ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ඊයේ (04) ගැටඹේ රාජෝපවනාරාමයේ
විහාරාධිපති හිමියන් බැහැදැකීමට ගොස් උන්වහන්සේ සමග පිළිසඳරකදී ආණ්ඩුව හා ජනාධිපතිවරයාගේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.
 
එස්.බී. දිසානායකගේ එම ප්‍රකාශයන් අද දිනයේ සමාජ මාධ්‍ය අතර දෙවැනි වන්නේ ඊයේ පැවති විවාහක රූ රැජිණ තරගයේ අවසානයේ සිදුවූ ගැටුමට පමණි.
 
ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති හිමියන් සමග පැවති පිළිසඳරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පැවසුයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමොන තරම් වැඩ කෙරෙනවා යැයි පැවසුවත් නිලධාරීන් සහ ඇමතිවරුන් අතින් ඒ කිසිවක් ඉටු නොවන බවයි.  
 
"දැන් පහුගිය දවස්වල ජනාධිපතිතුමා මේවා මේවා මේවා මේවා කරනවා, මෙච්චර දේවල් කරද්දිත් මිනිස්සු හොඳටම බනිනවා අපට කියලා කිව්වා. මං හොඳටම වැටිලා ඉන්නෙ, මොකද කියලා ඇහුවා. ලේකම්වරු ටිකත් හිටියා. 
 
ඒ පාර මං කිව්වා ඔබතුමා කිව්ව කිසිදෙයක් කෙරිලා නෑ කියලා. 
 
ඇයි එහෙම කියන්නෙ කියලා ඇහුවා. මං කිව්වා ඔය ඉස්සරහා ඉන්නෙ අධ්‍යාපන ලේකම්. දැන් ඔබතුමා කිව්වානෙ ජාතික පාසල් 1000ක් හදනවා කියලා, දැන් අහන්න කීයක් හදලා තියෙනවද කියලා. 
 
එකක්වත් නෑ ! 
 
ඊට පස්සෙ මං කිව්වා, දැන් ඉඩම්. ඔය ඉන්නෙ ඉඩම් ලේකම්. 15000 - 20000ක් දෙන්න තියෙනවා මිනිස්සුන්ට. ඒක තාම වෙලා නෑ. 
 
අපෙ හාමුදුරුවනේ, කිව්වත් වෙන්නෑ ! 
 
අධ්‍යාපනේ ජී. එල්. මොකවත්ම කරන්නෑ !
 
අපි හදාගත්ත ආණ්ඩුවනෙ අපෙ හාමුදුරුවනේ. වේගෙන් වැඩ කරන්න ඕනෙ අපෙ හාමුදුරුවනේ, එහෙම නැතුව බෑ" යනුවෙනුයි එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 


 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්