මෙරට පාම් ඔයිල් වගා කිරීමේ, නිෂ්පාදනයේ සහ විකිණීමේ නිරත ලැයිස්තුගත සමාගම් කිහිපයකම කොටස් මිල

ගණන් ඊයේ (06) දිනයේ දී පහළ යන ස්වභාවයක් දක්නට ලැබුණි.

 
දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පෙරේදා (05) දින නිකුත් කළ නිවේදනය මිට බලපෑ ඇති බව කොටස් වෙළඳපල ප්‍රකාශකයකු පැවසිය.
 
 
ඒ අනුව විල්මාර් සහ සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමට අයත් වටවල වැවිලි සමාගමේ කොටසක මිල රු. 53.00 ක් දක්වා 7.83% කින් ද නමුණුකුල වැවිලි සමාගමේ කොටසක මිල රු. 166.00 දක්වා 8.92%% කින්, අගලවත්ත වැවිලි සමාගමේ කොටසක මිල රු. 27.20 දක්වා 2.86% කින්, හැටන් ප්ලාන්ටේෂන් සමාගමේ කොටසක මිල රු. 8.70 ක් දක්වා 2.25% කින්, ඇල්පිටිය වැවිලි සමාගමේ කොටසක මිල රු. 42.70 ක් දක්වා 3.17% කින් සහ සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමේ කොටසක මිල රු. 26.00 ක් දක්වා 3.70% කින් පහළ වැටී තිබේ.
  
වටවල වැවිලි සමාගම විසින් ලංකාවේ පැරණිම කටුපොල් වගාව වන නාකියාදෙනිය වත්ත පාලනය කරන අතර අගලවත්ත, නමුනුකුල සහ ඇල්පිටිය යන සමාගම් වල පාම් වගාවෙන් ලැබෙන බොරතෙල් සකස් කරනු ලබන්නේ AEN නැමති උප සමාගමක් මගිනි. 
 
එම පාම් තෙල් මාජරින් හා බේකරි වලට අවශ්‍ය මේද සකස්කිරීම සඳහා පිරිපහදු සමාගම්වලට ලබා දෙයි. 
 
දැනට මෙරට ප්‍රාදේශීය වතු සමාගම් 20 න් ඉහල ම ලාභාංශයක් ලබන්නේ මෙම පාම් ගස් නැතහොත් කටු පොල් වගා කර ඇති සමාගම් හතරයි.
 
පාම් තෙල් ආනයනය තහනම් කිරීමත් සමග දේශීය පාම් වගාකරන සමාගම්වල කොටස් මිල ඉහල  යා යුතු වුවත් ක්‍රමිකව වසර 10 ක් තුල පාම් වගාව ගලවා ඉවත් කල යුතු යයි ජනාධිපතිවරයා උපදෙස් දීම නිසා මෙම සමාගම්වල කොටස් මිල මෙසේ පහත වැටී ඇත. 
  
 
පාම් ඔයිල් ආනයන තහනම !
 
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් දෙනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පෙරේදා දිනයේ දී වැඩිදුරටත් දැනුම් දී තිබිණ.
 
එම තීරණයේ ක්ෂණික බලපෑම ද යම්තාක් දුරකට ඊයේ  (06) දින කොටස් වෙළෙඳපොළෙන් පිළිබිඹු විය.
 
 
BUKIT DARAH PLC:
 
ඒ අනුව BUKIT DARAH PLC හි කොටසක මිල රු. 312.75 ක් දක්වා 5.16% කින් යන ලදී.
 
 BUKIT DARAH PLC යනු CARSON CUMBERBATCH PLC හි ප්‍රමුඛ කොටස්කරුවා වන අතර CARSON CUMBERBATCH සමූහයට අයත් SHALIMAR (MALAY) PLC, INDO-MALAY PLC හා GOOD HOPE PLC යනු මැලේසියාවේ පාම් ඔයිල් වතු අයත් ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් තුනකි.
 
ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,280.27 ක් දක්වා ඒකක 62.44 කින් ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.87% ක වර්ධනයක් වේ.
 
 
 
විෂකාරක පොල්තෙල් පිටුපස පාම් තෙල් සමාගම්
 
මේ අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ, පොල්තෙල්වල විස කාරක ඇති බවට මතවාද පතුරුවා හැරීම පිටුපස පාම් ඔයිල් සමාගම් සිටින බවයි.
 
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එබව කියා සිටියේ, විස කාරක පොල්තෙල් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
පාම් ඔයිල් බද්ද වැඩි කර පොල්තෙල් බද්ද අඩු කිරීමට රජය ගත් පියවර හේතුවෙන් පාම් ඔයිල් සමාගම් මෙවැනි මතවාද සමාජගත කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය. 
 

 
 
 
සබැඳි පුවත් :
 

 

 


 

THE LEADER TV

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්