ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය ඊයේ දින සවස නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වූ අතර එය මඳ නොසන්සුන් තත්වයකින් පසු නිමාවට පත්විය.
තරඟකරු අංක 20, පුෂ්පිකා ද සිල්වා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර, කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ, රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසිනි.
 
 
 166275754 3823526464383020 281752968959225624 n
 
කෙසේ වෙතත්, ප්‍රභූවරුන් වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය. 
 
ඇය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.
 

 
 
 
 
කව්ද මේ කැරොලයින් ජූරි ?
 
 

Karloin 2021.04.05                               කැරොලයින් ජූරි

 
 
ඊයේ පැවති උත්සවයේදී පුෂ්පිකා ද සිල්වා ගෙන් කිරුළ උදුරාගත් කැරොලයින් ජූරි යනු  2020 ලෝක විවාහක රූ රැජිණයි. 
 
එම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වුණේ වසර 35කට පසුවයි.
 
2020 ලෝක විවාහක රූ රැජිණ අවසන් මහා තරගය පැවතියේ ඇමරිකාවේ ලස් වේගස්හිදී ය. 
 
එහිදී අවසන් මහා තරගයේ දී රටවල් 51 කින් සහභාගිව සිටි රූමතියන් සියලු දෙනා අභිබවමින් 27 හැවිරිදි එක් දරු මවක වන කැරොලයින් ජූරි, 2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ දිනා ගත්තා ය.
 
 දෙවැනි ස්ථානය අයර්ලන්ත රූ රැජිණටත්, තුන්වැනි ස්ථානය ඇමෙරිකාවේ වර්ජින් අයිලන්ඩ් හි රූ රැජිනටත් හිමි විය.
 
මීට පෙර විවාහක රූ රුජිණ කිරුළ 1984 දී ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේ රෝසි සේනානායකයි. ඒ, පළමු වරට පැවති විවාහක රූ රුජිණ තරගාවලියේ දීය.
 

WhatsApp Image 2021 04 05 at 9.45.11 AM

WhatsApp Image 2021 04 05 at 9.46.23 AM 1

 

 
THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්