වසංගත සමයේ සේවකයන් අනතුරේ දැමු බ්‍රැන්ඩික්ස් ආයතනයට ණය ලබා දෙන්නේ නම් කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන කොන්දේසි පනවන ලෙස ලෝක බැංකුවෙන් කරන ලද ඉල්ලීමකට සාර්ථක ප්‍රතිචාරයක්
ලැබී ඇති බව වෘත්තීය සමිති නායකයෝ පවසති.
 
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමාගම වෙත ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණයක් ලබා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව දිවයිනේ ප්‍රමුඛ පෙලේ වෘත්තීය සමිති විසින් අනාවරණය කරනු ලැබුවේ කොල්ලුපිටිය ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ශාලාවේදී අප්‍රේල් 08 බ්‍රහස්පතින්දා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
 
නිදහස් වෙළඳ කලාපීය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ එම අයැදුමේ කොටසක් ලෙස බ්‍රැන්ඩික්ස් හට, වෘත්තීය සමිති හා සේවකයන්ට සම්බන්ධ වීමට ඇති අයිතිය සහ නිදහස  සහ සෞඛ්‍යය හා ආරක්ෂාව තහවුරු කිරීම යන කරුණු ඇතුලත්, පාරිසරික හා සමාජ සැලැස්මක් ඉදිරිපත් කිරීමට සිදුවු බවයි.
 
 
 
මෙම වසරේ මාර්තු මස අග දී, සිය සාමාජිකයන්ගේ සාක්ෂි ඇතුළුව වෘත්තීය සමිති විසින් ලෝක බැංකු සමූහයේ අංගයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ කෝවිඩ් -19 ව්‍යාප්තියට සමාගම වගකිව යුතු   බවයි.
 
 
කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් හි දැනට පවතින සැලැස්ම ප්‍රමාණවත් නොවන බවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව වෙත වෘත්තිය සමිති නායකයන් පැහැදිලි කර ඇත.
 
 
 
 
"අපි සැලකිලිමත් වන්නේ රැකියා ස්ථානයේ සෞඛ්‍යය හා ආරක්ෂාව ගැන පමණක් නොව, වෘත්තීය සමිති හා සම්බන්ධ වීමට ඇති අයිතිය ආරක්ෂා වීමද වැදගත්. එයට හේතුව නම්  කොවිඩ් -19 උපදේශන උල්ලංඝනය කිරීම් පිළිබඳව වූ මැසිවිලි ඉදිරිපත්  කිරීමට කම්කරුවන්ට තිබු  නොහැකියාව බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 ව්‍යාප්තියට සෘජුවම දායක වූ බැවිනි. මෙයින්  ILO c 87  සහ  C 98 මගින් තහවුරු වන මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට  බ්‍රැන්ඩික්ස් කළමනාකාරිත්වය මැදිහත් වීම පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි."
 
 
වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ තමන් ඉදිරිපත් කල ගැටළු වලට ඇහුම්කන් දෙන අතර මෙම ණය ඇගයීමේදී පැමිණිලි කරන ලද කාරණා ඔවුන් බැරෑරුම් ලෙස සලකන බවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ප්‍රතිචාරයෙන් පෙනී යන  බවයි.
 
"මෙම ණය මුදල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මණ්ඩලය විසින් එහි මුලික ප්‍රක්ෂේපිත දිනය කල් දමා ඇත."
 
 
ඉදිරිපත් කරන ලද පැමිණිල්ල මගින් වෘත්තිය සමිති වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් බ්‍රැන්ඩික්ස් වෙත ණය මුදල ලබාදීමේදී  කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට පූර්ණ ගෞරවයක් ලබා දෙන බවට සහතික විය යුතු බවයි.
 
මුලික ඉල්ලීම් තුනක් :
 
 
 
නිදහස් වෙළඳ කලාප වෘත්තීය සමිති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් මුලික ඉල්ලීම් තුනක් සිදු කර තිබේ.
 
