තහනම් හොර බඩු විශාල තොග සමග ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා දිගින් දිගටම අත් අඩංගුවට ගැනීමත් සමග
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳාමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වනු වනු ඇති බවට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් බිය පළකර සිටිති.
 
මාර්තු මස අගදී ලක්ෂද්වීප් දූපත්වල මිනිකෝයි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී ලංකාවේ බෝට්ටු තුනක් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමග එම අවදානම  තවත් ඉහළ ගොස් ඇත.
 
ඉන් අනතුරුව, ඉන්දීය ඉහළ පෙළේ නිලධාරීන් ශ්‍රී ලංකාවේ  ආරක්ෂක ලේකම්  ජෙනරාල් කමල් ගුණරත්න සමඟ ඒ පිලිබද පරීක්ෂණයේ තොරතුරු හුවමාරුකරගත් බවට තම අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට අකමැති ආරංචි මාර්ග ජේඩීඑස් වෙබ් අඩවියට පවසා තිබේ.
 
ඉහළ පෙළේ ඉන්දීය නිරීක්ෂකයන් කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ තිබෙන  බවද කියැවේ.
 
 undoc conducts vbss SL NAVY’S SPECIAL BOAT SQUADRON PARTICIPATES IN VISIT, BOARD, SEARCH & SEIZURE (VBSS) COURSE CONDUCTED BY UNODC
 
මෙම සමස්ත මෙහෙයුමේ ‘බාහිර හස්තයක්’ හෙළි කරන ‘අපරාධකාරී වන ලියකියවිලි’ ද තමන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්  දිවයින තුළ ‘බාහිර අනුග්‍රහය ලබන මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදයක්’ පැතිර යාම පිළිබඳව සිය ශ්‍රී ලාංකික සගයන් දැනුවත් කර ඇති බවත් ඉන්දීය නිලධාරීන් පවසා ඇත.
 
මෙහෙයුම සම්බන්ධ තොරතුරු දන්නා මූලාශ්‍රයන්ට අනුව එකී ‘අපරාධකාරී වන ලියකියවිලි’ මගින් මෙහි මෙහෙයුම් මාර්ගය, ඒවා බෙදාහැරීමේ ජාලය පිළිබඳ සිතියම් සහ සමහර නම්ද අනාවරණය වේ.
 
“බාහිර ඒජන්සිය ශ්‍රී ලංකාව තුල යටිබිම්ගත ඒකක පිහිටුවා ඇති අතර එය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳාමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇතැයි අපි බිය පත්ව සිටිමු,” යි ඔවුන් ජේ.ඩී.එස්. වෙබ් අඩවියට පවසා තිබේ.
 
අරාබි මුහුද දැන් ගෝලීය මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ කාර්යබහුල කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අතර නීති විරෝධී හොරබඩු මුහුද මැදදී යාත්‍රාවලට පටවා ගැනීම හොරබඩු ජාවාරම සඳහා වඩාත්ම ජනප්‍රිය ක්‍රමවේදයයි.
  
හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක්, ඒ.කේ. 47 ප්‍රහාරක රයිෆල් 5 ක් සහ පතොරම් දහස් ගණනක් රැගෙන ගිය රවිහන්සි නම් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාව දැන් දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ අගනුවර වන ත්‍රිවේන්ද්‍රම් ආසන්නයේ පිහිටා ඇති විළින්ජම් හි ඉන්දියානු වෙරළාරක්ෂක මුරපොළක රඳවා ඇත.
 
මෙම නීති විරෝධී භාණ්ඩ ඩොලර් මිලියන 400 ක් වෙතැයි ගණන් බලා තිබේ.
 
ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ (එන්.සී.බී) පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ ඉරානයේ චබහාර් වරායෙන් පටවා ඇති මෙම හෙරොයින් තොගය හා ගිනි අවි රවිහන්සි ධීවර යාත්‍රාවට බාර දී  ඇත්තේ ලක්ෂද්වීප් දූපත අසල මුහුද මැද දී බවයි.  
 
මෙම රවිහන්සි ප්‍රධාන බෝට්ටුව සමඟ චතුරානි 06 සහ නීලියා යන තවත් පරිවාරක බෝට්ටු දෙකක් ද පැමිණ තිබේ.
 
“මෙම අත් අඩංගුවට ගැනීම මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා අන්තවාදී කොටස් අතර ඇති අන්තර් සම්බන්ධතාවය හෙළි කෙරෙන” බව එන්සීබී සිය ප්‍රකාශයේ සඳහන් වෙයි.  
 
ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ ගල්ෆ් රටවලින් පිටත ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අරාබි මුහුදේ ක්‍රියාත්මක වීම පහසු වන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව වේගයෙන් ඩොලර් ප්‍රකෝටි ගණනක හොර බඩු වෙළඳාමේ ‘ගබඩා හා හුවමාරු මධ්‍යස්ථානය’ බවට පත්වෙමින් ඇති බවයි.
  
