සමාජ මාධ්‍ය තුල වරින්වර අලුත් අත්හදාබැලීම් සිදුකරන මාධ්‍යවේදිනී හිමාශි කරුණාරත්න විසින් https://www.colomboplus.com නමින් මෙවර ද නැවුම් ආකාරයෙන් යුතු වෙබ් අඩවියක් එළිදක්වා ඇත.
මිට ඉහතදී mirrorgirl.lk, lankadaily.lk, her.lk ආදී ලෙසින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි ගණනාවක් ප්‍රකාශයට පත්කළ හිමාෂි, මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ 'ලංකා' පුවත්පත හරහාය. අනතුරුව 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියේ විශේෂාංග සංස්කාරක වරියක ලෙසද ඇය කටයුතු කළාය .
https://www.colomboplus.com වෙබ් අඩවිය තුලින් කාන්තාවන් ප්‍රසිද්ධියේ කතාකිරීමට මැලිකමක් දක්වන සෞඛ්‍යමය හා ලිංගිකත්වය සම්බන්ද කාරණා සාකච්ජා කිරීමට බලාපොරොත්තුවන බව හිමාෂි පවසන්නීය.
හිමෂිගේ අලුත් වැඩේට 'ද ලීඩර්' උණුසුම් සුබපැතුම් ...
අමාරුවෙන්ම අතෑරපු අතාරින්න සිදුවන දේවල්....
https://www.colomboplus.com වෙබ් අඩවිය එළිදැක්වීම සම්බන්ධයෙන් ඇය විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.
'' මාධ්‍ය ක්ෂේත්රයේ අමාරුවෙන්ම අතෑරපු අතාරින්න සිදුවන දේවල් කිහිපයක් මගේ ජීවිතේ තිබුණා. පළවෙනි එක ලංකා පත්තරේ, ඒක තමයි මගේ ආරම්භය සහ මම පෝෂණය උණු තැන.
පස්සේ මගේ වෙබ් සයිට් එක mirrorgirl, අන්තිමට එහෙම වේදනාවෙන් අතෑරපු දේ තමයි මගේ නිවුස් සයිට් එක lankadaily..
පස්සේ කාලයක් කිසිම වෙබ් එකක් නොකර ඉඳලා පටන් ගත්තු වෙබ් එක තමයි her.lk, ඒක ඇත්තටම මට අතාරින්න ඕන කමක් තිබුණු වෙබ් සයිට් එකක් නෙමෙයි. මට එකම කණ්ඩායමක් කියලා හිතන් හිටිය කණ්ඩායමක් ඇතුලේ බෙදීමක් හදාගන්න උවමනාවක් නැතිනිසා අතෑරපු වෙබ් එකක්.
ඒ නිසා මේ කණ්ඩායමක් කල්ලි වලින් ඈත්වෙලා කරන්න Janaranga ට කියලා මම හදාගත්තු වෙබ් එක අද නිළ වශයෙන් එළිදක්වනවා. ඒක තමයි https://www.colomboplus.com
#her #mirrorgirl වගේම කාන්තාවන් කතාකරන්න අකමැති සෞඛ්‍යමය හා ලිංගිකත්වය සම්බන්ද කාරණා වගේම තව හුඟාක් දේවල් වෙබ් එක හරහා කතා කරන්නයි බලාපොරොත්තුව.
ඒ වගේම ඕන කෙනෙකුට ඕන දෙයක් කතාකරන්න අපේ වෙබ් එකේ ඉඩ තියෙනවා. තාම update කරගෙන අඩුපාඩු හදාගනිමින් ඉන්නේ. යෝජනා චෝදනා උනත් තියෙනවානම් කරන්න. මේක ආදරණීය ඉල්ලීමක් ..
මෙන්න link එක - www.colomboplus.com
ප.ලි : අතාරිද්දිත් අල්ලගනිද්දිත් හැමවෙලාවෙම පස්සෙන් ඉන්න යාලුවා Thushara තුශියා thank you මචං. ඒවගේම මොනවා හරි කරමු කියන කියන වෙලාවට වෙබ් හදලා දෙන්න ඉන්න මගේ කොල්ලා janaranga, thank you.. නොලියම බැරි Rasika අයියා, මෙච්චර කාලයක් වෙබ් හද හද දුන්නු ආදරණීය සහෝදරයා ඔයාටත් මගේ ස්තූතිය
THE LEADER TV
හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"
මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?