01. සේවිකාවන්ට මෙම ව්‍යාප්තිය හේතුවෙන් සිදු වූ විශේෂිත බලපෑම් සොයා බැලීම සහ ඒවාට වැඩි අවධානයක් යොමු කිරීම,
 
02. අත්සන් කරන ලද සියලු‍ම වෘත්තීය සමිති හා කම්කරු සංවිධාන සමඟ ඒකාබද්ධව, සාර්ථකව හා යහපත් විශ්වාසයකින් යුතුව සාකච්ඡා ඉදිරියට පැවැත්වීම,
 
03. ණය ලබාගැනීම  සඳහා එහි පාරිසරික හා සමාජ ක්‍රියාකාරී සැලැස්ම සංශෝධනය කර, කම්කරු අයිතිවාසිකම් පිළිබඳ කාර්ය සාධන ප්‍රමිතිය 2 ට අනුකූලව සේවා ස්ථානවල සෞඛ්‍යය, ආරක්ෂාව හා වෘත්තීය සමිති හා සම්බන්ධ වීමට ඇති නිදහස සහතික කිරීම.
 
 
 
 
ඩාබිඳු සාමුහිකය, මානව විමුක්තිය උදෙසා සංවර්ධනය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, වාණිජ සහ කාර්මික සේවක සංගමය සහ නැව්කරුවන්ගේ ජාතික සංගමය යන වෘත්තිය සමිති එකතුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් මෙම ඉල්ලීම් සිදු කර තිබේ.
 
 
 
හය මසකට ඉහතදී ශ්‍රී ලංකාවේ කොවිඩ් දෙවැනි වසංගත රැල්ල ආරම්භ වුයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයන් 1400 න් 1000 කට අධික සංඛ්‍යාවකට වසංගතය ආසාදනය කරමිනි.
 
වෘත්තීය සමිති චෝදනා කරන පරිදි  2020 වසරේ ඔක්තෝබර් 19 වන දින බ්‍රැන්ඩික්ස් විසින් සෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රමවේදයන්හි අඩුපාඩු තිබේද යන්න පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා “විද්වත් මට්ටමේ ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක්” පත් කළ බව නිවේදනය කර, “මෙම සොයාගැනීම් ප්‍රසිද්ධ කර අවශ්‍ය පියවර ගනු ඇතැයි” ප්‍රකාශ කර මාය හය මසකට ආසන්න කාලයක් ගතව ඇතත්  එවැනි සොයාගැනීම් කිසිවක් මේ දක්වා  ප්‍රකාශයට පත් කර නොමැති බවයි.
 
බ්‍රැන්ඩික්ස් කෝවිඩ් -19 ව්‍යාප්තිය මගින් ඇඟලු‍ම් සේවකයන් අර්බුදයකට ලක් කළ අතර රටේ ආර්ථිකය පවත්වා ගෙන යන ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ සේවකයන් දිනපතා අවදානමට ලක් වන බවත් වෘත්තිය සමිති පෙන්වා දෙයි.
 
සේවකයන් පෙන්වා දුන් අවදානම් තත්වය බ්‍රැන්ඩික්ස් සාමාගම නොසලකා හැරීය බවට එම සමාගමට චෝදනා එල්ල වී තිබේ.
 
 
 
 
2020 සැප්තැම්බර් මාසයේදී කොවිඩ් -19 ව්‍යාප්තියට පෙර, කොවිඩ් -19 රෝග ලක්ෂණ කළමනාකරණයට වාර්තා කළ සහ නිරෝධායනය කිරීමට ඉල්ලා සිටි කම්කරුවන්ට නින්දා කිරීම, විවේචනය කිරීම සහ ඔවුන්ට ඇහුම්කන් නොදීම,කොවිඩ් -19 රෝග ලක්ෂණ වාර්තා කළ කම්කරුවන්ට දිගටම රැකියාවට පැමිණෙන ලෙස නියෝග කිරීම,  කොවිඩ් -19 සඳහා පූර්වාරක්ෂාවන් ලෙස උදාහරණයක් වශයෙන් පැවති එහි ආපනශාලාවේ භෞතික බාධක වැනි දේ ඉවත් කිරීම, කොවිඩ් -19 මාර්ගෝපදේශ උල්ලංගනය කරමින් කර්මාන්ත ශාලාවේ සේවකයින්  1400 දෙනා සඳහා සාදයක් පැවැත්වීම, නේවාසිකාගාරවල සමාජ දුරස්ථභාවය සඳහා පහසුකම් සැලසීමට හෝ ප්‍රවර්ධනය කිරීමට පියවර නොගැනීම සහ  නොසැලකිලිමත් බව යනාදි  චෝදනා  බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවකයන් විසින් එම සමාගමට එල්ල කර තිබේ.  
####################
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්