පිලිකා කාරක ඇෆ්ලටොක්සික් අඩංගු පොල්තෙල් ආනයනය කළ බවට හෙළිවී ඇති සමාගමක් විසින්
ආනයනය කරන ලද තවත් පොල් තෙල් තොගයක නියමිත ප්‍රතිශතයට වඩා ඇෆ්ලටොක්සික් අඩංගු බවට හෙලිවී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම පොල් තෙල් සාම්පල වලට සිදු කරන ලද පරීක්ෂණ වලින් මේ බව සනාථ වූ බවයි.
ඒ අනුව, ශ්‍රී ලංකා රේගුවට වාර්තාවක් මගින් මේබව දැනටමත් දැනුම් දී ඇතැයි ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියා සිටී.
‘ඇෆ්ලටොක්සින්’ පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වූ බවට මුලින්ම චෝදනා එල්ල වූ සමාගම ද මෙයයි.
CID පරීක්ෂණ ඇරඹේ !
මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ.
ඒ අනුව නීතිපති උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහකාර පොලිස් අධිකාරීවරයකුගෙ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පත්කර තිබේ.
'කැවුම් - කොකිස් කෑවොත් මැරේවි'..- ෆොන්සේකා
මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්, 'සමගි ජන බලවේගය' පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කියා සිටියේ, ''අද කොකිස් එකක් කා පොල්තෙල් ටිකක් බිවුවා නම් මැරෙන්නට හැකි'' බවයි.
වත්මන් ආණ්ඩුව විසින් දැන් දිවි නසා ගැනීම අවුරුදු මේසයටම ගෙනත් දී ඇතැයි ඔහු පැවසීය.
එය ඉතා භයානක තත්ත්වයක් බවත් රජය විසින් එය සැහැල්ලුවට ගෙන් ඇති බවද පැවසූ මන්ත්‍රීවරයා, මැති ඇමතිවරුන් ආනයනික පිරිසිදු පොල්තෙල් භාවිතා කරමින් ජනතාවට විස සහිත පොල් තෙල් ලබා දෙමින් සිටින බවද කියා සිටියේය.
වෙළෙඳපොළේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නෑ..!
''වෙළෙඳපොළේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නෑ..! සාම්පල් 109 ම සෞඛ්‍යාරක්ෂිතයි.''– රාජ්‍ය ඇමැති අලගියවන්න
එසේ ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී බව විපක්ෂය විසින් කරන එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රජය පවසන්නේ, වෙළෙඳපොළට ඇෆ්ලටොක්සීන් ඇතුළත් පොල්තෙල් නිකුත් වී නොමැති බවයි.
පසුගියදා අහඹු ලෙස ලබා ගත් පොල්තෙල් සාම්පල් 109 හි ඇෆ්ලටොක්සීන් අන්තර්ගත නොමැති බව තහවුරු වූ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසිය.
ඒ අනුව කිසිදු බියක් සැකක් නොමැතිව මේ උත්සව සමයේ පොල්තෙල් පරිභෝජනය කළ හැකි වාතාවරණයක් උදා වී ඇතැයි ඔහු සඳහන් කළේය.
THE LEADER TV
හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"
මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?