම් විෂකාරකයක් වන ඇෆ්ලටොක්සීන් සහිත බාහලුම් ශ්‍රී ලංකාවට පැමිණියේ කෙසේදැයි ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් අත්දැකීම් ඇති වෘත්තීයවේදියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කරුණු පැහැදිලි කළේය.
''පොල්තෙල් ආනයනය, අශුද්ද පොල්තෙල් ආනයනය සහ පාම් තෙල් ආනයනය පිළිබඳ මේ වන විට ශ්‍රී ලාංකීය සමාජයේ විශාල කතිකාවක් ආරම්භ වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ආනයනය කරන ලද සමාගම් තුනක් වන එනම් අලි බ්‍රදර්ස්, කටාන ඔයිල් මිල්ස් සහ එදිරිසිංහ එඩිබල් ඩයිල් යන සමාගම් තුන ප්‍රමිතියට අදාළ නොවන පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය කර ඇති බව ප්‍රමිති ආයතනයත් වරායේ පවත්වාගෙන යන ආහාර ඒකකයත්, කාර්මික තාක්ෂණ ආයතනයත් මේ වනවිට තහවුරු කර තිබෙනවා.
ඒ ගැන කිසිම ගැටලුවක් දැන් නැහැ...
නමුත් මෙම පොල්තෙල් තොග ශ්‍රී ලංකාවට ආනයනය කළේ ලෝකයේ කවර රටකින්ද? කවර සමාගම්වලින්ද යන්න මේ වන තුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ...රජය පාර්ශවයෙනුත් මේ සම්බන්ධයෙන් හෙලි කර නොමැති නිසා ශ්‍රී ලාංකීය සමාගම් තුන ගැන පමණක්ම කතා කරනවා.
ආනයනකරු වැරදි ප්‍රමිතියක් සහිත පිරිපහදු නොකරන පොල්තෙල් ආනයනය කල වරදට හසුවන්නේ එම භාණ්ඩ මෙරටදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
එතෙක් අවසන් වාර්තාව එනතෙක් පොල් තෙල් ආනයනය කරන සමාගම් අනුමාන කරන්නෙ අපනයනය කරන සමාගම විසින් ලබා දෙන රසායනාගාර වාර්තා අනුව තමා ආනයනය කරන පොල්තෙල් තොග නිවැරැදි පිරිවිතරයක් සහිත තොගයක් වශයෙනුයි.
ඒ සඳහා අපනයනයකරු ලබාදෙන තත්ත්ව වාර්තා බැංකුව මාර්ගයෙන් ඔහුට ලැබෙන අතර ඔහු එම වාර්තා ශ්‍රී ලංකාවේ නියාමන ආයතනයන් වෙත ලබාදෙනවා.
නියාමන ආයතනයන් ද එම වාර්තා පරීක්ෂණයට ලක් කරනවා පමණක් නොව ඒවා සත්‍ය වාර්තා බවට ද පිළිගන්නවා.
විදේශයන්හි තත්ව පරීක්ෂණ ආයතනයන් විසින් ලබා දිය යුතු සාමාන්‍ය වාර්තාව .
අපනයනකරු (Exporter) එම භාණ්ඩ නැවට හෝ බහාලුම්වලට පටවන අවස්ථාවේදීත් එම භාණ්ඩවලට අදාලව රසායනගාර පරීක්ෂාවක් අපනයනය කරන සමාගමේ රසායනාගාරය මගින් අදාළ භාණ්ඩ තොගයේ එක් එක් කාන්ඩයන් ( every batch or every container) සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පිරිවිතරයන්ට (Specifications) යටත් ද යන්න තහවුරු කරගන්නවා.
මෙසේ කල යුතුය යන කොන්දේසිය දෙපාර්ශවයම අත්සන් කරන විකුණුම් ගිවිසුමේ කොන්දේසියක් වශයෙන් ඇතුලත් වෙනවා.
