ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ ට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස
ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇත්තේ සීතා අරබේපොල රාජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීම මත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
 
සභාපති දමිත වික්‍රමසිංහ තමාව කිසිඳු අකාරයකින් මායිම් නොකර කටයුතු කරන බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන- නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ජනාධිපතිවරයා හමුවී අවස්ථා කිහිපයකදීම මැසිවිලි නගා ඇතැයි පැවසේ.
 
'' දමිත වික්‍රමසිංහත් ජනාධිපතිතුමාගේ හයිය අරන් වැඩ කරලා. ඇමතිතුමියට මැඩම් කියලා කතා කරන්නේවත් නැතිලු. සභාපති වැඩකරලා තියන්නේ එයා ඇමති වගේ. ඇමතිතුමිය පහුගිය කාලේ හරිම හිතේ අමාරුවෙන් හිටියේ. දමිතට සභාපතිකමෙන් ඉල්ලා අස්වෙන්න කියල ජනාධිපතිතුමා කිව්වේ එකයි. ඒ වෙනුවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති එතනට දාන්න ජනාධිපතිතුමා තීරණය කළා. '' යයි අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
 
 
සීතාගේ මරාලයක් නාමල්ගේ ඇඟේ ගසයි !
 
ඒ අනුව,  වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙසත්, තරුණ සේවා සභාවේ සභාපති තෙසර ජයසිංහ වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලෙසත් පත්කර රාජ්‍ය අමාත්‍යවරියගේ ගැටලුවට විසඳුමක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. 
 
ඒ, තරුණ සේවා සභාවේ සභාපති තෙසර ජයසිංහ හා විෂයබාර අමාත්‍ය නාමල් රාජපක්ෂ අතර කලක පටන් පවතින සිතල ගැටුමද සැලකිල්ලට ගනිමිනි. 
 
ජනාධිපතිවරයාගේ බලය අතට ගෙන කටයුතු කල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් තෙශර ජයසිංහ, විෂය බාර අමාත්‍ය නාමල් රාජපක්ෂව නොසලා හරිමින් කටයුතු කර කරන බවට පසුගිය කාලයේ චෝදනා එල්ලවී තිබිණ.
 
මෙලෙස රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ගේ සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද ජනාධිපති කාර්යාල නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
 
 
තෙසරගේ SMS එකට සීතා දීපු රීටන් එක ?
 
මේ අතර ජනාධිපතිවරයා විසින් වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස නම් කළ තෙසර ජයසිංහ එම තනතුර බාර ගැනීමටත් පෙරම සීතා අරබේපොල රාජ්‍ය අමාත්‍යවරිය සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.
 
ඒ, නව පත්වීම බාර ගැනීම සම්බන්ධයෙන් තෙසර ජයසිංහ විසින් සීතා අරබේපොල රාජ්‍ය අමාත්‍යවරියට යවා ඇති SMS  පණිවිඩයක, තමා ''ආණ්ඩුවේ තනතුරු බාර ගැනීමට ඉදිරිපත්වුනේ මාසිකව ලක්ෂ 4කට වැඩි ආදායමක් අහිමිකර ගැනීමෙන්''  බවට පුරසාරමක් සඳහන් කර තිබීම නිසාය. 
 
thesharaවහාම ඊට ප්‍රතිචාර දක්වා ඇති ඇමතිවරිය, තමා ආණ්ඩුවේ තනතුරු බාරගැනීමට පැමිණියේ දවසකට ලක්ෂ 4ක ආදායමක් අහිමිකර ගනිමින් බව දැනුම් දී තිබේ. 
 
මේ අතර ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නම් කර ඇති දමිත වික්‍රමසිංහට විෂය බාර අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මේදක්වා ඊට අදාල පත්වීමේ ලිපිය ලබාදී නොමැත. 
 
පත්වීමේ ලිපිය ලබාදීමට පෙර ඔහු සමග කතාබහ කර එකඟත්වයක් ඇතිකර ගතයුතු බව නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ අදහස වී ඇතයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
 
සීතා අරබෙපොල හා දමිත වික්‍රමසිංහ 'වියත්මග' සාමාජිකයින් වන අතර තෙශර ජයසිංහ 'එකමුතුව' නමැති සංවිධානයේ කැඳවුම්කරු වේ. 
 
 ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙස තෙශර ජයසිංහ පත් නොකරන ලෙස ආණ්ඩුවේ ප්‍රබලයින් ගණනාවක් ඉල්ලා සිටියදී ඔහුව එම තනතුරට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ තනි අභිමතයට අනුවය. 
 
 
 
 
සබැඳි පුවත:
 
 
 

 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්