රජයේ සිවිල් පරිපාලන කටයුතු හා මහජන සම්බන්ධතා පිලිබඳ විශේෂ පුහුණුවක් ලැබූ ත්‍රීවිධ හමුදාවේ සක්‍රිය සේවයේ සිටී
ඉහලම නිලධාරීන් පිරිසකගේ විසිරයාමේ උත්සවය සඳුදා (05) සවස කොළඹ ඇක්සස් ටවර් (ACCESS Tower) හීදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිස විශ්‍රාම ගෙන තිබුනේ මෑතකදීය.
 
මෙම පුහුණු පාඨමාලාව සම්බන්ධයෙන් පසුගියදා 'ද ලීඩර්' පලකළ පුවතේ සඳහන් වුයේ, සක්‍රිය හමුදා සේවයෙන් මෑතක දී විශ්‍රාමගත් ත්‍රීවිධ හමුදාවේ ඉහලම නිල දැරූ නිලධාරීන් 18 දෙනෙකුට රජයේ සිවිල් පරිපාලන කටයුතු හා මහජන සම්බන්ධතා පිලිබඳ විශේෂ පුහුණුවක් ලබාදී, අමාත්‍යංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට රජය මේවනවිට කටයුතු කරමින් සිටින බවයි. 
 
''විශ්‍රාමික හමුදා ලොක්කන්  පුහුණුවකින් පසු අමාත්‍යංශවලට?'' යන ශීර්ෂයෙන් යුතුව පලවූ එම පුවත සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ එම පාඨමාලාවේ ප්‍රධාන සම්බන්ධිකාරක වරයකු පැවසුයේ එම පුවතේ ඇතැම් කරුණු නිවැරදි නොවන බවයි.
 
මෙම පාඨමාලාව පැවැත්වුයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ නොව, කොළඹ  ඇක්සස් ටවර් (ACCESS Tower) හීදි බවද ඔහු සඳහන් කළේය.
 
daya rathඔහු තවදුරටත් සඳහන් කළ පරිදි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අනුග්‍රහය ඇතිව හමුදා ව්‍යවසායකත්ව සහයෝගිතාවය සම්බන්ධ මෙම පාඨමාලවේ පළමු අදියර පවත්වා ඇත්තේ, යුද, නාවික, ගුවන් හමුදාවන්හී සේවය කර විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සහභාගීත්වයෙනි.
 
යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කර දීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්‍ෂාවන් සඳහා වැඩිදියුණු කිරිමට හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව අන්තර් මහද්වීපික මානව සම්පත් කළමණාකරන ආයතනය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය හා ඒකාබද්ධව මෙම පාඨමාලාව ආරම්භ කළ බව එම ප්‍රකාශකයා කියා සිටියේය.
 
මෙම පාඨමාලාව තුළින් සාමූහික සහ සාදාචාරාත්මක මානව සම්පත් කළමණාකරනය සහ න්‍යායපත්‍ර ක්‍රියාවට නැංවීමේ ප්‍රතිපත්තීන්, උපායමාර්ගික චින්තනය, මානව සම්පත් කළමණාකරනය, නවීන තාක්‍ෂණය භාවිතා කිරීම, ක්‍රියාකාරි කළමණාකරනය සඳහා කාර්යක්‍ෂම හා ඵලදායිතාවයෙන් යුතුව දැනුම භාවිතා කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කර තිබේ.
 
  
මෙහි ආරම්භක පාඨමාලාව ඇක්සස් ටවර් (ACCESS Tower) හීදි ආරම්භ කළ අතර ඉදිරි මාස කිහිපය තුළ තවත් පාඨමාලා 3ක් ආරම්භ කිරීමට නියමිතය. 
 
හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් දයා රත්නායක ගේ උපදෙස් මත මෙම පාඨමාලාවේ ආරම්භක වැඩසටහන ශ්‍රී ලංකවේ ඇමරීකා එක්සත් ජනපද මානව සම්පත් පිළිබඳ ජාත්‍යන්තර රාජ්‍ය කළමණාකරන සංගමයේ උපදේශක සහ අන්තර් මහද්වීපික මානව සම්පත් කළමණාකරන ආයතනයේ කළමණාකරන අධ්‍යක්‍ෂ රංජීව කුලතුංග විසින් සිදුකර තිබේ.
 