ඉන් පසුව අදාල බහාලුම්වලින් ලබා ගන්නා සාම්පල්ද ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයට අනුබද්ධ හෝ ප්‍රමිති කාර්යාංශය පිළිගන්නා අපනයනය කරන රටේ පවත්වාගෙන යන ස්වාධීන රසායනාගාරයකට යවා තත්ව පරීක්ෂණ වාර්තාවක් ලබා ගත යුතු වෙනවා .
එම වාර්තා දෙකම අපනයනයකරු විසින් ආනයනකරුට නැව ලංකාවට පැමිණීමට පෙර බැංකුව මාර්ගයෙන් ලබා දිය යුතුය''
මේ අනුව අදාල තෙල් තොගය අදාල වරායෙන් පිටවන විටත් අපනයනයකරු සතුව සියලුම තත්ත්ව වාර්තා ඇති බව සාමාන්‍ය කරුණකි.
මෙම පරීක්ෂණ අවස්ථා දෙකේදී අනිවාර්යයෙන්ම අනෙකුත් පරීක්ෂණ මෙන්ම ඇෆ්ලටොක්සීන් අඩංගු ප්‍රමාණයද අදාල වාර්තා දෙකෙන්ම පැහැදිළිවම බලා ගත හැකිය.
මෙම වාර්තා සියල්ලම ප්‍රමිති කාර්යාංශයටත් ආහාර පරීක්ෂණ ඒකකයටත් ලබා දෙන බව මෙහිදී සදහන් කල යුතුය.
අෆ්ලාටොක්සින් පිලිබඳව ප්‍රමිති කාර්යාංශයේ පවතින පිරිවිතර .
එසේනම් අභ්‍යන්තර සහ බාහිර පරීක්ෂණ දෙකේම වාර්තා පිළිබඳව පරීක්ෂාකාරී නොවී මෙම බහාලුම් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වගකීමෙන් තොරව ක්‍රියාකළ සමාගම් පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සියලුම ආනයන කරුවන් දැනුවත් කළ යුතුය.
එය දැනට චෝදනාවලට ලක් වී ඇති සමාගම්වලටත්, ශ්‍රී ලංකාවට පිරිපහදු නොකරන හෝ පරිබෝජනය සඳහා ලද තෙල් ආනයනය කරන සමාගම්වලටත් මේ අවස්ථාවේ මහඟු උපකාරයක් වෙනවා.
ඒ ආකාරයට වගකීමෙන් තොරව කටයුතු කරන විදේශීය සමාගම් සමග ගනුදෙනු නොකීරීමට දේශීය සමාගමවලට අවස්ථාව උදාවෙනවා.
දැන් ප්‍රමිති කාර්යාංශය කල යුත්තේ විෂකාරක ඇෆ්ලටොක්සීන් වැඩි ප්‍රමාණයක් සහිතව මෙරටට අපනයනය කල විදෙස් සමාගම් පිලිබඳ තොරතුරු රටට හෙලි කිරීමයි.
අප ඉහතින් සඳහන් කර ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අදාළ නොවන තෙල් අපනයනය කරන ලද වැරදි තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබාදුන් සමාගම්වලට විරුද්ධව වානිජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් (DEPARTMENT OF COMMERCE) අදාල රටේ වාණිජ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හැකියාව ඇත.
රේගුවේදි පරීක්ෂාවලට ලක් කරන භාණ්ඩවලද ප්‍රමිති වාර්තා ලැබෙන්නට එම පෙර භාණ්ඩ රේගුවෙන් නිදහස් කරන බවද එය මෙතෙක් සිදුව ඇති සාමාන්‍ය ක්‍රමවේදයට බවට පත්ව තිබෙන බවද සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පසුගිය 02දා පවසා තිබිණ.
එවැනි තත්ත්වයක් තුල පොල් තෙල් ආනයනය කරන විදෙස් සමාගම් හෙළිදරව් කිරීම රජයේ වගකීමක් ද වනු ඇත. නැතහොත් හිතමතාම පිළිකා කාරක අඩංගු පොල්තෙල් මහජනතාවට පරිභෝජනයට පොළඹවා මහජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත් කිරීමක් වනු ඇත.
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
THE LEADER TV
'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?
රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න