රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරයට වෙනත් අයකු හදිසියේ පත් නොකොට
ඒ සම්බන්ධයෙන් තවදුරටත් සටන් කළ යුතු බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීන්දුවක් ගෙන තිබියදී, ඉන් පැය කිහිපයකට පසු රන්ජන් රාමනායක ගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම දිවුරුම්දීමේ සිද්ධිය සජබ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ කනස්සල්ලට හේතුවී ඇතැයි එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු පැවසිය.
එම මන්ත්‍රීවරයා සඳහන් කර පරිදි අජිත් මාන්නප්පෙරුමට වහාම දිව්රුම්දීමට බලකර ඇත්තේ පක්ෂ නායකත්වය විසිනි.
මිට ඉහත දී ද සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නිදහස් දින රාජ්‍ය උත්සවය වර්ජනය කලයුතු යයි ඒකමතික තීන්දුවක් ගෙන තිබියදී පක්ෂ නායකයා සිය පවුලේ සාමාජිකයින් සමග එම උත්සවයට සහභාගි වූ බව එම මන්ත්‍රීවරයා තවදුරටත් පැවසිය.
'' අජිත් මාන්නප්පෙරුම පසුගිය දවස්වල අපේ ලොක්කත් එක්ක අමනාපයෙන් හිටියේ. මොකද අජිත්ගේ ආසනයේ ඉන්න පල්ලෙවත්තව අජිත්ටත් නොකියා පක්සේට ගත්ත එකට. ඉතින් අජිත්ව ෂේප් කරගන්න අපේ ලොක්කා අපි කාවවත් නොකියා අජිත්ට දිව්රුම් දෙන්න කියලා. මේ ගැන හරින්ලා ඉන්නේ පුදුම කලකිරීමකින්..'' එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.
හරීන් තීන්දුවක් ගන්න යයි ?
මෙවැනි තත්ත්වයක් තුළ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, හරින් ප්‍රනාන්දු පසුගියදා පැවති රැස්වීමකදී සඳහන් කර සිටියේ, එළඹෙන මැයි මස පළමු සතියේ දී තමන් රන්ජන් රාමනායක වෙනුවෙන් විශේෂ දේශපාලන තීන්දුවක් ගන්නා බවයි.
රන්ජන් රාමනායක සම්බන්ධයෙන් ඔය තරම්ම කැක්කුමක්, හරින් ප්‍රනාන්දුට තිබේනම්, ඔහු කළ යුත්තේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී ඔහුගෙන් පුරප්පාඩුවන මන්ත්‍රී ධූරය සදහා රන්ජන් රාමනායක පත් කරන ලෙස ඉල්ලා සිටීම බව රාජ්‍ය අමාත්‍ය කාන්චන විජේසේකර, පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසිය. ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද විවාදයට එක්වෙමිනි.
කාන්චන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයාගේ එම අභියෝගය භාර ගනිමින්, මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට හරීන් ප්‍රනාන්දු සූදානමින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
රන්ජන් රාමනායකට විශේෂ ජනාධිපති සමාවක් ලබා දී ඔහු නිදහස් කරන්නේ නම්, නැවත ඔහුට මන්ත්‍රී ධූරය ලබා ගැනීම සදහා අවස්ථාව සලසා දෙමින් තමන් ඉල්ලා අස්වන බවට හරීන් ප්‍රනාන්දු සහතික වී ඇත.
මැයි මාසයේ පළමු සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සුදානමින් සිටින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, එහිදී රන්ජන් රාමනායකට විශේෂ සමාවක් ලබා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.
රංජන් රාමනායකට යළි පාර්ලිමේන්තු පැමිණීමට සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ද මන්ත්‍රීවරයා සූදානම් වී ඇතැයි සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
රන්ජන්ට හිරේදි හිතුනු දේ’ ?
මේ අතර අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කරමින් අමාත්‍ය විමල් විරවංශ පැවසුයේ, ''විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති'' කියාය.
'' පසුගිය දවස්වල විපක්ෂයේ විකාරරූපී හැසිරීම පාර්ලිමේන්තුව තුළ දැකගත හැකි වුණා. රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහිමි වුණාම එක දවසක් කෑගහනවා. ඊළඟ දවසේ පුරප්පාඩුවේ වෙනත් අයකු දිවුරුම් දෙනවා. ඒ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, ‘බඩ කපාගෙන මැරෙන්න’ හිතෙන්න ඇති.'' ඇමතිවරයා කියා සිටියේය.
ජවිපෙ ආදර්ශය !
2010 මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව 'ප්රජාන්ත්රවාදී ජාතික සන්ධානයෙන් (DNA) තරඟ කල සරත් ෆොන්සේකා කොළඹ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද, රාජපක්ෂ රජය ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නිසා මන්ත්‍රී ධුරය අහිමිවිය.
එම අවස්ථාවේදී ජවිපෙ මාස ගණනක් පුරා ඊට එරෙහිව අරගල කළේය.
කෙසේවුවද, ෆොන්සේකා ගේ මන්ත්‍රීධූරය අහෝසි වූ බව මැතිවරණ කොමසාරිස්වරයා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා දැනුම් දීමෙන් පසු, එකී පුරප්පාඩු වී තිබු මන්ත්‍රීධූරයට එම පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රීක්කයේ ෆොන්සේකාට පසු වැඩිම මනාප ලබා සිටි ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුනආරච්චි නම් කර ගැසට් නිවේදනයක් ද ප්‍රකාශයට පත් කර තිබියදී පවා ජවිපෙ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාමාර්ග නොකඩවා ක්‍රියාත්මක කළේය.
අවසානයේදී එකී මන්ත්‍රී ධුරය බාර නොගැනීමට තීන්දු කල ජනතා විමුක්ති පෙරමුණ, ෆොන්සේකාගේ පක්ෂයේ නියෝජිතයාවූ ජයන්ත කැටගොඩට එකී මන්ත්‍රී ධුරය පිරිනමනු ලැබිය.
පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයේ ලක්ෂ්මන් නිපුණආරච්චි දිවුරුම් නොදෙන බව ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබිණ.
THE LEADER TV
අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?
හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"