ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු අකාරය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ
හමුවී තීන්දුවක් ගැනීමට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ එකළොහක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (08 වැනිදා) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී එකඟත්වයට පැමිණ ඇත.
 
මෙම පක්ෂ නායකයින් හා අගමැතිවරයා අතර විශේෂ  සාකච්ඡාවක් අප්‍රේල් 19 පෙරවරු 10 ට පැවැත්වීමට නියමිතය.  
 
ඊයේ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, අතුරලියේ රතන හිමි සහ ගෙවිදු කුමාරතුංග යන මැති ඇමැතිවරු එම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
මෙම දේශපාලන පක්ෂ එකොළහේ නායකයන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීමට එරෙහිව පළමු වරට ගොනු වූ අතර ඉන් පසු මසකට වරක් දේශපාලන පක්ෂ මූලස්ථානවල දී සාකච්ඡා පැවැත්විය.
 
 හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම සාකච්ඡා වටයට එක් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මීට පෙර රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පමණක් ශ්‍රීලනිපය නියෝජනය කරමින් එම සාකච්ඡාවලට එක් වූයේය. 
 
ඊයේ පැවති සාකච්ඡාවේදී මැයි දින රැලිය වෙනම පැවැත්වීමක් ගැන සාකච්ඡා කර නොමැත. ඒ සම්බන්ධයෙන් ද අගමැතිවරයා සමග සාකච්ඡාවේදී එකඟත්වයක් ඇතිකර ගැනීමට විමල් පිල බලාපොරොත්තු වේ.
 
 
දයාසිරි ආරක්ෂාකාරී පියවරක් ගනී !
DJ
'මේ සන්ධානය කඩා වෙන සන්ධාන හදන්නේ නෑ'' -ශ්‍රී.ල.නි.ප මහලේකම් 
 
මේ අතර ශ්‍රී.ල.නි.ප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය බිඳදමා වෙනත් සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හෝ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන වෙනත් පක්‍ෂවලට අවශ්‍යතාවයක් නැති බවයි.
 
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ කිහිපයක් වෙනම සන්ධානයක් ගොඩනැගීමට සාකච්ඡා කරන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ශ්‍රීලනිප ලේකම්වරයා අවධාරණය කර සිටියේය.
 
ආණ්ඩු පක්‍ෂ සන්ධානය කඩන්නට කිසිවකුට උවමනාවක් නැතැයි කී දයාසිරි ජයසේකර, පසුගිය දිනවල පක්‍ෂ 10ක පමණ ප්‍රමාණයක් යම් යම් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීම වෙනම සන්ධාන හදන ක්‍රියාවලියක් නොව ආණ්ඩුව ශක්තිමක් කිරීමේ ක්‍රියාවලියක් බව ද කියා සිටියේය.
 
එහි අරමුණ 69 ලක්‍ෂයක් වන ඡන්ද දායකයින්ට සාධාරණයක් ඉටුකිරීම මිස ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම නොවන බව ද හෙතෙම අවධාරණය කලේය.
 

THE LEADER TV

 

මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්