ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර ඇප මත මුදාහැරීමට
කුරුඳුවත්ත පොලිසිය කටයුතු කර තිබේ.
 
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන අනුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද (08) පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසියට කැඳවා චෝදනා 03ක් යටතේ ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබිණ.
 
අනතුරුව අත්අඩංගුවටගත් කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස් කළේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසූවේ, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගත් බවය.
 
2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය.
 
ඇයට කිරුළ පැලඳවූයේ ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසිනි.
 
නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවය. 
 
ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත්කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය.
 
මේ අතර ඉකුත් 6 වනදා කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා පැවසුවේ තමා දික්කසාද වී නොමැති බවය.
 
 
 
පුෂ්පිකා - කැරොලින් සාකච්ඡා අසාර්ථකයි
 
kdflm
 
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තමන් කිරුළු පැළඳූ අවස්ථාවේ එය බලහත්කාරයෙන් ගලවාගත් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර සමඟ සාකච්ඡා කර සමථයකට පත්වීමට උත්සාහ කළත් එය අසාර්තකවීම නිසා නීතිමය පියවර ගැනීමට තීරණය කළ බව විවාහක රූ රැජිණ වූ පුෂ්පිකා ද සිල්වා පැවසූවාය.
 
ඔවුන් දෙදෙනා සමඟ සමාදානවීමට පැය හතරක පමණ කාලයක් උත්සාහ කළත් තමාට කළ අපහාසය සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට ඔවුන් අකමැතිවීම නිසා තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය කීවාය.
 
පුෂ්පිකා ද සිල්වා රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ල විභාග කිරීමට ඇය සහ සහ කැරොලින්වි ජූරි, චූලා පද්වාමේන්ද්‍ර මහත්මීන් කුරුඳුවත්ත පොලීසියට අද (8) උදෑසන කැඳවා තිබූ අතර පොලිස් ස්ථානයෙන් ආපසු පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.
 
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ පුෂ්පිකා ද සිල්වා ලබාදුන් පිළිතුරු මෙසේය.
 
ප්‍රශ්නය:
මොකද අද සිදුවුණේ
 
 
පිළිතුර:
අපි පැය 4ක් පමණ උත්සාහ කළේ දෙපාර්හවය අතර සමතයකට එන්නයි. මට මේ දේ වැඩිදුර ගෙනියන්න ඕනෙ වුණේ නැහැ. මම වගේම ඔවුනුත් දරුවන් ඉන්න අම්මලා නිසා මට අවශ්‍ය වුණේ මේ ප්‍රශ්නය නවත්වන්නයි. මා අපකීර්තියට පත්කිරීම ගැන මාධ්‍ය සාකච්ඡාවකින් හෝ මගේ නම කියා සමාව ඉල්ලන්නැයි මම ඔවුන්ට කීවා. ඔවුන් එයට කැමති වුණේ නැහැ.
 
මෙයින් මහ අසාධාරණයක් වෙන නිසා නීතිමය පියවර ගැනීමට මමත් මගේ නීතීඥවරියත් තීරණය කළා.
 
ඔවුන් මාව වේදිකාවක් උඩ අපහසුතාවයට පත්කළේ ලෝකයක් බලා සිටියදී. එයින් මා ‍මානසිකව වැටුණා. ඒ වුණත් මට ඔවුන් දෙදෙනා අපහසුතාවයට පත්කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒත් ඔවුන් එයට අකමැති වුණ නිසා මට කරන්න දෙයක් නැහැ. ඒ ඔවුන්ගේ කර්මය වෙන්න ඇති. 
 
මම සැමවිටම හිතන්නේ ඔවුන් ගින්දර නම් මම වතුර කියලයි. හැමෝම කැමති වතුරට මිස ගින්දරට නෙවෙයි. මම ඔවුන්ට හැමදාම සමාව දෙනවා. මට සමාව දෙන්න පුළු්වන්ත නමුත් අමතක කරන්න බැහැ.
 
 
ප්‍රශ්නය:
කැරොලින් ජූරි ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව කියනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
 
පිළිතුර
ඒ ගැන මම දන්නේ නැහැ. ලෝක රූ රැජිණ සංවිධායකයින් විසින් ගතයුතු තීන්දුවක් තිබෙනවා නම් ගනීවි.
 
 
 
ප්‍රශ්නය
නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කුමන චෝදනා යටතේද?
 
පිළිතුර
ඒ ගැන පොලීසියේ සඳහන් කර තිබෙනවා.

 

(Photos - Lankadeepa)


 

THE LEADER TV

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්