රටට විෂ ආහාර ගෙන්වීමේ සියලු වැරදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා
සේනාරත්න මත පටවා ඇගේ වැඩ තහනම් කර ආණ්ඩුව අත පිහදා ගැනීමේ උත්සාහයක නිරතවන බව වාර්තා වේ.
 
පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී රටට ගෙන්වන තවත් ආහාර පානවල විෂ අඩංගු බවත් සමාගම් වැටෙන නිසා ඒවා එළිදරව් නොකරන බව ඇය ප්‍රකාශ කළ අතර ඒ අනුව මේ වනවිට වස විස ආහාර පිළිබඳව රටේ ඉමහත් ආන්දෝලනයක් හටගෙන ඇත. 
 
පසුගිය කාලය පුරාම නීතිරීතිවලින් රිංගා යමින් එම විෂ සහිත ආහාර ආනයනය කර ඇති අතර ඒවා කිසිදු බාධාවකින් තොරව වෙළඳපොළට නිකුත් කර තිබේ.
 
ඒ බව තවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ ද ප්‍රකාශ කර ඇත.
 
රටට මෙම විෂ ආහාර ගෙන්වන ජාවාරම්කාර සමාගම් සමඟ කටයුතු කරන නිලධාරීන් සහ දේශපාලඥයන් හෙළිදරව් කරනු වෙනුවට සිද්ධිකා සේනාරත්න මත සියලු වරද පටවා ප්‍රශ්නයෙන් ලිස්සායාමට ආණ්ඩුව සූදානම් වෙයි.
 
 
''සිද්ධිකාට හරියට සිංහල බෑ.එකයි මේ ...'' – අමාත්‍යංශ ලේකම්
 
 bhgjh
ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවියක වාර්තාවක් 
 
 
මේ අතර කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජයන්ත ද සිල්වා පවසන්නේ, ඇෆ්ලටොක්සීන් නම් පිළිකාකාරකය බොහෝ ආහාරවල ඇතුළත් සංඝකටයක් බවයි. 
 
 
ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න සිදුකරන ප්‍රකාශයෙහි සත්‍යයක් නොමැති බවත් ඇයට සිංහල භාෂා භාවිතයෙහි ගැටලුවක් ඇති බවත් ජයන්ත ද සිල්වා සඳහන් කරයි.
 
එසේ ම ජනාධිපතිවරයා ද කිසියම් දත්ත සඟවා ඇත්නම් වහාම රටට හෙළි කරන ලෙස දැනුම් දුන් බවත් එවැනි සැඟවූ දත්ත නොමැති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
 
අද (07) ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයින් කර්මාන්ත අමාත්‍යංශයට කැඳවා සිදුකළ පැහැදිලි කිරීමක දී ඔහු මේ බව අනාවරණය විය.

 

 


 

THE LEADER TV

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්