වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය
සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
රන්ජන් රාමනායකට සිරදඬුවම් නියම වී ලබන අප්‍රේල් මස 12 වනදාට මාස තුනකි.
රීට් පෙත්සමට අදාළ නියෝගය පසුගිය 31 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත්, නියෝගය පිළියෙළ කර නොමැති බැවින් එය අද දිනය දක්වා කල් තැබීමට අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.
සිහිනය බොඳ වේද ?
සිර දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉදිරි සතියේ දි එක් දිනක් හෝ මැතිසබයට නැවත පැමිණීමට නොහැකි වුවහොත් එම මන්ත්‍රී ධූරය ඉබේම අහෝසි වි යන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
සාමාන්‍යයෙන් ඕනෑම මන්ත්‍රීවරයකු නොකඩවා මාස තුනක කාලයක් පාර්ලිමේන්තු රස්වීම්වලට සහභාගී නොවුවහොත් එම මන්ත්‍රීධූර ඉබේම අහෝසි වි යන්නේ යැයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන බව ද එම නිලධාරීහු කියති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි 12 වැනි දාය.
ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම්වලට අඛණ්ඩව මාස තුනක කාලයක් නොපැමිණීම සම්පූර්ණවන්නේ ලබන 12 වැනි දාටය.
THE LEADER TV
'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?
රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න