ඒ අනුව, මෙම පාඨමාලාවේ පළමු අදියර සඳහා විශ්‍රාමික මේජර් ජෙනරල්වරුන් 18ක්, එයාර් වයිස් මාර්ෂල්වරුන් දෙදෙනෙකු, රිය(ර්) අද්මිරාල්වරුන් තිදෙනෙකු සමගින් කොමදෝරුවරුන් දෙදෙනෙකු, සහභාගි වී තිබේ.
 
 ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ උපදෙස් මත සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙහි නාමයෝජනා කවුන්සිලය, හමුදාපති ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිපාලන අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිපාලන අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සහ හමුදා සම්බන්ධීකරණ නිලධාරී කර්නල් සුජීව රත්නායක ඇතුලු කණ්ඩායම නියෝජනය කර ඇත.
 
රංජීව කුලතුංග, ඕමාර් ඛාන්, ආචාර්ය දිනේෂ් වටවන, බ්‍රෙඩ්ලි ඉමර්සන්, ෆාරාස් ෆාරූක්, ආචාර්ය මාර්ලෝන් ඩෙල් පෙරේරා, කුමාර ගල්හේනගේ සහ ජෙනරල් දයාරත්නායක (විශ්‍රාමික) ඇතුලු විද්වත් කණ්ඩායමකගේ නායකත්වයෙන් පාඨමාලා දේශන ආරම්භ කර තිබේ.
 
 
 
“නිලධාරීන් සහ මහත්වරුන්” වශයෙන්... 
 
 
මෙම පාඨමාලාව ඵලදායි ලෙස සම්පූර්ණ කිරීමෙන් පසු, ඔවුන්ගේ සහජ කුසලතා උපයෝගී කර ගැනීමට වටිනා අවස්ථාවක් උදාවන අතර, නව මුහුණුවරකින් යුත් පුහුණු මොඩියුලයන් සමඟ ඉදිරියටත් “නිලධාරීන් සහ මහත්වරුන්” වශයෙන් අනාගතයේ දී රටට වටිනා සම්පතක් වනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා කරයි.
 
 ACCESS ඉංජිනේරු පුද්ගලික සමාගමේ සභාපති සුමාල් පෙරේරා, රන්ජීව කුලතුංග සහ ආචාර්ය දිනේෂ් වටවන මෙම විශේෂ පාඨමාලාවේ පුරෝගාමී ලෙස කටයුතු කරයි.
 
 
මෙම අවස්ථාව සඳහා සුභ පැතුම් එක්කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, හමුදා නිල ඇඳුම් ඇඳි පිරිසක් සාමූහිකව සිය බහුවිධ දක්‍ෂතාවයන්, කුසලතාවයන් හා නිපුනතාවයෙන් අනූන වූ වෘත්තීය දැනුම එක් ආයතනයක් මඟින් සේවයට යෙදවීම ඉතාමත් ආශ්චර්යමත් හා වටිනා ක්‍රියාවත් බව සඳහන් කර තිබේ.
 
මෙහිදී, අන්තර් මහද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනයේ ප්‍රධානි මහාචාර්ය ගුණපාල නානායක්කාර  සිය අදහස් දක්වමින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සක්‍රීය හමුදා රාජකාරියෙන් පසු බාහිර ව්‍යාපාර ලෝකයේ ව්‍යවසායකයෙකු ලෙස සිය භූමිකාව කොතරම් දුරට වැදගත් වේදැයි පැහැදිලි කර තිබේ.
 
ACCESS ඉංජිනියරින් පුද්ගලික සමාගමේ සභාපති සුමාල් පෙරේරා අදහස් දක්වමින් අන්තර් මහද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව ක්‍රියාකිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර එමගින් ලබාගත හැකි සේවාව අනූන බවත් ආයතන ව්‍යවස්ථා සහතික පාඨමාලාව මගින් ලැබෙන වාසි පිළිබඳත් අදහස් දක්වා තිබේ.
 

WhatsApp Image 2021 04 04 at 7.22.02 PM

 
 
 
සබැඳි පුවත :

 


 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්