'සිරස' මාධ්‍ය ජාලයට ලබාදෙන රජයට සම්බන්ධ සියලු ප්‍රචාරක දැන්වීම් වහාම ක්‍රියාත්මකවන පරිදි
අත්හිටුවීමට ආණ්ඩුවේ බලධාරීන් තීන්දුකර ඇත. ඒ ජනාධිපති කාර්යාලයෙන් ලැබුන නියෝගයකට අනුවය.
 
ඒ අනුව, 'සිරස' මාධ්‍ය හරහා ප්‍රචාරය කළ රජයේ බැංකු දැන්වීම් හා ලොතරැයි දැන්වීම් පවා අත්හිටුවා ඇත. 
 
රක්වාන ප්‍රදේශයේ පදිංචි භාග්‍යා අබේරත්න තරුණිය සිරස රූපවාහිණි නාලිකාවේ, ‘ලක්ෂපති’ නම් වැඩසටහනට සහභාගිවී එම වැඩසටහන අතරතුර දී සිංහරාජ පරිසර විනාශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් විකාශය  කිරීමත්, ප්‍රවෘත්ති විකාශයේදී විපක්ෂයට වැඩි ප්‍රචාරයක් ලබාදීමත් එවැනි තීන්දුවක් ගැනීමට හේතුවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
 
අප වාර්තාවන පරිදි ආණ්ඩුවේ මෙම දැන්වීම් කප්පාදුව නිසා 'සිරස' මාධ්‍ය ජාලයට මාසිකව අහිමිවන මුදල රුපියල් මිලියන 50කට ආසන්න බවට ගණන් බලා තිබේ.
  
සිරසට මෙය අලුත් අත්දැකීමක් නොවන අතර වරින්වර පවතින ආණ්ඩුවලින් සිරස ආයතනයට මෙවැනි තර්ජන එල්ලවූ අවස්ථා බොහෝය. 
 
ඇතැම් අවස්ථාවලදී මර්වින් සිල්වා වැනි දේශපාලකයින් ලවා සිදුකෙරෙන තර්ජන පමණක් නොව ආයතනයට ගිනිතැබීම දක්වා වූ අත්දැකීම් සමුහයකට 'සිරස' මිට ඉහතදී මුහුණ දී ඇත.
 
 
 
මොබිටෙල් ගැලවෙයි- ඩයලොග් පැමිණෙයි!
 
මෙවර දැන්වීම් අත්හිටුවිමේදී 'සිරස' නාලිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වූ 'ද වොයිස්' වැඩසටහනට අනුග්‍රහය දැක්වූ 'මොබිටෙල්' ආයතනයද ඊයේ වනවිට සිය අනුග්‍රාහක දායකත්වය ඉවත්කරගෙන ඇත.
 
එහෙත් විශේෂම කාරණය වන්නේ 'ද වොයිස්' හා 'ලක්ෂපති' වැනි සිරස වැඩසටහන් වල අනුග්‍රාහකත්වය ලබාගැනීමට පෞද්ගලික ආයතන කිහිපයක්ම මේවනවිටත් කැමැත්ත පළකර තිබීමයි. 

 

 


 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්