වධ හිංසාවට ලක් වු මාධ්‍යවේදියකු ලබා දුන් කට උත්තරයක් බලහත්කාරයෙන් වෙනස් කොට
අපරාධකරුවන් ගලවා ගැනීමට උත්සාහ දරන බවට පොලිසියට චෝදනා එල්ල වී තිබේ.
 
 තමන් වධ හිංසාවට ලක් වූ බවට සුජීව ගමගේ මාධ්‍යවේදියා කළ ප්‍රකාශය බලහත්කාරයෙන් වෙනස් කළ  කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (CCD) තමන් විහින්ම පුළුස්සා ගත් බවට ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවට ඔහුගේ නීතිඥයා චෝදනා කරයි.
 
 "මාධ්‍යවේදී සුජීව ගමගේට බලහත්කාරයෙන්  කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කට උත්තරය වෙනස් කරලා  පසුව ඔහු විසින් කරන ලද පැමිණිල්ල නොසලකා ඔහුව සැකකරුවෙක් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමක් කළා."
 
 නීතිඥ නාමල් රාජපක්ෂ එම චෝදනාව කළේ අප්‍රේල් 7 බදාදා මාධ්‍යවේදී සුජීව ගමගේ සමග ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
 
මාර්තු 10 දින නාඳුනන සිව් දෙනකු විසින් මාධ්‍යවේදියා පැහැරගෙන වධදී පුළුස්සා තිබුනු බව පැවසූ ඔහුගේ නීතිඥවරයා අගනගරයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ මාධ්‍යවේදී සුජීව ගමගේ සතුව තිබු වටිනා වීඩියෝපටයක්ද වධක පිරිස විසින්  පැහැරගෙන තිබු බවයි.
  
SGකෙසේවෙතත්, මාධ්‍යවේදියා විහින් පුළුස්සා ගත් බව තහවුරු කිරීම සඳහා පොලිස් මාධ්‍ය  ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මාධ්‍යවේදියා පුළුස්සා ගැනීම සඳහා යොදාගත් බව කියමින් නඩු භාණ්ඩයක් වියයුතු මේසන් හැන්දක් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රදර්ශනය කිරීමෙන් අපරාධයේ හවුල් කරුවකු වන බව නීතිඥ නාමල් රාජපක්ෂ තර්ක කළේය.
 
 "මාධ්‍යයට ඉදිරිපත් කළාට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ඇගිලි සලකුණු තමයි ඒ මේසන් හැන්දේ  තියෙන්නේ. එතකොට අපරාධකාරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශක බවට පත් වෙනවා."
 
 සුජීව ගමගේ  පැහැරගෙන ගොස්  වධ හිංසා කිරීමේ සිද්ධිය යට ගැසීමට ආණ්ඩුව උත්සාහ දරන බවටත් චෝදනා කරන නීතිඥ නාමල් රාජපක්ෂ වැඩි දුරටත් අවධාරණය කළේ වධ හින්සාවට ලක් වු මාධ්‍යවේදියාගේ  ප්‍රකාශනයේ නිදහසද අහිමි කර ඇති බවයි.
 
 වධ හිංසාවට ලක් කිරීමෙන් ඇතිවු  තුවාල වලට කොළඹ ජාතික රෝහලේ සතියක් තිස්සේ  ප්‍රතිකාර ලබමින් සිට මාර්තු 17 බදාදා හවස් යාමයේ රෝහලෙන් මුදා හැරීමෙන් පසු ප්‍රකාශයක් ලබා දීම සඳහා සිය බිරිඳ සමග කොළඹ පොලිස්  අපරාධ කොට්ඨාශයට කැඳවනු ලැබූ මාධ්‍යවේදී සුජීව ගමගේ එදින පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනි.
 
 පසුව ඔහු මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
 
පහර කෑමෙන් හා පිලිස්සීමෙන් ලත් තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා සත් දිනක් රෝහල් ගතවී සිටීමෙන් අනතුරුව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ (CCD)  ප්‍රශ්න කිරීමෙන්ද පීඩාවට පත්වූ මාධ්‍යවේදී සුජීව ගමගේ පසුව පවසා තිබුනේ  තමන්ට සිදුවූ අපරාධය ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස ඔහුගේ බිරිඳ නයනි ගමගේටද තර්ජනය කරන ලද බවයි.
  
“වොයිස් කට් දීලා තිබුනොත් ලොකු ප්‍රශ්නයක් වෙයි අනිත් එක ඔයාගේ මහත්තයාට එලියට එන්න හම්බ  වෙන්නෙත් නෑ,” යි CCD නිලධාරීන් ප්‍රකාශ කළ බව සාධාරණ සමාජයක් සඳහා මාධ්‍යවේදියෝ විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී සුජීව ගමගේ පසුගියදා ප්‍රකාශ කර තිබුනි.

 


 

THE LEADER TV

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්