පසුගිය වසරේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 1600 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසා තිබේ.
 
2021 මාර්තු මාසයේදී ලක්ෂද්වීප් වෙරළට ඔබ්බෙන් වූ මහා පරිමාණ අත් අඩංගුවට ගැනීම් දෙකක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සිදු කරන ලද අතර මේ දෙකටම ශ්‍රී ලාංකික සම්බන්ධතාවයක් තිබුනි.
 
 
 
පස් දෙනෙක් අත්අඩංගුවේ
 
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක කොටසක් යැයි සැක කෙරෙන ශ්‍රී ලාංකික මුහුදු යාත්‍රා තුනක් මේ වසරේ මාර්තු මාසයේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය (ICG)  විසින් අල්ලා ගන්නා ලදී. ඒවායේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 19 දෙනකු සමඟ ආකර්ෂා දුව, චතුරානි -03 සහ චතුරානි -08 යන බෝට්ටුද රඳවා ගනු ලැබිනි.
 
ගුවන්විදුලි සංඛ්‍යාත හරහා සොයා ගන්නා ලද SMSI  98788158 සමුද්‍රීය ජංගම සේවා හැඳිනුම් අංකය දරන ආකර්ෂා දුව බෝට්ටුව අන්තර්ජාතික සමුද්‍ර තීරයට පැන ගන්නට උත්සාහ කළ නමුත් එය පසුපස හඹා ගිය ICG  නෞකාවේ වේගය හමුවේ අත් අඩංගුවට පත් වීමට පෙර යාත්‍රාවේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 250 කට අධික ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දුරකථනය මුහුදට දමා තිබේ.
 
india drug smugglers crop ඉන්දියානු බලධාරීන් පවසන්නේ ඩුබායි සිට ක්‍රියාත්මක වන්නේ යැයි කියැවෙන ‘සංජේ අන්නා’ නමැත්තා ආකර්ෂා දුව සහ රවිහන්සි සම්බන්ධ මෙහෙයුමේ මහ මොලකරු බවයි.
 
 
 
දැඩි ආරක්ෂාව යටතේ මූලික පරීක්ෂණ පැවැත්වෙන අතර, 'රවිහන්සි' යාත්‍රාවේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයේ  එල්.වයි.නන්දන, එච්.කේ.ජේ.බී.දේශප්‍රිය, ඒ.එච්.එස්.ගුණසේකර, එස්.ඒ.සෙනරත්, ටී.රණසිංහ හා ඩී.නිස්සංක නම් හය දෙනා නෛයාතංකරා උප බන්ධනාගාරයේ රඳවා ඇති අතර බෝට්ටු දෙක ICG අත්අඩංගුවේ තබා තිබේ.  
 
ආකර්ෂා දුව සහ රවිහන්සි හැරුණු විට අනෙක් බෝට්ටු හතර සහ ඒවායේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකමින්  නිදහස් කර තිබේ.
 
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) වාර්තාවක දැක්වෙන්නේ පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව හෙරොයින් ජාවාරම සහ ප්‍රවාහනය සඳහා ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් වී ඇති බවයි.
  
"පසුගිය දශකය පුරාම ශ්‍රී ලංකාව නිරිතදිග ආසියාවේ සහ ඉන්දියාවේ සිට උප මහාද්වීපයෙන් පිටත වෙනත් ගමනාන්ත වෙත හෙරොයින් නැවත පැටවීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර තිබේ. අත් අඩංගුවට ගැනීම් සහ අල්ලා ගැනීමේ සංඛ්‍යාවන් පිළිබඳ සරළ පරීක්‍ෂණයකින් වූව බැලූ බැලුමටම ලැබෙන සාක්ෂි වලින් පෙනී යන්නේ, කලාපයේ ජනගහනයට සාපෙක්ෂව පවතින ඉතා කුඩා ප්‍රමාණය සහ අල්ලා ගැනීමේ පරිමාව අනුව සලකා බලන කල පමණක් වුවත්, ශ්‍රී ලංකාව අසමාන ලෙස විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම් සඳහා වගකිව යුතු බවයි.  මේ අත්අඩංගුවට ගැනීම් විශාල වශයෙන් හෙරොයින් දෙසට නැඹුරුවී තිබේ."
 
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) මග පෙන්වීමෙන්,  යාත්‍රාවලට ගොඩවී සෝදිසිකර අත්අඩංගුවට ගැනීමේ  (VBSS) පුහුණු පාඨමාලාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එහි ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (GMCP) යටතේ පවත්වනු ලැබේ
 
 
 
මුලාශ්‍ර පුවත :
 

 

 

\


 

 

THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්